"ෆීජි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
67 පේළිය:
 
නිල වශයෙන් ෆීජි සමුහාණ්ඩුව ලෙස හැඳින්වෙන ෆීජි දුපත් රාජ්‍යය දකුණු පැසිෆික් සාගරයේ මෙලනිශියාහි නවසීලන්ත උතුරු දිවයිනට නාවික සැතපුම් 1100 ( කි.මි. 2000; සැතපුම් 1300) ක් ඊශාන දිගින් පිහිටා ඇත. බටහිරින් වනුවාටු දිවයිනත් නිරිතදිගින් ප්‍රංශයේ නව කැලිඩෝනියාවත් ගිනිකොනින් නවසීලන්තයේ ක'මඩෙක් දිවයිනත් නැගෙනහිරින් ටොන්ගා දිවයිනත් ඊශාන දිගින් ස'මොවා, ප්‍රංශයේ වෝලස් සහ ෆුටුනා සහ උතුරින් ටුවලු දිවයින් එහි ලඟම අසල්වැසියන් වේ.
ෆීජි සමුහාණ්ඩුව දුපත් 332 කින් සමන්විත වන අතර ඉන් දුපත් 110 ක්ම ස්ථිර වාසය සඳහා යොදා ගැනේ. සමස්ථ භුමි ප්‍රදේශය වර්ග කිලෝමීටර 18,300ක (වර්ග සැතපුම් 7100) පමණ වන දුපත් 500කට අධික ප්රේමාණයකින් සමන්විත වන මෙහි දුරස්ථම දුව "ඔනුයි ලාවෝ" වෙයි. ප්රතධානප්‍රධාන දිවයින් දෙක වන විටි ලවු සහ වනුව' ලවු හි ජනගහනය 850,000ක් පමණ වන අතර එය ජනගහනයෙන් 87% කි. අගනුවර සහ විශාලතම නගරය වන සුවා නගරය විටි ලවු හි පිහිටා ඇත. බහුතරයක් ෆීජි වාසින් විටි ලවු දුවෙහි වෙරළාශ්‍රිත සුවා නගරය සහ කුඩා නගරබද නාදි සහ ලවු'ටෝකා වැනි ප්‍රදේශ ආශ්‍රිතව ජිවත් වේ. විටි ලවු දුවෙහි කුඩා භූමි ප්රාදේශය අධික ලෙස ජනාකීර්ණ වී ඇත.
ඝන වනාන්තර ඛනිජ වර්ග සහ මත්ස්‍ය සම්පතින් පිරි ෆීජි සමුහාණ්ඩුව පැසිෆික් දුපත් සමුහයේ දියුණුතම ආර්ථිකයකට හිමිකම් කියයි. වර්තමානයේ ප්‍රධාන විදේශ විනිමය උපයන මාර්ග වනුයේ සංචාරක කර්මාන්තය සහ සිනි අපනයන කර්මාන්තයයි.
 
"https://si.wikipedia.org/wiki/ෆීජි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි