"වසභ රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
47 පේළිය:
 
==මුල් දිවිය සහ රාජ්‍යත්වය ==
ලම්භකර්ණ නම් ගෝත්‍රයකට අයත් පවුලකට උපන් වසභ, ඔහුගේ ලමා විය රටෙහි උතුරු පළාතේ ගත කලේ, රජුගේ හමුදාවෙහි සේනාධිපතියෙකු වූ ඔහුගේ මාමාට සේවය කරමිනි. . එකල රටෙහි පාලකයා වූයේ [[ශ්‍රී ලංකාවේ සුභරාජ රජ |සුභරාජ රජ]] වූ අතර, ශාස්ත්‍රකාරයන් විසින් ඔහු හට පවසා තිබුනේ, වසභ නමැත්තෙක් විසින් ඔහු පරාජය කොට රජ වන බවයි. මෙය වැලැක්වීමට, සුභරාජ රජ නියෝග කලේ, එම නම දරන සියළු රට වැසියන් මරා දමන ලෙසටයි. වසභගේ මාමා විසින් ඔහු රජු වෙත ගෙන යෑමට තැත්කලේ රජුගේ සේවයට ඔහු බඳවා ගැනුමට යන මුවාවෙනි. කෙසේවෙතත්, රජුගේ අදහස පිළිබඳ ඔහු දැනුවත් කල මාමාගේ බිරිය වූ පොත්තා විසින් සිදු වෙන්නට ගිය ජීවිත හානියෙන් ඔහු මුදවා ගත්තාය. සැඟව පලා ගිය ඔහු, රහසේ හමුදාවක් රැස් කර ගති.
"https://si.wikipedia.org/wiki/වසභ_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි