"ඛේට ග්‍රන්ථි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
using English words as citations isn't a good idea :)
11 පේළිය:
DorlandsSuf = 12391916 |
}}
ක්‍ෂීරපායීන්ගේ '''ඛේට ග්‍රන්ථි''' කෙළ හෙවත් ඛේටය නිපදවන සනාල ග්‍රන්ථිවේ. සනාල ග්‍රන්ථිවල නිපැදවෙන ද්‍රව්‍ය ප්‍රණාලයක් ආධාරයෙන් පිටතට යැවේ. එසේම මේවායින් ඇමයිලේස් නම් එන්සයිමයක්ද ශ්‍රාවය කරයි. ඇමයිලේස්(Amylase) අහාර වල ඇති පිෂ්ටය මෝල්ටෝස් (Maltose) බවට පත් කරයි. කෘමින් වැනි සතුන්ගේ ඛේට ග්‍රන්ථි මගින් ජීවවිද්‍යාත්මකව වැදගත් වන සිල්ක්(Silk) හෝ ග්ලූස්(Glues) වැනි ප්‍රෝටීන(Proteins) නිපදවයි. එසේම මැස්සන්ගේ ඛේට ග්‍රන්ථි වල ඇති පොලිතීන් ක්‍රොමෝසෝම(Polytene Chromosomes) ජානමය පරීක්‍ෂණ සඳහා ප්‍රයෝජනවත් වී ඇත. අදාල ජීවී විශේෂය අනුව ඛේට ග්‍රන්ථි වල ව්‍යූහමය හා කෘත්‍යමය වෙනස්කම් පවතී.
==පටක විද්‍යාත්මකව==
එක් එක් ඛේට ග්‍රන්ථිය අභ්‍යන්තරිකව අනුඛණ්ඩිකා(අනුඛණ්ඩිකා හෙවත් ලොබ්‍යූල්ස්(Lobules), ඛණ්ඩිකා නොහොත් ලෝබ්(lobe) මෙන් නොව. මේවා පැහැදිලිව වෙන් කොට දැකිය හැක්කේ පටකවිද්‍යාත්මක අන්වීක්‍ෂීය නීරීක්‍ෂණ වලින් පමණි.) වලට බෙදී පවතී. මෙම අනුඛන්ඩිකා සම්බන්දක පටක ආවර(connective tissue septae) මගින් වෙන්ව පවතී. ග්‍රන්ථිය තුලට රුධිර වාහිනී සහ ස්නායු ඇතුල් වන්නේ, හයිලම්(හයිලම්*Hilum යනු යම් අවයවයකට රුධිර වාහිනී සහ ස්නායු ඇතුල් වන අභ්‍යන්තරයට නෙරා ගිය හෝ කුහරාකාර ස්ථානයකි) නම් ස්ථානයෙනි. එසේ ඇතුල් වන ස්නායු සහ රුධිර වාහිනී ක්‍රමානුකූලව අනුඛණ්ඩිකා වලට බෙදී යයි.
=== ප්‍රණාල සැකැස්ම ===
ප්‍රණාල පද්ධතියේ, ස‍්‍රාවක ඇසිනයි (secretory acini) සම්බන්ද වනුයේ ඉන්ටර්කොලේටඩ් ප්‍රණාලය(intercalated duct) වෙතටයි. ඉන්ටර්කොලේටඩ් ප්‍රණාල, ස්ට්‍රයේටඩ් ප්‍රණාලය(striated duct) වෙත සම්බන්ද වෙයි. ස්ට්‍රයේටඩ් ප්‍රණාලය, ඉන්ටර්කොලේටඩ් ප්‍රණාලය සහ ඉන්ට්‍රලොබ්‍යුලර් ප්‍රණාලය(intralobular duct) සහසම්බන්ද කරයි. ඉන්ට්‍රලොබ්‍යුලර් ප්‍රණාල, අනුඛණ්ඩිකා වල පිහිටි ග්‍රන්ථි පද්ධතියේම එක කොටසකි. අනුඛන්ඩිකා(lobules), ස්‍රාවක ගර්ත(secretory alveoli * "ස"ක්‍රීටරි අල්වියෝලයි) හා ස්‍රාවක ඇසිනයි(secretory acini)අති විශාල ප්‍රමාණයක් එක්රැස් වීමෙන් සමන්විත වී තිබෙනවා. ස්‍රාවක ගර්ත වල ස්‍රාවයන් ඉන්ට්‍රලොබ්‍යුලර් ප්‍රණාල ආධාරයෙන් ඉන්ටර්ලොබ්‍යුලර් එක්ස්ක්‍රීටරි ප්‍රණාලය(interlobular excretory duct) වෙත ගෙන යයි. මෙය සරලව කිවහොත් ස්‍රාවක ගර්ත වල නිපැදවෙන ස්‍රාවයන් ඉන්ටර්කොලේටඩ් ප්‍රණාලය හරහා ස්ට්‍රයේටඩ් ප්‍රණාලය වෙතටත් එමගින් ඉන්ට්‍රලොබ්‍යුලර් ප්‍රණාලයටත් එතුලින් ඉන්ටර්ලොබ්‍යුලර් එක්ස්ක්‍රීටරි ප්‍රණාලය වෙතටත් ගමන් කරයි.
====ඇසිනයි(Acini)====
අපට ඇසිනයි ප්‍රභේද තුනක් ඛේට ග්‍රන්ථි වල දැකිය හැක. මේවා මියුකස් ඇසිනස්(mucous acinus), සීරස් ඇසිනස්(serous acinus) හා මිශ්‍ර ඇසිනස්(mixed acinus) නම් වේ.<br />
"https://si.wikipedia.org/wiki/ඛේට_ග්‍රන්ථි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි