"ඉන්දීය නිදහස් දිනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
37 පේළිය:
ඉන්දියාවේ දිගින් දිගටම වර්ධනය වෙමින් පැවති කලහකාරී තත්වය තවදුරටත් මර්දනය කිරීමට අවශ්‍ය සිය ඡන්ද දායකයන්ගේ කැමැත්තවත්, ජාත්‍යන්තර සහයෝගයවත්, [http://en.wikipedia.org/wiki/British_Indian_Army බ්‍රිතාන්‍යය-ඉන්දීය හමුදාවේ] විශ්වසනීයත්වය වත් නොමැති බව තවදුරටත් ඔවුන් තේරුම් ගත්හ. එබැවින් 1947 පෙබරවාරි මාසයේදී එවකට බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යව සිටි [http://en.wikipedia.org/wiki/Clement_Attlee ක්ලිමෙන්ට් ඇට්ලී] විසින් 1948 ජූනි 28 වන විට බ්‍රිතාන්‍යය-ඉන්දියාවට සම්පූර්ණ ස්වයං පාලනයක් ලබා දෙන බවට ප්‍රකාශයට පත් කරන ලදී.
 
ඉන්දීය කොන්ග්‍රසය සහ මුස්ලිම් සංවිධානය අතර ඇති වූ ගැටුම් හේතුවෙන් මධ්‍යම රජය බිඳවැටේ යැයි විශ්වාස කළ නව [http://en.wikipedia.org/wiki/Viceroy_of_India ප්‍රතිරාජයා] වූ [http://en.wikipedia.org/wiki/Louis_Mountbatten ලුවිස් ම්වුන්ට්බැට්න්ටමවුන්ට්බැට්න්ට] බලය පැවරීමේ දිනය තව දුරටත් ඉදිරියට ගෙන ඒමට කටයුතු කළේය. ඔහු විසින්, ජපානය 2වන ලෝක යුද්ධයෙන් සිය යටත් වීම ප්‍රකාශ කොට දෙවසරක් ගතවීමේ සංවත්සරය, එනම් අගොස්තු 15 මෙම බලය පැවරීම සඳහා තෝරා ගන්නා ලදී.
ඉන්පසු 1947 ජූනි මස 3 වන දින බ්‍රිතාන්‍යය රජය විසින්, [http://en.wikipedia.org/wiki/British_India බ්‍රිතාන්‍යය-ඉන්දියාව] කොටස් දෙකකට බෙදීමේ යෝජනාවට සිය එකඟත්වය ප්‍රකාශ කළහ. මෙසේ වෙන් වන රාජ්‍ය දෙක හට ආධිපත්‍යභාවය හිමි වූ අතර [http://en.wikipedia.org/wiki/British_Commonwealth බ්‍රිතාන්‍යය පොදු රාජ්‍ය මණ්ඩලයෙන්] ඉවත් වීමේ සම්පූර්ණ අයිතිය ද ලැබිණි.මේ අනුව [http://en.wikipedia.org/wiki/Parliament_of_the_United_Kingdom එක්සත් රාජධානි පාර්ලිමේන්තුව],[http://en.wikipedia.org/wiki/Indian_Independence_Act_1947 1947 ඉන්දීය නිදහස් පනත] ට අනුව බ්‍රිතාන්‍යය-ඉන්දියාව, ඉන්දියව සහ පාකිස්ථානය(වර්තමාන [http://en.wikipedia.org/wiki/Bangladesh බංග්ලාදේශයද] අතුළත්)ලෙස ස්වාධීන රජ්‍ය දෙකකට බෙදන ලද්දේ 1947 අගෝස්තු 15 වන දිනයි.මෙම පනතට බ්‍රිතාන්‍යය රාජ්‍ය අනුමැතිය ලැබුණේ 1946 ජුලි මස 18 වන දිනයි.
 
"https://si.wikipedia.org/wiki/ඉන්දීය_නිදහස්_දිනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි