"බීබීසී" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්
47 පේළිය:
1932 දෙසැම්බර් 19 දිනදී බීබීසී අධිරාජ්‍යය සේවය පිහිටුවීමේ පටන් ශ්‍රව්‍ය ගුවන්විදුලිය මගින්ද, මෑතකදී රූපවාහිනිය සහ මාර්ගත සේවා මගින්ද, සෘජු විද්‍යුත් ප්‍රචාරණය සහ යළි-සම්ප්‍රේශණ ගිවිසුම් භාවිතයෙන්, [[බීබීසී ලෝක සේවය]] විසින්, එරා වෙතින් පිටත සේවා සපයා ඇත. විශේෂිත වශයෙන් ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් ප්‍රතිදානය සපයා ගැනුමට, ගෘහස්ත සේවාවන්ගේ සමහරක් පහසුකම් හවුලේ භාවිතා කරතත්, ලෝක සේවය සඳහා වෙනස්වූ කළමනාකාර අධ්‍යක්ෂවරයෙක් භාවිතාවූ අතර, එහි ක්‍රියාකාරී අරමුදල් ඓතිහාසික වශයෙන් සැපයුනේ ප්‍රධාන වශයෙන් බ්‍රිතාන්‍ය රජය වෙතින් ලබාදුන් සෘජු දීමනා මගිනි. මෙම දීමනාවන්හී ප්‍රමාණය, ගෘහස්ත බලපත්‍ර ගාස්තු වලින් ස්වායත්තව තීරණය කෙරුණු අතර, සාමාන්‍ය වශයෙන් විදේශ සහ පොදු රාජ්‍ය මණ්ඩල කාර්යාල අයවැය ගිණුමෙන් ප්‍රදානය කෙරිණි. එබැවින්, බීබීසී යේ ජාත්‍යන්තර සේවා අන්තර්ගතය සාම්ප්‍රදායිකව ක්‍රියාක්මක වූයේ – භාගික වශයෙන් හෝ – බ්‍රිතාන්‍ය රජය සඳහා ඵලදායී විදේශ ප්‍රතිපත්ති මෙවලමක් ලෙසිනි. මෑතදී පැවැත්වුණු [[බීබීසී ලෝක සේවය|බීබීසී ලෝක සේවා]] වැය සමාලෝචනයේදී, ගෘහස්ත බලපත්‍ර ගාස්තු තුලින් ලෝක සේවය සඳහා අරමුදල් සපයා ගැනුමෙහි සැලසුමක් ප්‍රකාශයට පත් කෙරුණි.
 
සංස්ථාව වෙත සහතික ලෙසින් හිමි වන බලපත්‍ර ගාස්තු සහ ලෝක සේවා දීමනාවට අතිරේඛ වශයෙන්, සම්පූර්ණ හිමිකාරත්වය සහිත සහධාරි සමාගමක් වන [[බීබීසී වර්ල්ඩ්වයිඩ්]] හී වාණිජ ක්‍රියාකාරකම් තුලින් උපැයෙන ලෘභය එය වෙත ලැබෙයි. සමාගමෙහි ක්‍රියාකාරකම් අතර වැඩසටහන්- සහ සැලසුම්-විකුණුම වෙයි.
 
==ආශ්‍රිත==
"https://si.wikipedia.org/wiki/බීබීසී" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි