"ඛේට ග්‍රන්ථි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
11 පේළිය:
DorlandsSuf = 12391916 |
}}
ක්ෂීරපාවුන්ගේ '''ඛේට ග්‍රන්ථි''' යනු '''එක්සොක්‍රයින්'''(එක්සොක්‍රයින්(*[http://en.wikipedia.org/wiki/Exocrine_gland Exocrine gland]) ග්‍රන්ථි යනු එම ග්‍රන්ථියේ නිපැදවෙන විශේෂිත ද්‍රව්‍ය ප්‍රණාලයක් ආධාරයෙන් පිටතට යවනු ලබන ග්‍රන්ථි වේ.) ග්‍රන්ථි විශේෂයකි. ඛේට ග්‍රන්ථි වල ප්‍රණාල තුලින් පිටතට ඛේටය(කෙල) ශ්‍රාවය කරයි. එසේම මේවායින් ඇමයිලේස් නම් එන්සයිමයක්ද ශ්‍රාවය කරයි. ඇමයිලේස්(Amylase) අහාර වල ඇති පිෂ්ටය මෝල්ටෝස්(Maltose) බවට පත් කරයි. කෘමින් වැනි සතුන්ගේ ඛේට ග්‍රන්ථි මගින් ජීවවිද්‍යාත්මකව වැදගත් වන සිල්ක්(Silk) හෝ ග්ලූස්(Glues) වැනි ප්‍රෝටීන(Proteins) නිපදවයි. එසේම මැස්සන්ගේ ඛේට ග්‍රන්ථි වල ඇති පොලිතීන් ක්‍රොමෝසෝම(Polytene Chromosomes) ජානමය පරීක්‍ෂණ සඳහා ප්‍රයෝජනවත් වී ඇත. අදාල ජීවී විශේෂය අනුව ඛේට ග්‍රන්ථි වල ව්‍යූහමය හා කෘත්‍යමය වෙනස්කම් පවතී.
== පටක විද්‍යාත්මකව ==
එක් එක් ඛේට ග්‍රන්ථිය අභ්‍යන්තරිකව අනුඛණ්ඩිකා(අනුඛණ්ඩිකා හෙවත් ලොබ්‍යූල්ස්(Lobules), ඛණ්ඩිකා නොහොත් ලෝබ්(lobe) මෙන් නොව. මේවා පැහැදිලිව වෙන් කොට දැකිය හැක්කේ පටකවිද්‍යාත්මක අන්වීක්‍ෂීය නීරීක්‍ෂණ වලින් පමණි.) වලට බෙදී පවතී. මෙම අනුඛන්ඩිකා සම්බන්දක පටක ආවර(connective tissue septae) මගින් වෙන්ව පවතී. ග්‍රන්ථිය තුලට රුධිර වාහිනී සහ ස්නායු ඇතුල් වන්නේ, හයිලම්(හයිලම්(Hilum) යනු යම් අවයවයකට රුධිර වාහිනී සහ ස්නායු ඇතුල් වන අභ්‍යන්තරයට නෙරා ගිය හෝ කුහරාකාර ස්ථානයකි) නම් ස්ථානයෙනි. එසේ ඇතුල් වන ස්නායු සහ රුධිර වාහිනී ක්‍රමානුකූලව අනුඛණ්ඩිකා වලට බෙදී යයි.
"https://si.wikipedia.org/wiki/ඛේට_ග්‍රන්ථි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි