"උද්ධමනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
<!--
==උද්ධමනය යනු කුමක් ද?==
 
යම් කිසිකාල පරිචිඡේදයක් තුල ආර්ථිකයේ භාණ්ඩ හා සේවාවල සාමාන්‍යය මිල මටිටමේ අඛණ්ඩ වර්ධනය උද්ධමනය ලෙස හැදින් වේ.තාවකාලික ලෙස භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම උද්ධමනය ලෙස සලකනු ලබන්නේ තැත.උද්ධමනය රටින් රටට වේනස් වේ,දියුනු රටවල උද්ධමනය 2%- 3%ක මට්ටමක පවති,ඵය සාමාන්‍යය තත්වයකි නමුත් ඵය 8%- 9% පවති නම් ඵය උද්ධමනයේ සැලකිව යුතු තත්වයකි.
 
==උද්ධමනයෙ තිව්‍රතා==
 
 
===මන්දගාමි උද්ධමනය===
 
මිළ ගනන් සෙමෙන් වැඩිවන මෙය ආකාරයේ උද්ධමනයක් ඇති වේ. උදාහරණයක් ලෙස ලංකාවේ 1970 ගනන්වල මෙවැනි තත්වයක් පැවතින
 
===ජවන උද්ධමනය===
 
සියයට 20,100,200,අගය කින් උද්ධමන වේගය වැඩි නම් ජවන උද්ධමනය ඇති වේ. උදාහරණයක් ලෙස ආර්ජන්ටිනාව,බ්‍රසිලය වැනි රටවල 1980 ගනන්වල මෙවැනි තත්වයක් පැවතින.
 
===අතිධාවන උද්ධමනය===
 
ඉතා ඉහළ අගයක් සහිතව මෙය පවති. දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජර්මනිය තුල මෙය දක්නට ලැබින.
 
==උද්ධමනය මනින ලබන ප්‍රදාන ක්‍රම==
 
''මිල දර්ශක භාවිතා කර''
 
උදා-පාරි‍භෝගික මිළ දර්ශකය, නිෂ්පාදන මිළ දර්ශකය
 
''G.D.P අවධමනකය භාවිතා කර
''
 
==උද්ධමනයේ ප්‍ර‍භේද==
 
මෙය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුක්ත වේ.එනම්
 
ඉල්ලුමෙන් ඇදුනු උද්ධමනය
 
පිරිවැයේන් තල්ලු වු උදුධමනය
 
===ඉල්ලුමෙන් ඇදුනු උද්ධමනය===
 
කේන්සියානු න්‍යායට අනුව සමස්ත ඉල්ලුම ඉහළ යනවිට ඉල්ලුම් වක්‍රය දකුනට විතැන් විම නිසා ඉල්ලුමෙන් ඇදෙන උද්ධමනය ඇති වේ.එනම් සමස්ත ඉල්ලුම ඉහළ යන නිසා සේවා නියුක්තිය ඉහළ යයි .සේවා නියුක්තිය ඉහළ යන විට සමස්ත ඉල්ලුම ඉහළ යයි මෙහි දි මිලට ඇති වන බලපැම තිරනය කරනුයේ සමස්ත සැපයුම් වක්‍රයේ හැඩ යයි.
 
ඉල්ලුමෙන් ඇදුනු උද්ධමනය ඇති විමට බලපාන හේතු
 
#රාජ්‍යය හා පෞද්ගලික අංශයේ පරිභෝජන වියදම් ඉහළ යාම
#රාජ්‍යය හා පෞද්ගලික අංශයේ ආයෝජන වියදම් ඉහළ යාම
#මුදල් සැපයුම වැඩිව විම
#විදෙශිය ඉල්ලුම ඉහළ යාම
#සේවා නියුක්තිය ඉහළ යාම
 
මෙම හේතු සාදක මත සැපයුම වක්‍රය ස්ථාවරව තිබිය දි ඉල්ලුම වැඩි වි ඉල්ලුම් වක්‍රය දකුනට විතැන්වේ.එනම් ඉල්ලුම වැඩි නිසා,භාණ්ඩ හා සේවා මිල ඉහළ ගොස් උද්ධමනය ඇති වේ.
 
ඉල්ලුමෙන් ඇදුනු උද්ධමනය දෙයාකාරයේන් වෙනස් වේ
 
එනම්,
 
මුර්ත සාදක ආශ්‍රයේන්
 
මුල්‍යය සාදක ආශ්‍රයේන්
 
මුර්ත සාදක ආශ්‍රයේන්
 
AD=C+I+G+NX NX=(X-M)
 
AD-සමස්ත ඉල්ලුම
C-පරි‍භෝජනය
I-අයෝජනය
G-රාජ්‍යය වියදම්
NX-ශුද්ධ නිර්යාත
 
 
මෙහි එක් විචල්‍යයක් වෙනස් විමෙන් සමස්ත ඉල්ලුමට බලපානු ලැබේ.එය උද්ධමනය සදහා හේතු සාධක වෙනු ලැබේ
 
මුල්‍යය සාදක ආශ්‍රයේන්
 
සමස්ත ඉල්ලුම ඉහළ යන්නෙ මුදල් සැපයුම ප්‍රසාරනය විමේදිය.මෙහි දි මුදල් සැපයුම ඉහළ ගොස් මුදල් ඉල්ලුම නොවෙනස්ව පැවතිය හොත් පොලිය පහළ යයි.මෙහි දි අයෝජනය මෙන්ම පරිභෝජනය ද ඉහළ ගොස් සමස්ත ඉල්ලුම ඉහළ යාම තුලින් උද්ධමනය හට ගනි.
 
===පිරිවැයේන් තල්ලු වු උද්ධමනය===
 
 
පිරිවැයේන් තල්ලු වු උද්ධමන තත්වයක දි නශ්පාදන පිරිවැය ඉහළ යයි එවිට භාණ්ඩ හා සේවා සැපයුම පහළ ගොස් සාධක ඉල්ලුම ද පහළ යයි.මේ නිසා සමස්ත සැපයුම් වක්‍රය වමට විතැන් වේ.
 
 
පිරිවැයේන් තල්ලු වු උද්ධමනය ආකාර 04කි.
 
#වැටුපෙන් තල්ලු වු උද්ධමනය
#ලාභ තල්ලු වු උද්ධමනය
#අමු ද්‍රව්‍ය හා අතර මැදි භාණ්ඩ වල මිල ඉහළ යාමෙන් හට ගැනෙන උද්ධමනය
#විනිමය අව ප්‍රමානය විම හේතුවෙන් හට ගැනෙන උද්ධමනය
 
===වැටුපෙන් තල්ලු වු උද්ධමනය===
 
මෙහි දි උපකල්පනය කරන්නේ වැටුප් ඉහළ ගියත් ඵලදායිතාවය නොවෙනස්ව පවති යන්නය. ඉහළ වැටුප් සමඟ ඵළදායිතාවය ඉහළ ගියහොත් භාණ්ඩ ප්‍රමානයන් ඉහළයාම හේතුවෙන් මිළ ඉහළ නොයයි.
 
===ලාභ තල්ලු වු උද්ධමනය===
 
ඒකාධිකාරි වෙළඳපොල ස්වරුපයක් හෝ ද්වි අධිකාරි තත්වයක් හෝ සමාගම් කිපයක් පවතින අවස්ථාවක මෙවනි තත්වයක් ඇති වේ.ද්වි අධිකාරි හා කතිපයාධිකාරි සමාගම් අතර තරගයක් නම් ලාභ ලැබිය නොහැක එහිදි රහස් ගිවිසුම් වලට එළඹිමෙන් මිළ ඉහළ මට්ටමක පවත්වා ලාභ තල්ලු වු උද්ධමනය ඇති කල හැක.
 
==උද්ධමනය පිළිබද මුල්‍යය වාදින්ගෙ අදහස==
 
මෙහි දි අදහස් දෙකකි.එනම්
මුල්‍යය ප්‍රමාණවාදි අනුවාදය
මුදල් ප්‍රමාණවාදයේ නුතන අනුවාදය
 
===මුල්‍යය ප්‍රමාණවාදි අනුවාදය===
 
සම්භාව්‍යය අර්ථක විද්‍යයාව පාවිචිචි කරන ලද මුල්‍යය ප්‍රමාණවාදි අනුවාදය මෙමගින් නිරුපනය වේ.මෙහි මුලික සලකා බලනු ලබන්නේ
 
MV=PT බවයි,
 
M-මුදල් සැපයුම
V-මුදලේ සංසරන ප්‍රවේගය
P-මිළ මට්ටම
T-ගනුදෙනුවල පරිමාව
 
මෙය උපකල්පන දෙකක් මත විග්‍රහ කරයි
 
ගනුදෙනු වල පරිමාව පුර්ණ සේවා නියුක්ති මට්ටමෙ පවති
මුදලේ සංසරන ප්‍රවේගය දිගු කාලයේ ස්ථාවර අගයක් ගනි
 
මෙහි දි මුදල් සැපයුම ඉහළ යන්නේ නම් එම අනුපාතයේන් මිළ ඉහළ යයි.VහාT සඅථාවර යයි උපකල්පනය නොකලේ නම් මුදල් සැපයුම ඉහළ යන විට VහාTඉහළ යා හැක V පහළ යා හැක.මුදල් සැපයුම ඉහළ යාම හා මිළ මට්ටම ඉහළ යාම තුල ඍජු සම්බන්දතාවක් පවති.එහෙත් නිමවුම හෝ සේවා නියුක්ති මට්ටම වෙනස් නොවේ.
===මුදල් ප්‍රමාණවාදයේ නුතන අනුවාදය===
 
මෙහි දි සලකා බලනුයේ මුදල් වෙළද පොළ සමතුලිත නම්,
 
මුදල් ශේෂය=මුර්ත ශේෂය
 
මුර්ත ශේෂය සදහා ඉල්ලුම යනු මුදල් ඉල්ලුමයි,මේ සදහා බලපාන ලබන සාදක දෙකකි,
 
මුර්ත ආදායම
පොලිය
 
මෙහිදි මුර්ත ශේෂය යනු ද්‍රවශිල ආකාරයේන් මුදල් අත තබා ගැනිමය.මුර්ත ආදායම වැඩිවන විට ද්‍රව ශිලතාවයත් වැඩි වේ.මුදල් ඉල්ලුම හා මුර්ත ආදායම අතර අනුලෝම සබදතාවයක් ඇත.පොලිය වැඩිවන විට ද්‍රවශිලතාවය අඩු වේ.එවිට වැඩි පොලි ආදායමක් ඉපයිමට හැකියාව ඇත.මුදල් ඉල්ලුම හා පොලිය අතර ප්‍රතිලෝම සම්බන්දතාවයක් පවති.
නාමික මුදල් සැපයුම ඉහළ දමන විට මුල් අවස්ථාවේ මිළ වෙනස් නොවේ.මුර්ත මුදල් සැපයුම වැඩිවේ.මෙහි දි මුදල් ඉල්ලුම නොවෙනස්ව හා වෙළඳ පොළ අසම තුලිත තාවයක් පවති.මෙහි දි පොළිය වෙනස් වේ.මුදලේ මිල/පොලිය පහළ යයි,ආයෝජනය,පරිභෝජනය ඉහළ යන විට සමස්ත ඉහළ යයි.එවිට මිළත් ඉහළ යයි.ශ්‍රම ඉල්ලුම වැටුප් ඉහළ යයි එවිට නිශ්පාදන පිරිවැය ඉහළ යන විට මිළත් ඉහළ යයි.
==උද්ධමනයේ පිරිවැය==
 
මෙය පහත ආකාරය විස්තර කළ හැක.
 
#අපේක්ෂිත උද්ධමනය
#අනපේක්ෂිත උද්ධමනය
 
===අපේක්ෂිත උද්ධමනය===
 
උද්ධමනය පිළිබඳ අපේක්ෂාවන් තුළින් උද්ධමන හටගත හැක.අනාගතයේ ඉහළ උද්ධමනයක් අපේක්ෂා කළහොත්,
 
ශ්‍රමිකයන් ඉහළ වැටුප් ඉල්ලා සිටිම
පාරිභෝගික මිළදිගැනිම් ඉදිරියට ගෙන එයි
මෙම ක්‍රියාවලිය තුලින් උද්ධමන උත්තේජනය විය හැක
 
 
උද්ධමනය පිළිබඳ නිවරදි අපේක්ෂාවන් ඇති කරවිම සදහා දැනුම පැවතිය යුතුය හා ආර්ථකය ස්ථායි විය යුතුය.නිවරදි උද්ධමන අපේක්ෂණයන් ඇති ඇති කරගත හැකි නම් එවිට පවතිනුයේ
අපේක්ෂිත උද්ධමනයයි.
 
 
 
===අනපේක්ෂිත උද්ධමනය ===
 
මෙය ආකාර දෙකකින් ඇති විය හැක.
 
දැඩි උචිචාවචනයන්ට ආර්ථකය ලක් විමන් හා පුද්ගලයන් උද්ධමන අපේක්ෂණයන්ඇති කරලිමේ දොෂ නිසා.
 
==උද්ධමනය සාර්ව ආර්ථක විචල්‍යයන්ට බලපාන ආකාරය==
 
'''පරිභෝජනය'''
 
වර්තමාන උද්ධමනහන්ට වඩා අනාගත උද්ධමනය පහළ වේ යැයි සිතුවහොත් පරි‍භෝජනය පහළ දමයි. වර්තමාන උද්ධමනයට වඩා අනාගත උද්ධමනය ඉහළ වේ යයි සිතුවහොත් පරි‍භෝජනය ඉදිරියට ගෙනයයි එ තුලින්සමස්ත ඉල්ලුම ඉහළයාමෙන් උද්ධමනය ඇති වේ.
 
'''ඉතිරිකිරිම්'''
 
උද්ධමනය හේතු වෙන් ඉතිරි කිරිම්වල ක්‍රය ශක්තිය පහළ යයි
 
'''ආයෝජනය'''
 
උද්ධමනය නිසා නිශ්පාදන පිරිවැය ඉහළයන බැවින් ආයෝජනය පහළ යා හැක.එසේම උද්ධමනය හෙතුවෙන් අවිනිශ්තාව ඉහළයාම ආයෝජනය අඩුකිරිමට පෙළභෙ.
 
 
'''සේවා නියුක්තිය'''
 
මෙය ආකාර දෙකකින් බලපැම් ඇති වේ
 
සේවා නියුකතිය ඉහළ යාම තුලින්, එනම් මුල්‍ය ප්‍රසාරනය හො ෆිස්කල් ප්‍රසාරන ප්‍රතිපත්ති තුලින් සමස්ත ඉල්ලුම ඉහළ දමා ද.දේ.නි. ඉහළ දමා සේවා නියුකතිය ඉහළ යැම හේතුවෙන් ඉල්ලුම වැඩි වි උද්ධමනය ඇති විම
 
'''රාජ්‍ය අංශය'''
 
උද්ධමනය නිසා රාජ්‍යය වියදම් ඉහළ යයි
මුර්ත රාජ්‍යය අයභාරය පහළ වැටේයි
'''
අන්තර් ජාතික වෙළඳ පොළ‍‍'''
 
උද්ධමනය නිසා හේතු වෙන් ආයාත ලාභ වේ, නිර්යාත පිරිවැය වැඩි වේ එම නිසා ගෙවුම් ශේෂයට අහිතකර වේ.
 
==උද්ධමනය ආර්ථික වර්ධනයට බලපාන ආකාරය==
 
උද්ධමනය හේතු වෙන් නිෂ්පාදන පිරිවැය ඉහළ යන විට ලාභය පහළ යන අතර සමාගම් නිෂ්පාදනය වැඩි කිරිම හා ආයොජන කිරිමට මැලිවන නිසා අඩු අර්ථක වර්ධනයක් සිදුවේ.
 
උද්ධමනය හේතු වෙන් ශ්‍රමිකයන් ඉහළ වැටුප් ඉල්ලා සිටින අතර ඉහළ වැටුප් ලභා දුන් විට නිෂ්පාදන පිරිවැය ඉහළ යන අතර සැපයුම පහළ යයි.
 
උද්ධමනය හේතු වෙන් කුටුම්භවල ක්‍රය ශක්තිය පහළ යාම.එවිට සමස්ත ඉල්ලුම පහළ යන අතර නිමවුම හා සේවා සැපයුම පහළ යාම ආර්ථක වර්ධනයට අහිතකර වේ.
 
උද්ධමනය ආයාත හා නිර්යාත වලට බලපානු ලැබේ
 
==උද්ධමන පාලන==
 
*ඉල්ලුම් පාලනය
 
සමස්ත ඉල්ලුම් පහළ දැම්ම තුලින් උද්ධමන පාලනය කල හැක,මේ සදහා රාජ්‍යය වියදම් පහළ දැම්ම,බදු ඉහළ දැම්ම,සහනාධාර පහළ දැම්ම කළ යුතුය.
 
*මුදල් සැපයුම පාලනය කිරිම
 
මුදල් නිකුතුව සිමා කිරිම
මහා බැංකු ණය ලබා දිම සිමා කිරිම
විවෘත වෙළඳ කටයුතු තුලින් මුදල් සැපයුම සීමා කළ හැක
 
#වැටුප් සීමා කිරිම
#රජයේ මිළ පාලනය
#ඵලදායිතාවය ඉහළ දැමිම
 
==සබැඳි පිටු==
*[http://en.wikipedia.org/wiki/Inflation Inflation]
*[[ආර්ථිකය විශ්ලේෂණය]]
*[[උද්ධමනය]]
 
==අඩවියෙන් බැහර පිටු==
*[http://www.econlib.org/library/Enc/Inflation.html Inflation by Lawrence H. White]
 
-->
 
'''උද්ධමනය''' යනු අඛණ්ඩ සහ නිරන්තර සාමාන්‍ය මිල මට්ටමේ ඉහල යෑමක් ලෙස නිර්වචනය කල හැක. උද්ධමනය යන්න ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැක.
 
"https://si.wikipedia.org/wiki/උද්ධමනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි