"විද්‍යුත් සම්බාධනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්
4 පේළිය:
ප්‍රධා පරිපථ වලදී සම්බාධක සංකල්පය හඳුන්වා දීම අවශ්‍ය වන්නේ, සධා පරිපථ වල සාමාන්‍ය ප්‍රතිරෝධයට පරිබාහිර ධාරාව ගැලීමට බාධා පමුණවන වෙනත් යාන්ත්‍රණ ප්‍රධා පරිපථවලදී ක්‍රියාත්මක වන බැවිනි. ප්‍රධා පරිපථ වලදී සැලකිල්ලට ගත යුතු අමතර බාධක යාන්ත්‍රණ දෙකක් පවතියි: ධාරාවන්හී චුම්බක ක්ෂේත්‍ර නිසා සන්නායක වල ස්වයං-ප්‍රේරණය වන වෝල්ටීයතා ප්‍රේරණය ([[ප්‍රේරණතාව]]) සහ , සන්නායක අතර වෝලටීයතාව නිසා ප්‍රේරණය වන ස්ථිතිවිද්‍යුත් ආරෝපණ ගබඩා වීම ([[ධාරණාව]]). මෙම ආචරණ දෙක නිසා සිදුවන සම්බාධකය සාමුහික වශයෙන් හැඳින්වෙන්නේ [[විද්‍යුත් ප්‍රතිබාධකය|ප්‍රතිබාධකය]] ලෙසින් වන අතර, එය සංකීර්ණ සම්බාධකයෙහි [[අතාත්වික සංඛ්‍යාව|අතාත්වික]] කොටස තනමින් ප්‍රතිරෝධයට [[තාත්වික සංඛ්‍යාව |තාත්වික]] කොටස තැනීමට ඉඩ හරියි.
 
සම්බාධකය සඳහා සංකේතය සාමාන්‍යයෙන් <math>\scriptstyle Z</math> වන අතර, එහි විශාලත්වය සහ කලාව <math>\scriptstyle |Z| \angle \theta </math> යන ආකාරයට ලිවීමෙන් එය නිරූපණය කල හැක. කෙසේවෙතත්, පරිපථ විශ්ලේෂණ කාර්යාවලිය සඳහා, සංකීර්ණ සංඛ්‍යා නිරූපණය බොහෝවිට බලවත් වෙයි. ''සම්බාධකය'' යන පදය මුලින්ම භාවිතයට ගැනුනේ [[ඔලිවර් හෙවිසයිඩ්]] විසින් 1886 ජූලි මසහිදීය. <ref>''සයන්ස්'', පි.&nbsp;18, 1888</ref> <ref>ඔලිවර් හෙවිසයිඩ්, ''දි ඉලෙක්ට්‍රීෂියන්'', පි.&nbsp;212, 23 ජූලි 1886, ''ඉලෙක්ට්‍රිකල් පේපර්ස්'' ලෙසින් යළිමුද්‍රිත, පි 64, ඒඑම්එස් බුක්ස්ටෝර්, ISBN 0-8218-3465-7</ref> සම්බාධකය 1893දී සංකීර්ණ සංඛ්‍යාවන් තුලින් නිරූපණය කල පළමුවැන්නා වූයේ [[ආතර් කෙනලි]] වෙයි. <ref>[http://ieeexplore.ieee.org/xpls/abs_all.jsp?arnumber=4768008 කෙනලි, ආතර්. ''ඉම්පිඩන්ස්'' (AIEE, 1893)]</ref>
 
== ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/විද්‍යුත්_සම්බාධනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි