"ක්‍රිස්තු පූර්ව පළමුවන සියවස" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
8 පේළිය:
==සමාලෝචනය==
සියවස තුලදී, මධ්‍යධරණී මුහුද වටා පිහිටි ඉතිරි සියළු නිදහස් භූමි ප්‍රදේශ, ක්‍රමයෙන් රෝමානු පාලනය යටතට නතු කරගනිමින්, ආණ්ඩුකාරවරුන් යටතේ සෘජු පාලනයට හෝ රෝමය විසින් පත් කරන ලද රූකඩ රජුන් යටතේ පාලනයට හෝ ලක් විය. රෝමානු රාජ්‍යය පවා අවස්ථා කිහිපයකදී සිවිල් යුද්ධයට ඇද දමනු ලැබුණු අතර, අවසනදී මෙම හේතුව නිසා, වසර 500 පැරණි ජනරජය ආන්තික කිරීම සිදු කෙරෙමින්, සමස්ත රාජ්‍ය බලය තනි පුද්ගලයෙකුට - අධිරාජයාට - පැවරිණි.
 
රෝමානු ජනරජය අවසන් මර ලතෝනි දෙමින්, [[ජූලියස් සීසර්]], [[මාර්ක් ඇන්ටනී]] සහ [[ඔක්ටේවියන්]] වැනි බලවත් පුද්ගයන්ගේ ඒකාධිපති පරමාර්ථ වලට ඉඩ දීම, එකල රෝමය වටා දැවෙමින් තිබූ අභ්‍යන්තර අරගලය මොනවට විදහා පෑය. අධිරාජ [[ඔගස්ටස්]] අධිරාජයා ලෙසින් ඔක්ටේවියන්ගේ බලයට පත් වීම, ඉතිසාහයේ සන්ධිස්ථානයක් වෙමින්, [[රෝමානු ජනරජය]] කෙළවර කරමින් [[රෝමානු අධිරාජ්‍යය]] ඇරඹීමට හේතු කාරක වූ බවට සැලකෙයි. සමහර ප්‍රාඥයින් මෙම සිද්ධිය හඳුන්වන්නේ [[රෝමානු විප්ලවය]] ලෙසිනි. [[ක්‍රිස්තියානි ආගම|ක්‍රිස්තියානි ආගමෙහි]] මධ්‍ය චරිතයක් වන [[ජේසුස් වහන්සේ|ජේසුස් වහන්සේගේ]] උපත සිදුවූයේද, මෙම සියවස අවසන හා සමග බව විශ්වාස කෙරෙයි.
"https://si.wikipedia.org/wiki/ක්‍රිස්තු_පූර්ව_පළමුවන_සියවස" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි