"ආර්ථික විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
නිෂ්පාදනය, බෙදාහැරිම හා භාණ්ඩ හා සේවා මිලදි ගැනීම පිළිබඳව හදරන සමාජීය විද්‍යාවකි. Economic යන පදය ග්‍රීසියේ Oikos (නිවාස) හා Norms (චර්යාව හා නීතිය) යන්නෙන් එකතුවෙන් "නිවාසයන් ගැන නීතිය" ලෙස සැදුණි. Linel Robbins ගේ 1932 රචනාවේහි වත්මන් ආර්ථිකය පිළිබඳ බොහොමයක් තොරතුරු ආවරනය වේ. "මිනිසුන්ගේ අවශ්‍යතාව හා සිමීත සම්පතක් ගලපන විදායකි" සිමීත සම්පත් යනු, මිනිසාගේ අවශ්‍යතාවය පිරිමැහිය නොහැකි තරම් අඩු සම්පත්ය. සම්පත් සීමිත නොවේ නම් හා විකල්ප සම්පත් ඇතිනම් ආර්ථික ගැටලු මතු නොවේ. මෙම විෂයේදි ගතයුතු තිරණ හා එමගින් සමපත් වලට වන බලපෑම ගැන හදරයි.
==හැඳින්වීම==
 
නිෂ්පාදනය, බෙදාහැරිම හා භාණ්ඩ හා සේවා මිලදි ගැනීම පිළිබඳව හදරන සමාජීය විද්‍යාවකි. Economic යන පදය ග්‍රීසියේ Oikos (නිවාස) හා Norms (චර්යාව හා නීතිය) යන්නෙන් එකතුවෙන් "නිවාසයන් ගැන නීතිය" ලෙස සැදුණි.
 
Linel Robbins ගේ 1932 රචනාවේහි වත්මන් ආර්ථිකය පිළිබඳ බොහොමයක් තොරතුරු ආවරනය වේ. "මිනිසුන්ගේ අවශ්‍යතාව හා සිමීත සම්පතක් ගලපන විදායකි" සිමීත සම්පත් යනු, මිනිසාගේ අවශ්‍යතාවය පිරිමැහිය නොහැකි තරම් අඩු සම්පත්ය. සම්පත් සීමිත නොවේ නම් හා විකල්ප සම්පත් ඇතිනම් ආර්ථික ගැටලු මතු නොවේ. මෙම විෂයේදි ගතයුතු තිරණ හා එමගින් සමපත් වලට වන බලපෑම ගැන හදරයි.
 
ආර්ථික විද්‍යාව විවිධ ආකාරයට බෙදා වෙන් කල හැක.
Line 18 ⟶ 14:
|}
 
ආර්ථික විද්‍යාවේ එක් වැදගත් ලක්ෂණයක් නම් ආර්ථික ක්‍රම‍යේ ක්‍රියාකාරිත්වය, ආර්ථිකයේ පාලනය කරන්නන් හා සමාජ අතර සම්බන්ධය ආදි කරනු ලබන හැදැරිමයි. ආර්ථික විද්‍යාවේ ක්‍රමවේදයන් අධ්‍යාපනය පවුල, සෞඛ්‍යය නීතිය දේශපාලනය, ආගම, අපරාධ යුද්ධ සමාජ ආයතන ආදි මිනිසුන්ට අදාළ ක්ෂේත්‍රයන්ට යෙදවීම සුලභව දැකිය හැකිය. විද්‍යාවක් යනුවෙන් අදහස් ‍කෙ‍රෙන්නේ විධිමත්ව සැකසුණු දැණුම්‍ සම්භාරයකි. එය හුදෙක් කරුණු එක්රැස් කිරිමක්ම නොව එම කරුණු විධිමත් රටාවකට සම්බන්ධ කිරිමකි. ඒ සදහා විද්ධ‍්‍යාමානික කරුණු විශ්ලේෂණය කිරිම හා එවා අතර සම්‍භන්ධතාවද පැහැදිලි කිරිමට සොයගත් කල්පිත, න්‍යාය සහ නීති වලින් යුක්ත වෙයි.‍මේ අනුව බලන කල ආර්ථික විද්‍යාව ලෙස හදුන්වන්නේද, ආර්ථික
 
 
විද්‍යාවක් යනුවෙන් අදහස් ‍කෙ‍රෙන්නේ විධිමත්ව සැකසුණු දැණුම්‍ සම්භාරයකි. එය හුදෙක් කරුණු එක්රැස් කිරිමක්ම නොව එම කරුණු විධිමත් රටාවකට සම්බන්ධ කිරිමකි. ඒ සදහා විද්ධ‍්‍යාමානික කරුණු විශ්ලේෂණය කිරිම හා එවා අතර සම්‍භන්ධතාවද පැහැදිලි කිරිමට සොයගත් කල්පිත, න්‍යාය සහ නීති වලින් යුක්ත වෙයි.‍මේ අනුව බලන කල ආර්ථික විද්‍යාව ලෙස හදුන්වන්නේද, ආර්ථික
ක්‍රියාකරකම් පිළිබඳ ව අධ්‍යයනය හා විශ්ලේෂණය කරනු ලබන ක්‍රමාණුකූලව සැකසුණු මූලධර්ම පද්ධතියකින් යුත් දැණුම් සම්භාරයකී.
 
Line 27 ⟶ 20:
 
ආර්ථික විද්‍යාව මගින් සත්‍ය ලෝකයේ පවතික තත්වය හා එම තත්වය ඇතිවීමට හේතු වු කරුණු කාරණා ද,එම තත්වයන් විශ්ලේෂණය කරමින් විච්‍යයන් අතර නිශ්චිත රටාවකින් යුත් සම්භන්ධතාවයක් මගින් විවිධ ආර්ථික සංසිද්ධින් හී හේතු,ප්‍රතිඑල පමනක් නොව අහිතකර තත්ව පාලනය කිරිම සදහා ප්‍රතිපත්තිමය ක්‍රියාමර්ගයන් ද සපයයි.
 
 
 
 
== මුල් ආර්ථික සංකල්ප ==
Line 43 ⟶ 33:
නූතන ධනේෂ්වර ආර්ථිකයන්වල වටිනාකම් පද්ධතියක් ඇති කිරීම සඳහා ආර්ථීකමය සංකල්ප වල බලපෑම අවශ්‍ය බවට මතයකත් පවතී.සදාචාර තර්කනය වශයෙන් හැඳින්වේ.
මිළදී ගැනීම් සිදු කිරීමේදී පාරිභෝගික අයිතීන් ආරක්ෂා කිරීම පරිසරය පිළිබඳ අවධානය වැනි ආචාර ධර්ම අනුගමනය කළයුතු බව සාම්ප්‍රධායික ආර්ථීක විද්‍යා සලකා බැලීම් වල සඳහන් වේ.අනික් අතින් මහජන සුභසාධනය හා ආරක්ෂාව සැලසෙන පරිදි සිදුකරන සම්පත් බෙදා වෙන් කිරීම ආර්ථීක විද්‍යාවේ කොටසක් ලෙස සැළකිය හැකිය.සෞඛ්‍ය හා ආරක්ෂණය,පරිසරය,සමාජ සාධාරණය හා විපත් ආධාර වැනි අරමුණු ඉටු නොවන පරිදි සම්පත් බෙදා වෙන් කිරීම අඩු සමාජ සුභසාධනයේ ප්‍රතිඵලයකි.එබැවින් එවැනි ආර්ථික විද්‍යා ප්‍රශෟන අනුගමනය නොකිරීම ආචාර සම්පන්න නොවේ. ඇත්තෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ සමූහික නියෝජිතයින් නිතිපතා මේ පිළිබඳව ආර්ථික විශලේෂණ පවත්වයි.
 
 
=== සමාජය මත බලපෑම ===
 
ආර්ථික විද්‍යාඥයින් විසින් යෝජනා කරන ලද වෙළඳපොළ ආකෘති දුර්ලභ භාණ්ඩ බෙදා හැරීම් අනිකුත් මාර්ග ඔවුන්ගේ අවශ්‍යතා හා වුවමනා මතට පදනම් නොවී ඔවුන්ගේ අවශ්‍යතා හා පුරුදු මත තීරණය වන බව යමෙකුම පැවසිය හැකිය. එක් ආර්ථික තෝරා ගැනීම් වලින් බොහොමයක් සමාජය විසින් ඉබේම සිදු කරන ලද ඒවායි.එයට හේතුව මිනිසුන් උසස් ජීවන තත්වයක් අපේක්ෂා කිරීමයි. මෙය ආර්ථික ප්‍රතිපත්ති සම්භවයේදී ඉතා දැඩි ‍ලෙස විවේචනයට තුඩු දුන් කරැණකි.මෙහිදී සුභසාධන ප්‍රතිපත්ති වල බලපෑම් හා සඵලන්‍යායන් අවධානයට යොමු කරන ලදී.ස්වාධීන දාර්ශනිකයින් (Libertarians)මෙය ආර්ථීක තර්කයට සිදුකරන අගෞරවයක් ලෙස සලකයි.ධනය ප්‍රති ව්‍යාප්ත කිරීම සදාචාරාත්මකව හා ආර්ථික විද්‍යාත්මකව වැරදි බව ඔවුන්ගේ මතයයි.සමාජවාදී දර්ශනයට අනුව මෙය ආර්ථික විසින් සමාජයට කරන අගෞරවයකි.ඔවුන‍්ගේ මතය වන්නේ ධන විෂමතා පළමුව නොවිසඳිය කළ යුතු බවයි.මෙය 19 වන සියවසේදී කම්කරැ ආර්ථික විද්‍යාවත් 20 වන සියවසේදී සුභ සාධන ආර්ථික විද්‍යාවත් උදාහරණයක් වන ලදී.
 
 
 
==ආර්ථික විද්‍යාව හා දේශපාලනය==
Line 58 ⟶ 45:
මහ බැංකුවේ ස්වාධීන බව මගින් එහි ප්‍රතිපත්ති සාර්ව ආර්ථිකය පාලනය කරනු ලබයි. එමෙන්ම වැරදි ආර්ථිකයේ අඩංගු කරුණු හා විවේචනයන් පිලිබඳ අවධානය යොමු වේ.
 
=== සංකල්ප දක්වන්නා හ ආර්ථිකය ===
 
උදාහරණයක් ලෙස කාල් මාක්ස්ගේ (Karl Marx) 19 වැනි සියවසේ කටයුතු ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සියවසේ අනුබල දිමට සිදුකළ කටයුතුත් සීත යුද්ධ කාලයේ ධනේෂ්වර වාදය හා සමාජවාදය අතර වාදයන් , ආර්ථික විද්‍යවේ ප්‍රතිඵලය ලෙස ගත හැකිය. කල්පිතයන් පරිකෂාවට ආර්ථික විද්‍යාව දායක කර නොගැනීමට මෙය හේතුවක් විය හැකිය. ආර්ථික ක්‍රමයන්ගේ ක්‍රියාකාරිත්වය හා ඵලවිපාකයන් පිළිබඳ ආර්ථික විද්‍යාවේදි හැදෑරුවත් ඒ ඒ ක්‍රමයන් මගින් ඒ පිළිබඳ මතයක් ඵල නොකරයි.
Line 65 ⟶ 52:
 
== මතවාද හා ආර්ථික විද්‍යාව ==
 
 
උදාහරණයක් ලෙස 21වන ශත වර්ෂයේ බලත්කාරයෙන් ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රවර්ධනයන්ට සහාය වීම කලහැකිවීම සහ කාල් මාක්ස්ගේ 19 වන ශත වර්ෂයේ ක්‍රියාකාරකම් හෝ ආර්ථිකයේ ගැටළු ලෙස ධනවාදය හා කොමියුනිට්ස් වාදය පිළිබඳ ශීත යුද්ධ යුගයේ වාදය දැක්විය හැක.
 
ආර්ථිකය මෙවැනි සාරධර්ම/අගයන් පිළිබඳ හිමිකම් පෑම නොකලත්, අනුභාවික නිරීක්ෂණය (empirical observation) සහ කල්පයන් පරීක්ෂා කිරීම මත පදනම් නොවී ආර්ථිකය සංජානනය වීමට මෙය එක් හේතුවක් වියහැක. සමාජ විද්‍යාවක් වශයෙන් ආර්ථික විද්‍යාවෙන් අරමුණු කිරීමට උත්සාහ කරනුයේ නිරීක්ෂණය කලහැකි ප්‍රතිවිපාකයන් හා සාරධර්ම පද්ධතිය පිළිබඳ යම් විනිශ්චයක් නැති එහෙත් විවිධ ආර්ථික පද්ධතින්හි කාර්යක්ෂමතාවයයි. උදාහරණයක් ලෙස සාධාරණාත්මකභාවය පිළිබඳ කිසිදු විනිශ්චයක් නොකරන අධිකාරිත්ව පද්ධතිය, සමානාත්මතා පද්ධතිය හෝ කුල පද්ධතිය ගැන පරීක්ෂා කිරීම පෙන්වා දියහැක.
 
 
==විශේෂීකරණය සහ ශ්‍රමවිභජනය==
Line 100 ⟶ 85:
 
සාර්ව ආර්ථික විද්‍යාව තුළ, සාහිත්‍යයේ නිරූපණය වන ආකාරයට පොදු අනුපිළිවෙළක් පවතී. සාම්ප්‍රදායක ආර්ථික විද්‍යාව, කේන්සියානු ආර්ථික විද්‍යාව, නව සාම්ප්‍රදායික ආර්ථික විද්‍යාව, සැපයුම් අංශයේ ආර්ථික විද්‍යාව, නව විකල්ප සංවර්ධනයන් වලට අන්තර්ගත වන්නේ පාරිසරික ආර්ථික විද්‍යාව, පරිණාමවාදී ආර්ථික විද්‍යාව, පරායත්ත න්‍යාය, ව්‍යුහවාදී ආර්ථික විද්‍යාව සහ ලෝක පද්ධති න්‍යාය.
 
 
=== ආර්ථික විද්‍යාවේ (ආර්ථික විද්‍යාව පිළිබඳ) ඵෙතිහාසික නිර්වචනයන් ===
 
 
දේශපාලන ආර්ථිකය පිළිබඳ අතීත සාකච්ඡාවන් සම්බන්ධවූයේ “ධනය” සමඟිනි. මේ සම්බන්ධයෙන් විමසා බලන කළ David Hume (ඩේවිඩ් හියුම්) සහ Adam Smith (ඇඩම් ස්මිත්) වැදගත් වේ. හියුම් තර්ක කළේ වැඩිවූ නිෂ්පාදකයකින් තොර අතිරික්ත තේ මිල ගණන් ඉහළ නැංවීමට පමණක් දායක වන බවයි. ස්මිත් සත්‍ය ධනය විස්තර කළේ ”රත්රන් සහ රිදී” යන අතීත පද භාවිතා කරමින් නොව, සමාජයේ භූමිය හා ශ්‍රමය යන ඒවායේ වාර්ෂික නිෂ්පාදන යනාදී වශයෙනි.
Line 114 ⟶ 97:
 
== ආර්ථික විද්‍යාවේ තර්ක ශාස්ත්‍රය ==
 
ආර්ථික විද්‍යාව සමකාලීන ක්ෂේත්‍රයක් ලෙස බරපතල තර්ක විලාසයක් මත රඳා පවතී. අනෙක් න්‍යායන්ට වඩා විස්තර කිරීමේ හැකියාව අතින් වඩාත් සරල, ඵලදායී හා විශ්වසනීය වන න්‍යායන් ක්‍රමවත්ව සකස් කිරීම මෙහි අරමුණුවලට ඇතුළත් වේ. මෙහිදී පැහැදිලි කිරීමට ඇති විචල්‍යයේ සම්බන්ධතාවයන් වෙන්කර ගැනීම සඳහා විශ්ලේෂණය සැමවිටම සරල ආකෘතියකින් ආරම්භ කරනු ලබයි. එසේම, "අනෙකුත් දෑ ස්ථාවරයි" යන උපකල්පනය මගින් විශ්ලේෂණයේ සංකීර්ණ බව අඩු කළ හැකිය. උදාහරණ ලෙස, මුදල් ප්‍රමාණවාදී න්‍යාය මගින්, අනෙකුත් දෑ ස්ථාවරව පවතින විට මිල මට්ටම හා මුදල් සැපයුම අතර සම්බන්ධතාවයක් ඇතැයි උපකල්පනය කරයි. දළ දේශීය නිෂ්පාදිතය සඳහා වන මිල දර්ශකය හා මුදල් සැපයුමේ මිණුමක් වැනි ආර්ථික තොරතුරු භාවිතා කර ගොඩ නගන ලද මෙම න්‍යාය පරීක්ෂාවට ලක් කළ හැකිය. පාලිත පරීක්ෂණයක් නොකරනවිට, වෙනත් ආකාරයේ පැහැදිලි කිරීම්වලටද ඉඩහැර අනෙකුත් විචල්‍යවල බලපෑම සඳහා ගැලපීමට ආර්ථික මිථික ක්‍රම මගින් ඉඩ සලසාදෙයි. ඉතාම මෑතකදී ආර්ථික විද්‍යාවේ පර්යේෂණ ක්‍රම භාවිතය‚ ආර්ථික විද්‍යාවේ සමහර ස්වභාවික විද්‍යාවල පෞරාණිකව සටහන් වු මුහුණුවරට අභියෝග කරමින්‚ විශාල ලෙස පුළුල් විය.
Line 120 ⟶ 104:
ඇතැම් පුද්ගලයන් ගණිතමය ආර්ථික විද්‍යාව ප්‍රතික්ෂේප කරයි. සරල තර්කයකට ඔබ්බෙන් වන ඕනෑම දෙයක් ආර්ථීක විශ්ලේෂණයට අනවශ්‍යය හා නුසුදුසු වේ යයි ඔස්ට්‍රියානු ආර්ථික විද්‍යා ගුරුකුලය තර්ක කරයි. සැබෑ ලෝකයේ සංසිද්ධීන් විස්තර කිරීමේ කල්පිත නිගාමී ක්‍රමය ඇතුළත්ව තවමත් ආර්ථික විද්‍යාව විශිෂ්ඨ සමුච්චිත සූත්‍රකරණ සංකල්ප හා ක්‍රම යොදා ගනී. දෙවැන්නට උදාහරණයක් ලෙස ආර්ථික විද්‍යා අන්තරාය ලෙස ඇතැම්විට හඳුන්වන ආර්ථික විද්‍යා නොවන ක්ෂේත්‍ර කරා සූක්ෂම ආකාරයෙන් ආර්ථික විද්‍යාව විස්තාරණය කිරීම දැක්විය හැකිය.
===== ශීර්ෂ පෙළ =====
 
=== සැපයුම සහ ඉල්ලුම ===
සැපයුම් සහ ඉල්ලුම ආකෘතිය, භාණ්ඩ සුලබතාවය හා ඉල්ලුම අතර පවතින තුල්‍යතාවයේ ප්‍රතිඵලයක් ලෙස මිළ වෙනස්වන්නේ කෙසේදැයි විස්තර කරයි. D1 සිට D2 දක්වා වූ ඉල්ලුමෙහි වර්ධනයක් ප්‍රස්ථාරයෙන් පෙන්නුම් කරයි. (දකුණට විතැන්වීමක්) ඒ සමඟම ප්‍රතිඵලයක් ලෙස, සැපයුම් වක්‍රය නව සමතුලිත ලක්ෂ්‍යයක් දක්වා ගමන් කිරීමට අවශ්‍ය භාණ්ඩ ප්‍රමාණයෙන් සහ මිලෙහි වැඩි වීමක් ද පෙන්නුම් කරයි. / වෙළඳපොළ ආර්ථිකය තුළ විකුණු භාණ්ඩවල මිළ හා විකුණුම් ප්‍රමාණයන් වෙනස් වීම විස්තර කිරීමට උපයෝගී කරගන්නා සංවිධිත මූලධර්මයන් ඉල්ලුම් - සැපයුම් සිද්ධාන්තය. ක්ෂුද්‍ර ආර්ථිකයේ දී එය, පූර්ණ තරඟකාරී වෙළඳ පොළක මිළ සහ නිමැවුම් ප්‍රමාණය නිර්ණය කිරීම හා බැ‍ඳේ. මෙය අනෙකුත් වෙළඳපොළ ව්‍යුහයන් ගේ ආකෘතීන් හා වෙනත් සෛද්ධාන්තික ප්‍රවේශයන් සඳහා අච්චුවක් සේ සේවය කොට ඇත.
 
Line 131 ⟶ 115:
පූර්ණ තරඟකාරී වෙළඳ පොළ හැසිරීම විස්තර කිරීමට ඉල්ලුම සහ සැපයුම ප්‍රයෝජනයට ගනී. නමුත් ඒවායේ ක්‍රියාකාරීත්ව‍ෙය් ප්‍රමිතියක් ලෙස ඇති ප්‍රයෝජනය ඕනෑම ආකාරයේ වෙළඳපොළක් දක්වා පුළුල් වේ. ඉල්ලුම සහ සැපයුම සමස්ත ආර්ථිකයේම යෙදවෙන විචල්‍යයන් පැහැදිලි කිරීමට ද සාමාන්‍යකරණය කළ හැකිය. උදාහරණයක් ලෙස සාර්ව ආර්ථිකයේ අධ්‍යයනය කෙරෙන සමස්ත නිමැවුම් ප්‍රමාණය සහ සාමාන්‍ය මිළ මට්ටම ගත හැකිය.
 
=== උපකල්පනයන් විවේචනය ===
 
 
==උපකල්පනයන් විවේචනය==
 
ආර්ථිකය පිළිබඳ ආර්ථික විද්‍යාඥයින් මඟින් යොදා ගන්නා සමහර ආකෘතින් විවේචනය වෙමින් පවතින අතර, සමහර විට එය අනෙකුත් ආර්ථික විද්‍යාඥයින් විසින් ඔවුනගේ අතාත්වික විශ්වාසය, නිරීක්ෂණය කළ නොහැකි, නිවැරදි කළ නොහැකි උපකල්පනයක් නිසා සිදුවන දෙය විය හැක. මෙවැනි විවේචනයන් සඳහා එක් ප්‍රතිචාරයක් වනුයේ වැදගත් නොවන තොරතුරු තුළින් ගත් වියුක්ති අදහස් මඟින් අතාත්වික උපකල්පන ප්‍රතිඵල නිසා සහ එවැනි වියුක්ති අදහස් සංකීර්ණ ලෝකයට අවශ්‍ය වන අතර එමඟින් අදහස් කෙරෙනුයේ අතාත්වික උපකල්පනයන්ට වඩා එකඟ විය හැකි ආර්ථික විද්‍යා දැණුමෙහි වටිනාකමයි. එවැනි උපකල්පන ආර්ථික විද්‍යා දැනුම සඳහා අත්‍යවශ්‍ය වේ. එක් අධ්‍යනයක්, මෙම විස්තර කිරීම “වියුක්ති අදහස් සාධාරණීකරණය ("abstractionist defense") නිගමනය කළේය. මෙහි “වියුක්ති අදහස් සාධාරණීකරණයන් අතාත්වික උපකල්පනයන් විවේචනයන්ට වලංගු නොවේ. කෙසේ වුවත් සටහන් කිරීමට වැදගත් දේ නම් පාසල්වල බහුතරයක් මෙම ක්ෂේත්‍රයේ සිටින අතර ආර්ථික විද්‍යා කරුණුවල පොදු එකඟතාවට එහා ගිය සහ විවිධ විකල්ප ක්ෂේත්‍ර කියා සිටින්නේථ මෙහි වඩාත් නිරීක්ෂණයන්ගේ පරීක්ෂණයක් පාදක කොට ගත් සාධාරණීකරණය කළ ඇතුළාන්තයක් ඇති බවයි.
 
==== විසංවාදී විවේචකයන් ====
 
ආර්ථික විද්‍යාව යනු වෙනස් වූ අධ්‍යාපන අංශ හා කාලීන අදහස්වලින් සමන්විත වූ අධ්‍යයන ක්ෂේත්‍රයකි. එහි ප්‍රතිඵලයක් ‍වශයෙන් අදහස්වල ව්‍යාප්තිය, විවිධ න්‍යායන් හා ප්‍රවේශයන් පවතී. සමහර විට එළඹී ඇති ප්‍රතිවිරුද්ධ අවසානයන් හෝ මෙම මතයන්ට ගැබ් වූ උපකල්පනයන්හි වෙනස්කම් හේතුවෙන් මේවා එකිනෙකට පරස්පර විරෝධී වේ.
 
==== සුභ සාධන හා හිඟකම පිළිබඳ ආර්ථික විද්‍යාවේ නිර්වචනයන්හි විවේචනයන්‍ ====
 
ආර්ථික විද්‍යාවේ නිර්වචනයේ දී ද්‍රව්‍යමය භාෂිතය විවේචනය කරමින් පවතී. මෙයට හේතුව එය මුදල් හා ද්‍රව්‍යයන් පමණක් සීමා වීමයි. උදාහරණයක් වශයෙන් එමඟින් ද්‍රව්‍යමය නොවන ගුණාංග, එනම් වෛද්‍යවරයෙකුගේ සේවාව හෝ නැටුම්කාරයෙකුගේ සේවාව නොසලකා හැර තිබේ. සියලු භෞතික නොවන සේවාවන් සඳහා කෙරෙන ගෙවීම් නොසලකා හරිත වැටුප් න්‍යාය අසම්පූර්ණ වේ. සුභ සාධන කටයුතු ප්‍රමාණාත්මකව මිනිය නොහැකිය. එයට හේතුව මුදල්හි ආන්තික වැදගත්කම ධනවතුන්ගේ සිට දුප්පතුන්ට වෙනස් වීමයි. (සන්සන්දනාත්මක ලෙස සලකා බැලූ විට ඩොලර් 100 පොහොසත් පුද්ගලයෙකුට වඩා දුප්පත් පුද්ගලයෙකුගේ සුභ සාධනය සඳහා ඉතා වැදගත් වේ. මීට අමතරව මත්පැන්, දුම්කොළ වැනි භාණ්ඩ නිෂ්පාදනය හා බෙදා හැරීම වැනි ක්‍රියාවන් මිනිසුන්ගේ සුභ සාධනය සඳහා යෝග්‍ය නොවේ. නමුත් මේ භාණ්ඩ මඟින් මිනිස් ස්භාවයන් වන මිනිස් අවශ්‍යතා සහ අශාවන් තෘප්තිමත් කළ හැකිය.
Line 149 ⟶ 131:
හිඟකම කේන්ද්‍රීය කරගත් නව සම්ප්‍රදායික ආර්ථික විද්‍යාව පාලනය කිරීමට ආරම්භ කරමින් පවතී. පිළිවෙලින් බොහෝ අධ්‍යයන ආර්ථික විද්‍යාව දෙපාර්තමේන්තු මඟින් මෙය බල පැවැත්වේ. එය මෑත අවුරුදුවල සිට සංස්ථායිත ආර්ථික විද්‍යාව සහ විප්ලවීය ආර්ථික විද්‍යා සහ අධික ග අතිරික්ත ආර්ථික විද්‍යාව ඇතුළු විවිධ වූ කොටස් මඟින් විවේචනය කරමින් පවතී.
 
== ශ්‍රම වෙළඳපොල පිළිබඳ සර්ව ආර්ථික විද්‍යාව ==
 
==ශ්‍රම වෙළඳපොල පිළිබඳ සර්ව ආර්ථික විද්‍යාව==
ශ්‍රම හමුදාව අර්ථදක්වා ඇත්තේ රැකියාවක් නොකරන එහෙත් රැකියාවක් අපේක්ෂාවෙන් සිටින පිරිසේ එකතුවක් වශයෙනි. සහභාගීත්ව අනුපාත යන්නේ අදහස් වන්නේ වැඩකලහැකි වයසේ ජනගහනයේ ප්‍රතිශතයක්‍ ලෙස ශ්‍රම බලකායයි. ශ්‍රම බලකායට අයත් නොවන්නේ, රැකියා අපේක්ෂා නොකරන අය, සිරකරුවන්, මානසික රෝගීන්, ළමයින් තමාගේම නිවසේ සේවය කරන්නන් හා ආබාධිතයන් යන අයයි. විරැකියා මට්ටම අර්ථදක්වා ඇත්තේ සේවා නියුක්තිකයින් රහිතව ශ්‍රම බලකාය ලෙසයි. විරැකියා අනුපාතය අර්ථ දක්වා ඇත්තේ ශ්‍රම බලකාය ප්‍රතිශතයක් ලෙස සේවා නියුක්තිකයි‍න්ගේ ප්‍රමාණය ලෙසයි. සේවා නියුක්ත අනුපාතය අර්ථ දක්වා ඇත්තේ වැඩිහිටි ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස සේවා නියුක්තිකයිනගේ ප්‍රමාණය ලෙසයි. මෙම ගණනය කිරීම් වලදී ස්වයං රැකියාවල නිරතවූවන් ගණනය කර ඇත්තේ සේවා නියුක්තිකයින් ලෙසයි.
 
"https://si.wikipedia.org/wiki/ආර්ථික_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි