"ඛේට ග්‍රන්ථි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
21 පේළිය:
 
=== බදරිකා ===
අපට බදරිකා ප්‍රභේද තුනක් ඛේට ග්‍රන්ථි වල දැකිය හැක. මේවා මියුකස්ශ්ලේෂ්මල බදරිකා, සීරස් බදරිකා හා මිශ්‍ර බදරිකා නම් වේ.<br />
මේවා මෙසේ නම් කරනුයේ ඒවා නිර්මාණය වී ඇති සෛල වර්ග අනුවය. මියුකස්ශ්ලේෂ්මල බදරිකා නිර්මාණය වී ඇත්තේ මියුකස්ශ්ලේෂ්මල සෛල වලිනි. සීරස් බදරිකා නිර්මාණය වී ඇත්තේ සීරස් සෛල වලිනි. එමෙන්ම මිශ්‍ර බදරිකා තැනී ඇත්තේ මියුකස්ශ්ලේෂ්මල හා සීරස් යන සෛල දෙවර්ගයෙන්මය. මියුකස්ශ්ලේෂ්මල ස්‍රාවක ප්‍රදේශ වටා සීරස් ඩෙමීලුන් සෛල පිහිටා තිබීමෙන් මිශ්‍ර බදරිකා නිර්මාණය වේ. මෙහිදී මෙම සීරස් සෛල, මියුකස්ශ්ලේෂ්මල නාලාකාර බදරිකා වටා අඩසඳක ස්වරූපයට පිහිටා තිබීම නිසා මෙම සීරස් සෛල ආවරණයට සීරස් ඩෙමීලුන් යන නාමය ලබා දී ඇත. ඩෙමී යනු අර්ධ යන අර්ථය දෙන වචනයකි. ලුන් යනු සඳට භාවිතා කරන ඉංග්‍රීසි සාහිත්‍යාත්මක යෙදුමකි. සීරස් සෛල මගින් සීරස් තරලය නිපදවයි. මෙම සෛල ප්‍රධාන ග්‍රන්ථි පද්ධති තුනෙහිමත් ජීහ්වයේත් දක්නට ලැබේ. එසේම මියුකස්ශ්ලේෂ්මල සෛල මගින් මියුකස්ශ්ලේෂ්මල තරලය නිපදවයි. මේවා අධෝහනුක ග්‍රන්ථියේ, අධෝජීහ්ව ග්‍රන්ථියේ හා මුඛ කුහරය හා අන්නස්‍රෝත්‍රය ආස්තරණය කරන සබ්මියුකෝසා පටලය මතත්, ජීහ්වයේ යම් ප්‍රදේශ වලත් ඇත. මිශ්‍ර ග්‍රන්ථි වලදී, මියුකස්ශ්ලේෂ්මල ස්‍රාවක ප්‍රදේශ වටා අඩසඳාකාරව සීරස් සෛල පිහිටමින් මිශ්‍ර තරල නිපදවයි. එසේම මෙම අඩසඳ සීරස් සෛල වලින් නිපැදවෙන ලයිසොසයිම් එන්සයිමය සහිත ප්‍රෝටීනයක් මගින් මියුකස්ශ්ලේෂ්මල තරලයට ප්‍රතිජීවක ගුණය ලබා දෙයි.
===== ග්‍රන්ථි වල ස්වරූප =====
[[File:Types Arrangements of Glands 1.png|thumb|This image shows some of the various possible glandular arrangements. These are the simple tubular, simple branched tubular, simple coiled tubular, simple acinar, and simple branched acinar glands.]]
[[File:Types Arrangements of Glands 2.png|thumb|This image shows some of the various possible glandular arrangements. These are the compound tubular, compound acinar, and compound tubulo-acinar glands.]]
ප්‍රධාන ග්‍රන්ථි කෝෂයේ ඇති මිලියන ගණනක් වූ කුඩා ග්‍රන්ථි විවිධාකාර ස්වරූප ගනී. එනමුදු ඛේට ග්‍රන්ථි වල ස්‍රාවක ප්‍රදේශ බහුලවම බදරිකා ආකාරයේ හා නාලාකාර බදරිකා ආකාරයේ වේ. ඊට අමතරව ගර්ත ආකාරයේ ස්‍රාවක ප්‍රදේශ ද ඛේට ග්‍රන්ථි වල මෙන්ම ශරීරයේ වෙනත් සනාල ග්‍රන්ථි වලද ඇත.මේ ආකාරයේ ස්වරූප වලින් යුක්ත ස්‍රාවක ප්‍රදේශ ද ඉහත ආකාරයෙන් සීරස්, මියුකස්ශ්ලේෂ්මල හා මිශ්‍ර ලෙස පවතී.
 
== ව්‍යුහය ==
"https://si.wikipedia.org/wiki/ඛේට_ග්‍රන්ථි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි