"මෛත්‍රී බුදුරජාණන් වහන්සේ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
11 පේළිය:
| නියත විවරණ දුන්නේ = [[මුහුර්ත බුදුරජාණන් වහන්සේ]]
}}
මේ මහා භද්‍ර කල්පයේ පහලවන අවසන් [[බුදුරජාණන් වහන්සේ]] වන්නේ [[මෛත්‍රී බුදුරජාණන් වහන්සේ]]ය. මුහුර්ත [[බුදුරජාණන් වහන්සේ]]ගෙන් පළමු වරට [[නියත විවරණ]] ලබා පාරමිතා පුරමින් පැමිණි ඒ [[මෛත්‍රී බුදුරජාණන්බෝසතාණන් වහන්සේ]] අවසන් වරට නියත විවරණ ලැබුවේ [[ගෞතම බුදුරජාණන් වහන්සේ]]ගෙන්ය.
 
==අවසන් වරට නියත විවරණ ලැබීම==
[[මෛත්‍රී බුදුරජාණන්බෝසතාණන් වහන්සේ]] අවසන් වරට [[නියත විවරණ]] ලබන්නේ [[ගෞතම බුදුරජාණන් වහන්සේ]]ගෙන්ය. එලෙස අවසන් වරට [[නියත විවරණ]] ලැබීමත් සමඟම උන්වහන්සේගේ [[පාරමිතා]] පිරීම අවසන් වන අතර [[බුද්ධත්වය]] ලැබීම සඳහා කල යුතු සියලුම කෘත්‍යයන් ඉටු කර අවසන් වේ.
 
[[ගෞතම බුදුරජාණන් වහන්සේ]]ගේ මව වූ [[මහමායා]] දේවිය මිය යෑමෙන් පසුව උපත ලබන්නේ තව්තිසා දිව්‍ය ලෝකයේ මාතෘ දිව්‍ය රාජයා නමිනි. [[බුදුරජාණන් වහන්සේ]] බුදු වී සත්වැනි වස් කාලය ගත කරන්නේ මාතෘ දිව්‍ය රාජයා ප්‍රධාන දෙවියන්ට [[අභිධර්මය]] දේශනා කරමිනි.
22 පේළිය:
එකල මෛත්‍රී බෝධිසත්වයෝ සංකස්ස පුරයේ සිරිවඩ්ඪන නම් කෙළෙඹි පුත්‍රයකුව සිටින්නාහ. දේවාවරෝහණ අවස්ථාවේ සිදුවන [[ගෞතම බුදුරජාණන් වහන්සේ]]ගේ සහ [[සැරියුත් රහතන්වහන්සේ]]ගේ විචිත්‍ර ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන ඔහු සියලු ගිහි සැප සම්පත් හැර දමා ගෞතම බුද්ධ ශාසනයේ මහණ වන්නේය.
 
මෙසේ පැවිදි දිවිය ගත කරන උන්වහන්සේට දිනක් ඉතා වටිනා සිවුරු දෙකක් පූජා පිණිස ලැබුණි. උන්වහන්සේ එම සිවුරු දෙක තම ප්‍රයෝජනය පිණිස නොගෙන, [[බුදුරජාණන් වහන්සේ]] වැඩ සිටි ගන්ධ කුටියේ වියනක් සාදා [[බුදුරජාණන් වහන්සේ]]ට පූජා කරති. එකල්හි බුදුරජාණන් වහන්සේ [[මෛත්‍රී බුදුරජාණන්බෝසතාණන් වහන්සේ]]ට අවසන් වරට නියත් විවරණ දීම සිදු කරයි.
 
==මෙලොව පහළ වීම==
සියලුම පාරමිතා පුරා අවසන් වූ [[මෛත්‍රී බුදුරජාණන්බෝසතාණන් වහන්සේ]] මේ වන විට වාසය කරන්නේ තුසිත දිව්‍ය ලෝකයේය. එය සියළුම [[බුදුරජාණන්මහා බෝසතාණන් වහන්සේ]]ලාට පොදු වූ ධර්මතාවයකි. [[මෛත්‍රී බුදුරජාණන්බෝසතාණන් වහන්සේ]] නැවත මෙලොව උත්පත්තිය ලබන්නේ මිනිස් ආයුෂ අසූ දහසක් වන කල්හිය.
 
එකල්හි බරණැස් නුවර ධන ධාන්‍යයෙන් ආඪ්‍ය වූ කේතුමතී නම් නගරයක් වන්නේය. සංඛ නම් වූ [[සක්විති රජ]] කෙනෙක් ඒ නගරය පාලනය කරන්නේය. ඔහුට අර්ථයෙන් ධර්මයෙන් අවවාද අනුශාසන කරන සුබ්‍රහ්ම නම් වූ පුරෝහිත බ්‍රාහ්මණයෙක් සිටින්නේය. එකල්හී සුබ්‍රහ්ම නම් බමුණාට දාව බ්‍රහ්මවතී බැමිණියගේ කුස තුල [[මෛත්‍රී බුදුරජාණන්බෝසතාණන් වහන්සේ]] ගැබ්ගනී.
 
==කුමාර විය සහ ගිහි ගෙයින් නික්මීම ([[අභිනිෂ්ක්‍රමණය]])==
"https://si.wikipedia.org/wiki/මෛත්‍රී_බුදුරජාණන්_වහන්සේ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි