"අභයගිරි විහාරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
[[Image:අභයගිරි_විහාරය.JPG|thumb|450px|අභයගිරි විහාරය]]
'''අභයගිරි විහාරය''' ක්‍රි.පු පළමු සියවසේදී [[ලක්දිව]] [[වළගම්බා රජු]] විසින් කරවු විහාරයකි. ක්‍රි.ව. එකොළොස් වැනි සියවස දක්වාම හොඳින් ක්‍රියාත්මකව පැවතුණි.
==හැඳින්වීම==
 
මෙය පැරණි [[ඉන්දියාව|ඉන්දියාවේ]] පැවති නාලන්දා, ජගද්දලා, වික්‍රමශිලා වැනි බෞද්ධ ආරම්භක විශ්ව විද්‍යාල ගණයට ඇතුල් කළ හැකිය. ක්‍රි.පු පළමු සියවසේ [[වළගම්බා රජු]] විසින් '''අභයගිරි විහාරය''' කරවු අතර එකොළොස් වැනි සියවස දක්වාම හොඳින් ක්‍රියාත්මකව පැවතුණි. [[ගුණවර්මන්]] නැමති කාශ්මීර රජතුමාද, [[පාහියන්]] වැනි චීන ජාතික භික්ෂුන්ද ඇතුලු විදේශිය පිරිස් ආගමික අධ්‍යාපනය සඳහා මෙහි පැමිණියහ. මහා විහාරය ථෙරවාදයට පමණක් සිමා වී සිටියදී අභයගිරිය එවකට පැවති හීනයානා හා විවිධ මහායානා දර්ශනයන් අධ්‍යයනයට හා ඒවා ප්‍රකාශයට ඉඩ ලබා දී ඇත. සතර මුලයකින් වට වු අභයගිරි විහාරයේ රත්න ප්‍රසාදය දිව්‍ය විමානයක් බඳු වු බව පස්වන කාශ්‍යපගේ අභයගිරි ශිලා ලිපියේ සඳහන් වේ. [[ශ්‍රී ලංකාවේ]] සුවි‍ශේෂි කලා නිර්මාණ අතර‍ ප්‍රමුඛස්ථානයක් ගන්නා [[මුරගල]], [[සඳකඩපහණ]], [[කුට්ටම් පොකුණ]], [[සමාධි බුදු පිළිමය]] ආදිය පිහිටා ඇත්තේද අභයගිරියේය.
 
==ආරම්භය==
Line 7 ⟶ 9:
ද්‍රවිඩ ආක්‍රමණ නිසා [[වළගම්භා රජු]] පලා යන විට [[අභයගිරිය]] පිහිටි ස්ථානයේ සිටි ගිරි නම් නිගණ්ඨයා '''මහාකළු සිංහලයා පලා යයි''' යනුවෙන් අපහාස කළ බවත්, නැවත රාජ්‍ය ලබා ගත් විට රජතුමා නිගණ්ඨ දේවාලය කඩා දමා අභයගිරිය සාදා තමාට බැරි කාලයේදි උපකාර වු කුපික්කල මහාතිස්ස හිමියන්ට පුජා කළබවත් තමාගේත් නිගණ්ඨයාගේත් නම් එක් කොට එය අභයගිරි විහාර‍ය යනුවෙන් නම් කළ බවත් මහා වංශයේ සඳහන් වේ. පුරාණයේ උස් බිම් හා පර්වත ආශ්‍රිතව ඉදි කළ විහාරගිරි යන්නෙන් අවසන් කර ඇත. මේඝගිරි, චේතියගිරි, මුහුන්දගිරි, වෙස්සගිරි ආදියේත් ගිරි නිගණ්ඨයන් නොසිටි හෙයින් අභයගිරි යනු අභය රජතුමා උස් බිමක සෑදු විහාරය නිසා නම් වු බව පෙනේ. පස්වැනි සියවස වන විට මෙහි භික්ෂුන් 5000 ක් වැඩසිටි බව අභයගිරි විහාරයේ වැඩසිටි චීන ජාතික [[පාහියන් හිමි|පාහියන් හිමියන්]] සඳහන් කරයි. එසේම හතරවැනි සියවසේදි [[කිත්සිරිමෙවන් රජ]] දවස මෙරට ගෙන ආ දළදා වහන්සේගේ භාරකරත්වය හිමි වුයේද අභයගිරියේ පැරණිතම භික්ෂූ කණ්ඩායම වු උත්තර මුලය‍ටයි. අනුරාධපුර යුගයේදි දළදා පෙරහැර පැවතුනේද ඇතුළු නුවර සිට අභයගිරියටයි. [[ලංකාරාමය]] මෙහි භික්ෂුණි ආරාමයක් විය. වයඹදිග ප්‍රදේශයේ තපෝවනයක් ද විය. 1017 සොළි ආක්‍රමණ නිසා අඩපණ වු අභයගිරිය 1215 මාඝගේ ආක්‍රමණය නිසා වල්වැදි ගියේය.
 
==03.අභයගිරි විහායේ දක්නට ලැබෙන සුවිශේෂි කලා නිර්මාණඅංග==
 
01.අභයගිරි ස්තූපය
"https://si.wikipedia.org/wiki/අභයගිරි_විහාරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි