"ඩොමිනිකා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
61 පේළිය:
 
'''ආර්ථිකය'''
 
ඩොමිනකා හි ආර්ථිකය බොහෝ නිදහස් වන අතර එය සංචාරක හා කෘෂිකර්මය මත පදනම් වේ. කෙසෙල් සහ අනෙකුත් කෘෂිකාර්මික බෝග ඩොමිනිකානු ආර්ථිකයේ ඉදිරියෙන් පවතින අතර ශ්‍රම බලකායෙන් තුනෙන් එකක් පමණ කෘෂිකර්මාන්තයේ නියැලෙති. කෙසේ වුවද කාලගුණ තත්වයන්ගේ වෙනස්වීම් සහ පාරිභෝගික භාණ්ඩ පිරිවැයට බලපාන බාහිර සිදුවීම් මෙම ක්ෂේත්‍රයට දැඩිව බලපෑම් එල්ල කරයි. 2007 දී ඇතිවූ ඩීන් කුනාටුව නිසා රටෙහි කෘෂිකාර්මික ක්ෂේත්‍රය සහ මාර්ග පද්දතිය ඇතුළු යටිතල ව්‍යුහය දැඩි ලෙස හානියට පත් විනි.
 
'''ව්‍යවහාර මුදල්'''
 
නැගෙනහිර කැරිබියන් රාජ්‍යයන්ගේ සංවිධානයේ සාමාජික රටවල් නවයෙන් අටක් (ඇ.එ.ජ. ඩොලර් භාවිතාවන බ්‍රිතාන්‍ය වර්ජින් දුපත් හැරුණු කොට) භාවිතා කරන නැගෙනහිර කැරිබියානු ඩොලරය (ලකුණ: $; කේතය: XCD) මෙහි භාවිතා වන මුදල් වර්ගයයි. 1965 සිට බ්‍රිතාන්‍ය බටහිර ඉන්දීය ඩොලරයේ අනුප්‍රාප්තික මුදල් වර්ගය ලෙස පැවතෙන මෙය $ ලකුණින් දැක්වෙන අතර ඩොලර් ලකුණ සහිත අනෙකුත් ව්‍යවහාර මුදල් වලින් වෙන්කොට හඳුනාගැනීම සඳහා EC$ ලෙසද දැක්වේ. EC$ ඩොලර් එකක් ශත 100කට බෙදේ.
 
"https://si.wikipedia.org/wiki/ඩොමිනිකා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි