"ජනතාවාදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය
සාමාන්‍ය මෙවලම් භාවිතයෙන් සංස්කරණය
6 පේළිය:
ජනතාවාදයෙහි ශාස්ත්‍රීය හා විද්වත් අර්ථදැක්වීම, පසුගිය සියවස් ගණනාව තුල, පුළුල් ලෙසින් වෙනස්වීමට භාජනය වී ඇති අතර, ‘ජනතාව වෙත’ ආයාචනා, ‘[[ජනාන්දෝලනය|ජනාන්දෝලන]]’ සහ ‘[[මහා කුඩාරම |සියල්ලන්-ඩැහැගැනීමේ]]’ දේශපාලනය දැක්වීමට ලිහිල් සහ නොගැළපෙන ආකාර ලෙසින් භාවිතා කිරීමට හෝ වර්ගීකරණය අපැහැදිලි නව වර්ගයේ පක්ෂ විස්තර කර ගැනීමේ මගක් ලෙසින්ද බොහෝ විට භාවිතා කර ඇත. ‘ජනතාවාදය’ දේශපාලනමය වර්ගීකරණයක් ලෙසින් අගය කොට සැලකීම අව මට්ටමක පැවතීමට හේතුවක් වශයෙන් ඇයගේ ''පොපියුලිසම්'' තමැති [http://books.google.it/books/about/Populism.html?id=PUO6AAAAIAAJ&redir_esc=y1981 අධ්‍යයනයෙහිදී මාගරට් කැනොවන් දකින්නේ], මධ්‍යස්ථ මතධාරීන් හෝ සමාජවාදීන් හෝ ලෙසින් නොව, ජනතාවාදීන් විසින් තමන් ‘ජනතාවාදීන්’ ලෙසින් හඳුන්වාගන්නේ ඉතා විරල ලෙසින් වීම සහ සාමාන්‍යයෙන් ඔවුන් සඳහා එම පදය යෙදූ විට එය ප්‍රතික්ෂේප කිරීම යන හේතුන් නිසාය. <ref>කැනොවන්, මාගරට්, 1981,''පොපියුලිසම්'', නිව්යෝර්ක් සහ ලන්ඩනය: හාකෝර්ට් බ්‍රේස් ජොවනොවිච්, පි.5</ref>
 
කෙසේවෙතත්, මෑත වසරන්හිදී, ශාස්ත්‍රීය විද්වතුන් විසින් ජනතාවාදය සඳහා අර්ථදැක්වීම් ගෙන හැර දැක්වීම නිසා ජනතාවාදීන් හඳුනාගැනීම සහ සංසන්දනය සඳහා ඉඩ සැලසී ඇත. [http://www.palgrave.com/PDFs/023001349X.pdf ඩැනියෙල් ඇල්බර්ටාසි සහ ඩන්කන් මැක්ඩොනල් විසින් ජනතාවාදය අර්ථදක්වන්නේ], “ස්වෛරී ජනතාවන් වෙතින් ඔවුන්ගේ අයිතිවාසිකම්, අගයයන්, සෞභාග්‍යය, අනන්‍යනතාවය, සහ හඬ අහිමි කරමින් (හෝ අහිමි කිරීමට යත්න දරමින්) සිටින සමූහයක් ලෙසින් දැක්වෙන ප්‍රභූ ජන හා අන්තරාදායක ‘අනෙකුන්’ කණ්ඩායමකට එරෙහිව ධර්මිෂ්ඨ සහ සමජාතීය ජනතාව පෙළගස්වන" මතවාදයක් ලෙසිනි. <ref> ඇල්බර්ටාසි, ඩැනියෙල් සහ ඩන්කන් මැක්ඩොනල්, 2008, ''ට්වෙන්ටි-ෆර්ස්ට් සෙන්චරි පොපියුලිස්ම්: ද ස්පෙක්ට්‍ර ඔෆ් වෙස්ටර්න් යුරපියන් ඩිමොක්‍රසි'', නිව්යෝර්ක් සහ ලන්ඩනය: පැල්ග්‍රේව් මැක්මිලන්, පි.3</ref>
 
==සටහන්==
"https://si.wikipedia.org/wiki/ජනතාවාදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි