"පළමුවන සියවස" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
9 පේළිය:
'''1 වන සියවස''' යනු, [[ජූලියන් දින දර්ශනය|ජූලියානු දින දසුන]] ප්‍රකාර, [[1]] සිට [[100]] වසර දක්වා පැවති [[සියවස]] විය. ''[[සම්භාව්‍ය යුගය|සම්භාව්‍ය යුගයෙහි]], වකවානුවෙහි, හෝ [[කාල පරිච්ඡේදය අනුව ඉතිහාසය |ඓතිහාසික කාල පරිච්ඡේදයෙහි]]'' කොටසක් ලෙසින් එය සැලකෙයි.
 
මෙම කාල පරිච්ඡේදය තුලදී, යුරෝපය, උතුරු අප්‍රිකාව සහ මෑත පෙරදිග යන ප්‍රදේශයන්, විතත ප්‍රවර්ධනයකට ලක්වී තිබූ [[රෝමානු අධිරාජ්‍යය|රෝමානු අධිරාජ්‍යයේ]] ඉමහත් ආධිපත්වයට නතු වූ අතර, [[ක්ලෝඩියස්]] ([[43]]) අධිරාජයා යටතේ , [[බ්‍රිටානියාව|බ්‍රිතාන්‍යය]] යටත් කිරීමකරගැනුම සංගණ්‍ය සිද්ධියක් විය. පූර්ව සියවසෙහි සිවිල් යුද්ධ අදාල ආරාවුල් වලින් පසුව පැමිණි, [[ඔගස්ටස්|ඔගස්ටස්ගේ]] දිගු රාජ්‍ය කාලය තුලදී හඳුන්වාදුන් ප්‍රතිසංස්කරණ නිසා, අධිරාජ්‍යය ස්ථායිකරණයට ලක් විය. [[ඔගස්ටස්]] විසින් ඇරඹුනු, [[ජූලියෝ-ක්ලෝඩියානු රාජ වංශය]], සියවසෙහි පසු කලෙකදී අභාවයට පැමිණියේ, [[68|වසර 68දී]] [[නීරෝ|නීරෝගේ]] මරණය හා සමගය. මින් පසුව පැමිණි, පසිඳු [[අධිරාජයන් සතර දෙනාගේ වසර]] නම්වූ සිවිල් යුද්ධයන් සපිරි සහ අස්ථායිභාවයේ කෙටි කාල පරිච්ඡේදයක්, සම්පූර්ණ වශයෙන් කෙළවර කරන ලද්දේ, [[ෆ්ලේවියානු රාජ වංශය|ෆ්ලේවියානු රාජ වංශයේ]] ආදිකර්තෘ සහ, 9වන රෝමානු අධිරාජයාවූ, [[වෙස්පේසියන්]] විසිනි. සාමාන්‍ය වශයෙන් ගත් කල, මෙම කාල පරිච්ඡේදය තුලදී, රෝමානු අධිරාජ්‍යය විසින් සෞභාග්‍යය සහ ආධිපත්‍යය හිමි කර ගත් අතර, 1 වන සියවස සැලකෙනුයේ අධිරාජ්‍යයේ ස්වර්ණමය යුගය ලෙසිනි.
"https://si.wikipedia.org/wiki/පළමුවන_සියවස" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි