"කශේරුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
16 පේළිය:
 
==අනෙකුත් සතුන්ගේ ==
අනෙකුත් සතුන්ගේ කශේරුකා අර්ථදැක්වෙන්නේ, කශේරුවේ ඒවා පවතින පෙදෙස අනුවයි. ග්‍රෛවී කශේරුකා යනු [[ගෙල]] පෙදෙසෙහි පවතින ඒවාය. මන්ද ප්‍රභේදයන් දෙක (''කලීපස්'' සහ ''බ්‍රේඩිපස්'') සහ මැනටියා (''ට්‍රිකැකස්'') හැර, අනෙකුත් සියළු ක්ෂීරපායියන් සතුව ග්‍රෛවී කශේරුකා හතක් පවතියි. <ref>{{උපන්‍යාස ජර්නල්|pmid=10327647 |author=ෆ්‍රෙයිස්ටන් ගාලිස් |year=1999 |title=වයි ඩූ ඕල්මෝස්ට් ඕල් මැමල්ස් හෑව් සෙවන් සර්වික්ල් වර්ටිබ්‍රේ? ඩිවලප්මන්ට් කන්ස්ට්‍රේන්ස්, හොක්ස් ජීන්ස් ඇන්ඩ් කැන්සර් |journal=ජර්නල් ඔෆ් එක්ස්පෙරිමෙන්ටල් සූලොජි |url=http://wwworm.biology.uh.edu/evodevo/lecture11/galis99.pdf|volume=285|issue=1|pages=19–26|doi=10.1002/(SICI)1097-010X(19990415)285:1<19::AID-JEZ3>3.0.CO;2-Z }}</ref> අනෙකුත් පෘෂ්ඨවංශීන් අතර ග්‍රෛවී කශේරුකා පවතින ආකාරය සැලකූ කල [[උභයජීවියා|උභයජීවින්]] තුල එක් කශේරුකාවක්ද, [[හංසයා|හංසයන්]] තුල කශේරුකාවන් 25 ක් තරම් විශාල සංඛ්‍යාවක්ද [[නෂ්ට|වඳවී ගිය]] [[ප්ලෙසියොසොර්]] ''[[ඉලැස්මොසෝරස්]]'' තුල කශේරුකාවන් 76 ක්ද යන පරාසයේ පවතියි. පෘෂ්ඨීය කශේරුකා පිහිටන්නේ බෙල්ලේ පහළ සිට [[ශ්‍රෝණිය|ශ්‍රෝණියෙහි]] ඉහළ දක්වාය. [[පර්ශුව|ඉළ ඇට]] හා සම්බන්ධ වී ඇති පෘෂ්ඨීය කශේරුකා උරස් කශේරුකා ලෙසින්ද, ඉළ අට නොමැති ඒවා කටී කශේරුකා ලෙසින්ද හැඳින්වෙයි. ත්‍රිකාස්ථික කශේරුකා ලෙසින් හැඳින්වෙන්නේ ශ්‍රෝණි පෙදෙසෙහි ඇති ඒවා වන අතර, උභයජීවීන් තුල එකක්, බොහෝ පක්ෂීන් හා නූතන උරගයන් අතර දෙකක්, හෝ ක්ෂීරපායීන් අතර 3 සිට 5 දක්වා වශයෙන් පිහිටයි. බහු ක්‍රිකාස්ථික කශේරුකා එකිනෙක්ට සම්බද්ධ ව තනි ව්‍යුහයක් සදන විට, එය ත්‍රිකාස්ථිය ලෙසින් හැඳින්වෙයි.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/කශේරුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි