"දස පණත" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
 
{{දියුණු කරන්න}}
1දෙවියන්වහන්සේ කථාකොට මේ සියලු වචන වදාරනසේක්:
සියලු බලැති එකම දෙවියන් විසින් යුදෙව් ජනයාට තම හැසිරීම විනයානුකූලව පවත්වා ගැනීමට දෙන ලද නීති දසයකි.
2මම වනාහි වහල්කමේ ගෙයින් එනම් මිසර දේශයෙන් තා පිටතට ගෙනාවාවූ තාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය.
3මා ඇර අන් දෙවිවරුන් තට ඇතුව නොසිටුව.
4කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළොවෙහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් තිබෙන කිසිම දෙයක සමානත්වයක් හෝ තට සාදානොගනුව.
5ඊට නමස්කාර නොකරව, සේවය නොකරව. මක්නිසාද තාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වන මම අන්‍ය*(ස්වකීය ගෞරවය රක්ෂා කරන්නාවූ) භක්ති නොඉවසන්නාවූ, මට වෛරවෙන්නන්ගේ තුන්වෙනි සතරවෙනි පරම්පරාව කෙරෙහි පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ගැන දරුවන්ට ප‍්‍රතිඵල දෙන්නාවූ,
6මට පේ‍්‍රමකරමින් මාගේ ආඥා පවත්වන්නවුන්ගෙන් පැවතෙන දහස් ගණන් පරම්පරා දක්වා දයාව පෙන්වන්නාවූ දෙවිකෙනෙක්ය.
7තාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමය නිකරුණේ*(බොරුවට) ව්‍යවහාරනොකරව; මක්නිසාද ස්වාමීන්වහන්සේ තමන් නාමය නිකරුණේ ව්‍යවහාර කරන තැනැත්තා නිවැරදිකාරයෙකුකොට ගණන් නොගන්නාසේක.
8සබත් දවස ශුද්ධකොට පවත්වන්ට සිහිකරගනුව.
9සදවසක් වැඩකරමින් තාගේ සියලු වැඩ කර්මාන්ත කරගනුව.
10එහෙත් සත්වෙනි දවස තාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පවත්වන සබතක්ය. ඒ දවසේ තෝවත් තාගේ පුත‍්‍රයාවත් තාගේ දුවවත් තාගේ වැඩකාරයාවත් තාගේ වැඩකාරීවත් තාගේ සිව්පාවෝවත් තාගේ දොරටු ඇතුළත සිටින ආගන්තුකයාවත් කිසි වැඩක් නොකරව්.
11කුමක් හෙයින්ද ස්වාමීන්වහන්සේ අහසත් පොළොවත් මුහුදත් එහි ඇත්තාවූ සියල්ලත් සදවසින් සාදා සත්වෙනි දවසෙහි නිවාඩුගත්සේක. එහෙයින් ස්වාමීන්වහන්සේ සබත්දවසට ආශීර්වාදකොට එය විශුද්ධකළසේක.
12තාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තට දෙන දේශයෙහි තාගේ දවස් බොහෝ වන පිණිස තාගේ පියාටත් තාගේ මවුටත් ගෞරවකරව.
13මිනී නොමරව.
14කාමමිථ්‍යාචාරය නොකරව.
15සොරකම් නොකරව.
16තාගේ අසල්වාසියාට විරුද්ධව බොරු සාක්ෂි නොකියව.
17තාගේ අසල්වාසියාගේ ගෙට ආශා නොවව, තාගේ අසල්වාසියාගේ භාර්යාවටවත් ඔහුගේ වැඩකරුවාටවත් ඔහුගේ වැඩකාරීටවත් ඔහුගේ ගවයාටවත් ඔහුගේ කොටළුවාටවත් තාගේ අසල්වාසියාගේ කිසි දෙයකටවත් ආශා නොවවයි කීසේක.
"https://si.wikipedia.org/wiki/දස_පණත" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි