"ෆීජි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ප්‍රවර්ගය:දූපත් රටවල් ඉවත් කරන ලදී. HotCat භාවිතයෙන්
No edit summary
66 පේළිය:
}}
 
නිල වශයෙන් ෆීජි සමුහාණ්ඩුව ලෙස හැඳින්වෙන ෆීජි දුපත් රාජ්‍යය දකුණු පැසිෆික් සාගරයේ මෙලනිශියාහි නවසීලන්ත උතුරු දිවයිනට නාවික සැතපුම් 1100 ( කි.මි. 2000; සැතපුම් 1300) ක් ඊශාන දිගින් පිහිටා ඇත. බටහිරින් වනුවාටු දිවයිනත් නිරිතදිගින් ප්‍රංශයේ නව කැලිඩෝනියාවත් ගිනිකොනින් නවසීලන්තයේ ක'මඩෙක් දිවයිනත් නැගෙනහිරින් ටොන්ගා දිවයිනත් ඊශාන දිගින් ස'මොවා, ප්‍රංශයේ වෝලස් සහ ෆුටුනා සහ උතුරින් ටුවලු දිවයින් එහි ලඟම අසල්වැසියන් වේ.
ශාන්තිකර සයුරේ, [[ඔස්ට්‍රේලියාව]] ආසන්නයේ ඇති දූපත් 844කින් සමන්විත රටකි. මෙහි 2007 වසරේදී ජනයා 837271ක් විසූහ. අගනුවර: [[සුවා]].
ෆීජි සමුහාණ්ඩුව දුපත් 332 කින් සමන්විත වන අතර ඉන් දුපත් 110 ක්ම ස්ථිර වාසය සඳහා යොදා ගැනේ. සමස්ථ භුමි ප්‍රදේශය වර්ග කිලෝමීටර 18,300ක (වර්ග සැතපුම් 7100) පමණ වන දුපත් 500කට අධික ප්රේමාණයකින් සමන්විත වන මෙහි දුරස්ථම දුව "ඔනුයි ලාවෝ" වෙයි. ප්රතධාන දිවයින් දෙක වන විටි ලවු සහ වනුව' ලවු හි ජනගහනය 850,000ක් පමණ වන අතර එය ජනගහනයෙන් 87% කි. අගනුවර සහ විශාලතම නගරය වන සුවා නගරය විටි ලවු හි පිහිටා ඇත. බහුතරයක් ෆීජි වාසින් විටි ලවු දුවෙහි වෙරළාශ්‍රිත සුවා නගරය සහ කුඩා නගරබද නාදි සහ ලවු'ටෝකා වැනි ප්‍රදේශ ආශ්‍රිතව ජිවත් වේ. විටි ලවු දුවෙහි කුඩා භූමි ප්රාදේශය අධික ලෙස ජනාකීර්ණ වී ඇත.
ඝන වනාන්තර ඛනිජ වර්ග සහ මත්ස්‍ය සම්පතින් පිරි ෆීජි සමුහාණ්ඩුව පැසිෆික් දුපත් සමුහයේ දියුණුතම ආර්ථිකයකට හිමිකම් කියයි. වර්තමානයේ ප්‍රධාන විදේශ විනිමය උපයන මාර්ග වනුයේ සංචාරක කර්මාන්තය සහ සිනි අපනයන කර්මාන්තයයි.
 
'''ආර්ථිකය'''
 
වනාන්තර ඛනිජ වර්ග සහ මත්ස්‍ය සම්පතින් සපිරි පැසිෆික් කලාපයේ දියුණුතම ආර්ථිකයකට හිමිකම් කියන රටක් වුවද ෆීජි ආර්ථිකය විශාල යැපුම් ආර්ථික අංශයකින්ද සමන්විත වේ. ෆීජි, දැව, මසුන්, රත්රන්, තඹ, වෙරළබඩ තෙල් සම්පත සහ ජලවිදුලිය වැනි ස්වභාවික සම්පත් රැසක් සහිත දිවයිනකි. ආර්ථිකයේ සීග්‍ර දියුණුවක් 1960 සහ 1970 දශකයන් වලදී ඇතිවූ නමුත් 1980 දශකය වන විට මන්දගාමී තත්වයකට පත්විය. 1987 වර්ෂයේදී සිදුවූ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය ආර්ථික වර්ධනය තවදුරටත් අඩු කිරීමට හේතු විය. කුමන්ත්‍රණයට පසුව සිදුවූ ආර්ථික ලිහිල්කරණය ඇඟළුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ විශාල වර්ධනයකට සහ නියත වර්ධන වේගයක් ලඟා කර ගැනීමට හේතු විය. නාගරීකරණය සහ සේවා අංශයේ පුළුල් වීම දළ දේශීය නිෂ්පාදනයේ මෑත කාලීන වර්ධනයට හේතු වී ඇත. ෆීජි සමුහාණ්ඩුවේ ආදායම සංචාරක කර්මාන්තය මත දැඩි ලෙස රඳා පවතින අතර කාර්මික ක්ෂේත්‍රයේ තුනෙන් එකක පමණ ප්‍රමාණයක් සීනි සැකසුම් කර්මාන්ත වලින් සමන්විත වේ.
 
'''ව්‍යවහාර මුදල්'''
 
ෆීජියානු ඩොලරය (ලකුණ: $; කේතය: FJD) 1969 සිට ෆීජිහි ව්‍යවහාර මුදල ලෙස භාවිත වන අතර 1867 -1873 අතර කාලයේදීද භාවිත මුදල විය. මෙය $ ලකුණින් දැක්වෙන අතර ඩොලර් ලකුණ සහිත අනෙකුත් ව්‍යවහාර මුදල් වලින් වෙන්කොට හඳුනාගැනීම සඳහා FJ$ ලෙසද දැක්වේ. FJ$ ඩොලර් එකක් ශත 100කට බෙදේ.
 
<references />
"https://si.wikipedia.org/wiki/ෆීජි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි