"මාතර දිස්ත්‍රික්කය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Bot: Migrating interwiki links, now provided by Wikidata on d:q1281285
61 පේළිය:
පසුව පාතරට දකූණු පළාත පරිපාලන කටයුතු සඳහා කොටස් 09 ට වෙන් කරන ලදී. මෙම ප්‍රදේශ 09 'මාතර මහා දිසාව' ලෙස නම් කරන ලදී. ලන්දේසි පාලන කාලය තූල මාතර ප්‍රධාන දිස්ත්‍රික්කයක් ලෙස පැවති බව මෙම කරුණු වලින් පැහැදිලි වේ.
වර්තමානයේ මාතර මහ නගර සභාවේ පුරපති වරයා සොසින්ද්‍ර හඳුන්නෙත්ති යැයි මෙහි දැක්වෙන නම සොසින්ද්‍ර හඳුන්ගේ ලෙස වෙනස් විය යුත්තේ ය.
 
ජනකවිය හා කවීන්, මාතර ඉතිහාසය හා නොයෙක් ආකාරයෙන් බැඳී පවතී. සරම් මුදලි තුමා, කාලිදාස, ගජමන් නෝනා, රංචාගොඩ ළමයා මින් ප්‍රධාන තැනක් ගනී. එමෙන්ම මාතර හා නිල්වලා ගඟ පිළිබඳ ජන කවියක් වන්නේ,
 
මාතර ගඟේ ඉන්නා කිඹුලිගෙ පැටියා...
තල්ල සුදුයි බෙල්ලේ ගෝඹර කැටියා...
යන එන ඔරු පාරු නවතාගෙන සිටියා...
මිනී නොකයි මාතර කිඹුලිගෙ පැටියා...
 
මෙම කවියේ අර්ථය පිළිබඳ නොයෙකුත් මති මතාන්තර තිබේ. මෙය නිල්වලාවේ සිටින කිඹුලන් පිළිබඳ එකක් ලෙස ඇතැමුන් පවසන අතර, බොහෝ අය කියන්නේ මෙය ව්‍යංගාර්ථයක් සහිත කවියක් බවයි. එනම්, මාතර තොටුපළේ මගීන් එහා මෙහා ගෙන යාමට තිබූ ඔරු-පාරු වල හිමියා, ගඟෙන් එගොඩ වන මගීන් ගෙන අසාධාරණ ලෙස මුදල් අයකළ අතර, ඔහුගේ පුතා එසේ කරන්නෙකු නොවීය. ඔහු මගීන්ට ඉතා කාරුණික, සාධාරණ පුද්ගලයෙක් වූ බැව් පැවසේ. මෙම කවිය එම පාරු හිමියා සහ පුතා අල්ලා ගොතන ලද කවියක්ය යන්න වඩා ප්‍රචලිත මතයයි. කෙසේ වෙතත් රුනුණේ මාතර යනු කවිය පෝෂණය කළ ප්‍රදේශයකි.
 
== ජනතාව ==
"https://si.wikipedia.org/wiki/මාතර_දිස්ත්‍රික්කය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි