"ඩැනියෙල් ක්‍රේග්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
36 පේළිය:
 
===ජේම්ස් බොන්ඩ් 2005 සිට වර්තමානය දක්වා===
2005 වර්ෂයේදි ඉයොන් නිෂ්පාදක සමාගම ([http://en.wikipedia.org/wiki/Eon_Productions Eon Productions]) ''කැසිනෝ රෝයල්'' චිත්‍රපටියේ බොන්ඩ් චරිතය නිරූපණය කිරීම සඳහා ක්‍රේග් සමඟ ගිවිසුම් අත්සන් කරන ලදි. බොන්ඩ් චිත්‍රපටි මාලාව මුදල් ඉපැයිය හැකි උල්පතක් බවත් මෙම චරිතය බාරගැනීමේ ඇති අභියෝගාත්මක බව මනාව වටහා ගෙන සිටින බවත් මෙහිදි ක්‍රේග් විසින් ප්‍රකාශ කරන ලදි. එමෙන්ම ජේම්ස් බොන්ඩ් චරිතය භාවාත්මක මානයක් කරා ගෙන යාමට උත්සහ දරන බවද එහිදී ඔහු විසින් සඳහන් කළේය. 1968 උපත ලද ක්‍රේග් බොන්ඩ් චිත්‍රපටි මාලාව අරම්භවීමෙන් පසු හා ජේම්ස් බොන්ඩ් නවකථා මාලාවේ රචක ඉයන් ෆ්ලෙමින් ([http://en.wikipedia.org/wiki/Ian_Fleming Ian Fleming]) මිය යාමෙන් පසු උපත ලද ,බොන්ඩ් චරිතයක් නිරූපණය කරන ප්‍රථම නළුවා විය. බොන්ඩ් චරිතය සදහාසඳහා ක්‍රේග්ගේ තෝරාගැනිම එකල මත භේදයට තුඩු දුන් කරුණක් විය.බොහෝ දෙනා විසින් නිෂ්පාදක සමාගම නිවැරදි තීරනයක් ගත්තාදැයි සැක පහල කළහ. මෙය කොතෙක් දරුනු වීද යත් චිත්‍රපටය නිෂ්පාදනය කරන මුලු කාල සීමාව තුලම ප්‍රේක්ෂකයන් විසින් අන්තර්ජාලය හරහා මෙම තෝරාගැනිම පිළිබඳව තම නොසතුට හා චිත්‍රපටය වර්ජනය කරන බවට ප්‍රචාරක ව්‍යාපාරයක් පවා ගෙන යන ලදි.
 
උස කළු හිස කෙස් ඇති මීට පෙර බොන්ඩ් චරිතය නිරූපනය කළ නළුවන් විසින් බොන්ඩ් චරිතය සඳහා ප්‍රේක්ෂකයන් තුල ගොඩනගා තිබු ප්‍රතිරූපය අඩි පහයි අඟල් දහයක් උස තඹවන් හිස කෙස් ඇති පුද්ගලයෙක් තෝරාගැනිමත් සමඟ බිද වැටීම ප්‍රේක්ෂක විරෝධතා වලට මූලික ලෙස හේතු විය. එමෙන්ම ක්‍රේග් බොන්ඩ් චරිතය සදහා මටසිලිටු වැඩි බව සඳහන් කරමින් ඩේලි මිරර් ([http://en.wikipedia.org/wiki/The_Daily_Mirror The_Daily_Mirror]) පුවත් පතේ මුල් පිටුවේ "The Name's Bland – James Bland" යන සිරස්තලයෙන් යුතු පුවතක් පවා පළ විය.මෙලෙස ක්‍රේග්ගේ තෝරාගැනිමතෝරාගැනීම මත භේදයට තුඩු දුන් නමුත් බොහෝ රංගන ශිල්පීන් ප්‍රසිද්ධියේ ක්‍රේග් හට සහය පළ කරන ලදි. විශේෂයෙන් මීට පෙර බොන්ඩ් චරිතයට පණ පෙවු නළුවන් වන පියර්ස් බ්‍රොන්සන් ([http://en.wikipedia.org/wiki/Pierce_Brosnan Pierce Brosnan]), තිමති ඩොල්ටන් ([http://en.wikipedia.org/wiki/Timothy_Dalton Timothy Dalton]), ෂෝන් කොනරි ([http://en.wikipedia.org/wiki/Sean_Connery Sean Connery]) හා රොජර් මුවර් ([http://en.wikipedia.org/wiki/Roger_Moore Roger Moore]) ක්‍රේග්ව තෝරාගැනීම හොඳ තීරණයක් බවට ප්‍රකාශ කරන ලදි.
 
[[ගොනුව:DanielCraigAAFeb09.jpg|thumbnail|දකුණ|ඩැනියෙල් ක්‍රේග් 81 වන ඇකඩමි සම්මාන උළෙලේදි, 2009]]
 
ක්‍රේග්ගේ පළමු බොන්ඩ් රංගනය ඇතුලත් කැසිනෝ රෝයල් චිත්‍රපටය 2006 නොවැම්බර් මස 16 වන දින තිරගත වීම ආරම්භ විය. ක්‍රේග්ට එරෙහිව තිබු සියලු මත බිද හෙළමින් ''කැසිනෝ රෝයල්'' ([http://en.wikipedia.org/wiki/Casino_Royale_(2006_film)%20 ''Casino Royale'']) චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනය කිරීමෙන් ඇමරිකානු ඩොලර් 594,239,066 වාර්තාගත ආදායමක් උපයාගැනිමට සමත් විය.එය එතෙක් බොන්ඩ් චිත්‍රපටයක් උපයාගත් ඉහළම ආදායම වේ. එමෙන්ම චිත්‍රපටය තුල ක්‍රේග්ගේ රංගනය ඉමහත් ලෙස ප්‍රේක්ෂක හා විචාරක ප්‍රතිචාරයට බඳුන් විය.මෙම සාර්ථකත්වය නිසාම ඉදිරි බොන්ඩ් සිනමා පට හතරක් සදහාසඳහා නිෂ්පාදකවරුන් ඩැනියල් ක්‍රේග්ව ජේම්ස් බොන්ඩ් චරිතය සඳහා තෝරා ගන්නා ලදි.එමෙන්ම ඔහුට 2006 වර්ෂයේදි චලන චිත්‍ර පිලිබද කලා හා විද්‍යා ඇකඩමියේ ([http://en.wikipedia.org/wiki/Academy_of_Motion_Picture_Arts_and_Sciences Academy of Motion Picture Arts and Sciences]) සාමාජිකත්වයද හිමි විය.
 
2008 වසරේ ''කොවොන්ටම් ඔෆ් සොලෙස් චිත්‍රපටය'' රූගත කිරිම් අතරතුර ක්‍රේග් ඇතුලු නිෂ්පාදක කණ්ඩායමට අනතුරු මාලාවකට මුහුණ දීමට සිදු විය. රූගත කිරිම් අතරතුර ක්‍රේග්ගේ ඇඟිල්ලක් කැපිම , පයින්වුඩ් චිත්‍රාගාරයේ ([http://en.wikipedia.org/wiki/Pinewood_Studios Pinewood Studios]) ගින්නක් හට ගැනීම,මෝටර් රථ දෙකක් අනතුරට භාජනවීමෙන් ක්‍රියාදාම නිරූපන ශිල්පියෙකු බරපතළ තුවාල ලැබීම, රූගත කිරිම් සඳහා යොදාගත් ඇස්ටන් මාටින් ([http://en.wikipedia.org/wiki/Aston_Martin Aston Martin]) රථයක් ප්‍රවාහනය කරන අතරතුර මාර්ගයෙන් ලිස්සා ගොස් ඉතාලියේ ගර්දා ([http://en.wikipedia.org/wiki/Lake_Garda Lake Garda]) වැවට පෙරළීම ඒ අතර වේ.
 
තම ජේම්ස් බොන්ඩ් චරිත නිරූපණය පිළිබඳ ක්‍රේග් පවසන්නේ ඔහු සෑම විටම තම ප්‍රධාන චරිතය සාම්ප්‍රදායික වීරයාගෙන් ඔබ්බට ගෙන යාමට උත්සහ දරන බවයි.ඒ පිළිබඳව ඔහු මෙලෙස පවසයි. " ජේම්ස් බොන්ඩ් චරිතයට අවතීර්ණ වන සෑම විටම මම මගෙන්ම ප්‍රශ්න කරනවා , 'මම හොඳ පුද්ගලයෙක්ද නැත්නම් හොඳ පැත්තට වැඩ කරන නිකන්ම නිකන් නරක පුද්ගලයෙක්ද කියලා' මොනවා වුනත් අන්තිමට බැලුවාම බොන්ඩ් කියන්නේ ඝාතකයෙක්. මම කවදාවත් මේ ආකාරයේ කෙනෙක් ගේ චරිතයක අඳුරු පැත්ත නැත්නම් නරක පැත්ත අනාවරණය නොකළ යුතු අකාරයේ චරිත නිරූපණයක යෙදිලා නැ. මම හිතන්නේ නැහැ එවැනි රංගනයක් චිත්‍රපටිය අවසානයේ ඔබව ව්‍යාකූල කරයි කියලා.හැබයිහැබැයි චිත්‍රපටය අතරතුර ඔබ ප්‍රශ්න කරන්න ඕන ඔහු කවුද කියලා." ක්‍රේග්ගේ ප්‍රියතම ජේම්ස් බොන්ඩ් නළුවා ෂෝන් කොනරි ([http://en.wikipedia.org/wiki/Sean_Connery Sean Connery]) බව ප්‍රකාශ කර ඇත. එහෙත් ඔහු මෙලෙසද පවසයි "මම කිසි විටකවත් කිසි කෙනෙක්ව අනුකරණය කරන්නේ නැහැ. අනුකරණය කියන්නේ මම මටම කරගන්න නිරර්ථක ක්‍රියාවක්". ඔහුගේ ප්‍රියතම බොන්ඩ් චිත්‍රපටය වන්නේ 1963 දිදී තිරගතවු ''ෆ්‍රොම් රෂියා විත් ලව්'' ([http://en.wikipedia.org/wiki/From_Russia_with_Love_(film) ''From Russia with Love'']) සිනමා පටය වේ.වරක් රූපවාහිනි වැඩසටහනකට සහභාගි වු බොන්ඩ් චරිතයට හය වතාවක් පණ පෙවු ෂෝන් කොනරිගෙන් ක්‍රේග්ගේ බොන්ඩ් චරිත නිරූපණය ගැන විමසු විට ඔහු පැවසුවේ එය ඔහු මනස්කාන්ත හා අදහාගත නොහැකි තරම් දක්ෂ ලෙස සිදු කරන බවයි.
 
2010 වර්ෂයේ අප්‍රේල් මස 19 වන දින ක්‍රේග්ගේ තෙවන ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය (ජේම්ස් බොන්ඩ් චිත්‍රපට මාලවේ විසි තුන්වැන්න) තිරගතවීම එම්.ජි.එම් ([http://en.wikipedia.org/wiki/Metro-Goldwyn-Mayer MGM]) සමාගමට බලපෑ ආර්ථික දුෂ්කරතා නිසා ප්‍රමාද විය.නමුත් ඔවුන් එම චිත්‍රපටය (''ස්කයි ෆෝල්'') 2012 ඔක්තෝබර් මස විසිතුන්වන දින ජේම්ස් බොන්ඩ් චිත්‍රපටි මාලාවේ ස්වර්ණ ජයන්තිය සැමරිමට සමගාමීව තිරගත කරන ලදි. ස්කයි ෆෝල් ලද සාර්ථකත්වයත් සමඟම ක්‍රේග් සමග ඉදිරි ජේම්ස් බොන්ඩ් චිත්‍රපටි දෙකක් සඳහා ගිවිසුම් අත්සන් කළ බව 2012 සැප්තැම්බර් මස අටවන දින බොන්ඩ් චිත්‍රපට නිෂ්පාදක සමාගම විසින් සඳහන් කළහ.
"https://si.wikipedia.org/wiki/ඩැනියෙල්_ක්‍රේග්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි