"ජ්‍යාමිතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ඉතිහාසය
ප්‍රවර්ගය:ජ්‍යාමිතිය ඉවත් කරන ලදී. HotCat භාවිතයෙන්
21 පේළිය:
19 වැනි සියවසේ දී ජ්‍යාමිතිය ආශ්‍රිතව සිදු වූ වැදගත් සිදුවීම් යුගලක් එතෙක් ජ්‍යාමිතිය අධ්‍යයනය කළ ආකාරය නව මගකට යොමු ‍කළේය. මින් පළමුවැන්න වූයේ ලොබැකෙවිස්කි , බෝලේ හා ගෝස් විසින් යුක්ලීඩියානු ‍නොවන ජ්‍යාමිතිය සොයාගැනීමයි. දෙවැන්න ෆීලික්ස් ක්ලේන් විසින් එලැන්ගන් වැඩසටහනේ කේන්ද්‍රීය සැලකීම ලෙස සමමිතිය හදුන්වාදීමයි. ‍(මෙමඟින් යුක්ලීඩියානු හා යුක්ලිඩියානු නොවන ජ්‍යාමිතීන් සාධාරණීකරණය කරන ලදී) මෙකල විසූ ජ්‍යාමිතිය පිළිබද පතාක යෝධයන් යුගල වූයේ බර්නාඩ් රීමන් සහ හෙන්රි පොයිංකෙරේය. රීමන් විසින් ගණිතමය විශ්ලේෂණ උපක්‍රම පමණක් යොදා ගනිමින් රීමන් පෘෂ්ටය හදුන්වාදෙන ලද අතර‍ පොයිකරේ විසින් ගණිතමය පද්ධති පිළිබද ජ්‍යාමිතික වාදය සහ වීජීය ස්ථල විද්‍යාව හදුන්වාදෙන ලදී.
මෙම වෙනස්කම්වල ප්‍රතිඵලයක් ලෙස ජ්‍යාමිතිය පිළිබද සංකල්පය විශාල වෙනසකට බදුන් වු අතර “අවකාශය” පිළිබඳ සංකල්පය පිරුණු සහ විවිධ ආකාර‍යක් ගත්තේය. මෙම තත්වය සංකීර්ණ විශ්ලේෂණය සහ ප්‍රතිෂ්ටික යාන්ත්‍ර විද්‍යාව වැනි විවිධ විෂය ක්ෂේත්‍රයන්ට පසුබිමක් සැපයීය. පුරාතන ආකාර ජ්‍යාමිතිය සමජාතීය අවකාශ හා බැඳුනක් ලෙසට මෙකල හදුනාගන්නා ලදී. සමජාතීය අවකාශ යනු ප්‍රමාණවත් සමමිතියක් පැවතීම එකිනෙකට වෙනස් ලක්ෂ මත දී එකම ආකාරයෙන් පෙනෙන අවකාශ වේ.
 
 
[[ප්‍රවර්ගය:ජ්‍යාමිතිය]]
"https://si.wikipedia.org/wiki/ජ්‍යාමිතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි