"උද්ධමනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
131 පේළිය:
උද්ධමනය නිසා ආර්ථික දුර්විපාක එයට එක්වන සමාඡ දුර්විපාක වලින් තවත් තීව්‍ර වේ.අ‍දායම් රටාවන්වල ඇතිවන වෙනස්කම් ,සේවා වියුක්තිය ඉහල යෑම ආදිය නිසා සමාඡ දුර්විපාක උද්ධමනය නිසා ඡනිත වේ.තවද සීඝ්‍ර ලෙස පහත වැටෙන ඡනතා ඡීවන තත්වය නිසා දේශපාලන කරලිය තුලද මහා ඝට්ඨනයක් හා කැලඹීම් ඇති වේ.මේ නිසා ආර්ථික විද්වතුන්ගේ ඒකමතික අදහසනම්,තිරසාර ආර්ථික සංවර්ධනයක් ලගාකර ගැනීම සදහා අත්‍යාවශ්‍ය මුලික සාධක‍යක් ලෙස මිල ම‍ට්ටම්වල ස්ථායීතාවය පෙන්වාදිය හැකි බවයි.උද්ධමනයේ ආර්ථික ප්‍රතිවිපාක විවිධ වේ.ඒවා එකක‍ට එකක් වශයෙන් සම්බන්ධව පවතී.එක් උද්ධමන විචල්‍යයක ඇතිවන වෙනසක් තවත් විචල්‍යයක වෙනසකට හේතු වේ.උද්ධම‍න ප්‍රතිවිපාක කිහිපයක් පහත දැක්වේ.
 
**ආදායම් නැවත බෙදීයාමක් ඇති වීම.
උද්ධමන කාලයකදී ස්ථිර ආදායම්(වැටුප්) ලබන අයගේ මුර්ථ ආදායම්,විචල්‍ය ආදායම් ලබන අයට සාපේක්ෂව අඩුවේ.ස්ථිර ආදායම් ලබන අයගේ සිට විචල්‍ය ආදායම් ලබන අයට ආදායම් ප්‍රති බෙදීයාමක් හා ගලා යෑමක් දක්න‍ට ලැබේ.ණය ගැතියන් විසින් ගෙවන වාරික පොලී වල නාමික අග‍ය වෙනස් නොවුවත් ඒවා‍යේ මුර්ත අගය අ‍ගය අඩු වේ.එ‍ය මගහැරීමට තරම් අවශ්‍ය ප්‍රමාණයකට පොලී අනුපාත වැඩි නොවේ.
 
**උද්ධමනය මුල්‍ය වෙළදපලට අහිතකර බලපෑම් එල්ල කරයි
මුල්‍ය වත්කම් වල ආයෝඡනය හා ඉතිරිකිරීම් කිරීම සදහා කිසිම දිරිගැන්වීමක් උද්ධමන කාලයකදී ඇති නොවේ.ආයෝඡනය හා ඉතුරැම් අධෛර්යමත් වේ.සමහර අවස්ථාවලදී ඉතුරැම් සදහා ලැබෙන සත්‍ය ඵලදායී පොලිය සෘණ(-) අගයක් ගනී.එ‍සේ වන්නේ පොලී අනුපාත වල ඇති දැඩි බව නිසයි.පොලී අනු‍පාත උද්ධමන අනුපාතයට වඩා අඩු වන විට ණය සදහා විශාල අධි ඉල්ලුමක් ඇති වේ.එනිසා විශාල මුල්‍ය ප්‍රසාරණයක් ඇති වන බැවින් අධිකාරි විසින් ණය පාලනය කිරීමට උත්සුක වේ.
 
**ආර්ථිකය තුල නිෂ්පාදන රටාව වෙනස් වීම
උද්ධමනකාරී තත්වයක් මැඩ පැවැත්වීම සදහා රඡයක් විසින් කරනු ලබන සමාඡ පොදු කාර්යය,ආයෝඡන අඩු කිරීම් කරනු ලබයි.මෙම පොදු කාර්යය ආයෝඡනයක් කරනු ලබන්නේ ආර්ථික සංවර්ධනය උත්තේඡනය කිරීමටයි.ප්‍රමාණාත්මක පාලනයක් මගින් ආනයන සීමා කිරීම නිසා මෙම භාණඩ සදහා දේශීය වෙළදපල තුලට නැඹුරැ වීමක් දක්නට ලැබේ.‍දේශීය වෙළදපලේ එවැනි භාණඩ වර්ගයන්ට ලැබෙන ඉහල මිල ගනන් නිසා ආයෝඡකයින් මෙම ක්ෂේත්‍රවලට යොමු වීමක් දක්නට ලැබේ.තවද අනෙකුත් ක්ෂේත්‍රවලින් මෙම ක්ෂේත්‍රවල‍ට සම්පත් මාරැ කිරීමද දක්නට ලැබේ.මේනිසා ආයෝඡන ව්‍යුහය සහමුලින්ම අවුල් තත්වයට පත්වේ.
 
**උද්ධමනය නිසා මිල ක්‍රමයත් සම්පත් වෙන් කිරීමත් අවුල් වේ.
උද්ධමනකාරී තත්වයකදී සෑම මිලක්ම එක ලෙස ඉහල නොයයි.රඡයක් විසින් වැදගත් පාරිභෝගික භාණ්ඩ මෙම උද්ධමනකාරී ප්‍රවනතාවෙන් මුදවා ගැනීමට,මිල පාලනයන් ක්‍රියාත්මක කරයි.එනිසා සාපේක්ෂ මිල ගණන් හා සම්පත් වෙන් කිරීම ව්‍යාකූල වේ.පොදු මිල මට්ටම් සමග වැඩි වීමට ඉඩ නොදෙන භාණ්ඩ සදහා,ආයෝඡනය කිරීමට ආයෝඡකයන් අධෛර්මත් වේ.
 
"https://si.wikipedia.org/wiki/උද්ධමනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි