"ප්‍රංශ විප්ලවය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
24 පේළිය:
1774 දී ප්‍රංශය යුරෝපයේ ජනගහණයෙන් වඩාත් ම අධික වූ (මිලියන 25 ක්) සහ වඩාත්ම සමෘද්ධිමත් වූ රට වූයේය. පැරිසිය යුරෝපයේ විශාලතම නගරය විය. එහි ජනගහණය 650,000 කි. මුළු ප්‍රංශයේ ජනතාව පංති 3 කට අයත් වූහ. පූජක පක්ෂය 130,000 ක් පමණ සහ රදළයන් 400,000 ක් පමණ වෙද්දී තෙවැනි තලයේ නොහොත් (Tier État) වූ පිරිසක් ආර්ථික අතින් නැඟ ආවත් ඊට සරිලන දේශපාලන බලයෙන් හා සමාජයීය වැදගත්කමෙන් යුතු වූයේ නැත.<ref>Will & Ariel Durant, The Story of Civilization, Simon and Schuster, New York</ref>
 
බුර්ජුවාසී නොහොත් ආර්ථිකයෙන් ශක්තිමත් වූ උගත් සමූහයක් නියෝජනය කළ Marie-Jeanne Phlippon Roland නොහොත් මැඩාම් රෝලන්ඩ් <ref>Lesley H. Walker, Eighteenth-Century Case Studies, Vol. 34, No. 3. French Revolutionary Culture, The John Hopkins University Press, 2001</ref> රැඩිකල් ගිරොන්ඩින් සමාජය නියෝජනය කරන්නියකි. ඇය රදළ කාන්තාවකගේ නිවසට ලැබි ආරාධනයෙන් ගිය විට එහි දී සේවකයන් හා කන්න සිද්ධ වූ කතන්දරය රදළයන්ට එරෙහිව සෙසු ජනතාව උසි ගන්වන්නට යොදවා ගැනුණි. 1764 දී මැඩාම් රෝලන්ඩ්, වැනි අය ගැවසුන සාහිත්‍ය කල්ලි මුණගැසෙන අවන්හල් නොහොත් Salon<ref>S. G. Tallentyre, Women of the Salons, G.P. Putnam's Sons, New York, 1926</ref> නමින් හැඳින්වුන ස්ථාන පැරිසියේ ගහණ විය. ප්‍රංශයේ බුර්ජුවාසීයන් දාර්ශනික හා සාහිත්‍ය හමුවන් පැවැත්වූයේ ඒවායේ දී ය. රදළ නොවූ එහෙත් ධනවත් හා උගත් වූ ජැකෝබියන් හා ගිරොන්ඩින් වැනි සමාජයන් හි සාමාජිකයන් වූ [[ බුර්ජුවාසිය]] “නිදහස, සමානාත්මතාවය, සහෝදරත්වය” ඉල්ලුවේ තමන්ට ඉහළින් වූ අය එක්ක සමාන වෙන්නට මිසක තමන්ට හා පහළින් වූ අයට තමන් හා සමාන වෙන්නට ඉඩකඩ සලසා දීමට නොවේ.
 
රදළ වූ ධනවත් පංතියට කාඩිනල්, අග රාජගුරු ප්‍රසාදී, රාජගුරු ප්‍රසාදී, ආශ්‍රමාධිපති වැනි ඉහළ තනතුරු දරනා පූජ්‍ය පක්ෂය ද අයත් වූහ. ආගම් සංස්ථාවේ දුප්පතුන් වූයේ ඉහළ තනතුරු නැති බහුතර පූජකවරයන් හා පල්ලි බාරකරුවන් ය. විප්ලවයේ දී දුප්පත් පූජ්‍ය පක්ෂය සිය ආගමික නායකයන්ට එරෙහිව සමතැන් ඉල්ලා විප්ලවකාරීන් හා එකතු වූහ.
"https://si.wikipedia.org/wiki/ප්‍රංශ_විප්ලවය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි