"බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
බාහිර සබැඳි
අභිධාන සහ උපාධි
45 පේළිය:
ශ්‍රී ලාංකීය භික්ෂූන් අතර ආනන්ද මෛත්‍රෙය නාහිමියන් වඩාත් ප්‍රචලිත වුයේ භාවනායෝගී භික්ෂුවක් ලෙස හා එයින් ප්‍රතිඵල නෙලාගත් කෙනෙකු ලෙසය. ඒ නිසාම බෞද්ධයින් විශාල වශයෙන් උන්වහන්සේ සොයා පැමිණියහ. එම විෂයට අදාල ලිපි සහා පොත් පත් රැසක් ම උන්වහන්සේ විසින් රචනා කර තිබේ.ලොව තිබෙන සෑමහෝ භාවනා සම්ප්‍රදායක් පිළිබදව පාහේ උන්වහන්ස්‍සේ ට දැනුමක් තිබු අතර එය බුදු රජුන්ගේ භාවනා මාර්ගය සමග සම විෂම වන ආකාරය පැහැදිලි කිරීමේ පරිනත බවක් ද උන්වහන්සේ වෙත වීය. එමෙන්ම එම ක්‍රමවල උපයෝගිතාව පිළිබදව උන්වහන්සේට අවබෝධය තිබිණි. උන්වහන්සේ ගේ දිනපොත් වල තමන්වහන්සේ භාවනාවේදී කුමන අත්දැකීම් ලැබුවේ ද යන්න පැහැදිලි වන ආකාරයෙන් සටහන් තබා තිබේ.
 
ආනන්ද මෛත්‍රෙය නාහිමියන් පාලි ත්‍රිපිඨකය සිංහලයට නැගීම ආරම්භ කරන ලද්දේ ගෙවුන සියවසේ තෙවන දශකයේ දීය. පස්වන දශකයේ දි රජය විසින් මෙම භාරදුර කාර්යයේ වගකීම බාරගත් අතර උන්වහන්සේ ත්‍රිපිටක සංස්කරණ මණ්ඩලයේ සභාපති දුරයට පත්වුහ. ත්‍රිපිටක සාහිත්‍යයට අමතරව පාලි, සංස්කෘත හා ඉංග්‍රිසි යන භාෂාවන් සදහා ව්‍යාකරණ පොත් කීපයක්ම උන්වහන්සේ සංස්කරණය කළහ.
 
== අභිධාන සහ උපාධි ==
 
1955 දී මියන්මාර (බුරුම) රජය සයවන බෞද්ධ සම්ම්මේලනයේදී බුදු දහම වෙනුවෙන් එතුමන් කළ අද්විතීය සේවාව වෙනුවෙන් ගෞරවය පුද කිරීමක් ලෙස "අග්ග මහා පණ්ඩිත" යන අභිධානය මහානායක හිමියන්ට පිරිනමන ලදී. එමෙන්ම මියන්මාරය එතුමාට එහි ඉහළතම සංඝ අභිධානය වන "අභිධර්ම මාහාරට්ඨගුරු" (ශ්‍රී ලංකාවේදී සංඝරාජ පදවියට සමාන වන) යන්නද පිරිනමන ලදී. ආනන්ද මෛත්‍රෙය තෙරණුවන් ශ්‍රී ලංකා රජය විසින් "ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය ප්‍රවචන විශාරද" ගෞරව උපාධියද ඊට අමතරව විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් "සාහිත්‍යසූරී" සහ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් "සාහිත්‍ය චක්‍රවර්තී" යන ගෞරව අභිධනයන්ගෙන්ද පිදුම් ලබන ලදී.
 
මහානායක හිමියන්ගේ නිහතමානීත්වය පැහැදිලිව ප්‍රකාශ වූයේ එතුමා කිසිම අයුරක සම්මාන හෝ අභිධාන කෙරෙහි කැමැත්තක් නොදක්වන බව ප්‍රසිද්ධියේ පැවසීමෙනි. එතුමා ප්‍රදානය කරන්නන් සතු‍ටු කිරීම සඳහා එම සම්මාන පිළිගත්තේය. එතුමන් එම කතාවේදී තමන් වහන්සේ නිතරම සිහිපත් කරන කරුණක් ලෙස බුදු රජාණන් වහන්සේ අභිධර්ම පිටකයේ සංයුක්ත නිකායේ ගෞරව සම්මාන, තනතුරු පදවි යනාදියට දැඩි ලෙස ආශා කිරීමේ ඇති නොවැදගත් බව වදාළ අයුරු වදාළේය.
 
== රචනා ==
"https://si.wikipedia.org/wiki/බලංගොඩ_ආනන්ද_මෛත්‍රෙය_හිමි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි