"ඉන්දීය නිදහස් දිනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
67 පේළිය:
නිදහස් දිනයේදී, ගුවන් විදුලියේ සහ රූපවාහිනී නාලිකා වල දේශමාමක ගීත [http://en.wikipedia.org/wiki/Hindi_language හින්දි] භාෂාවෙන් සහ [http://en.wikipedia.org/wiki/Languages_with_official_status_in_India#Eighth_Schedule_to_the_Constitution අනෙකුත් ප්‍රාදේශීය භාෂාවන්ගෙන්] විකාශණය වනු ඇසිය හැක. මීට අමතරව මෙම ගීත ධජය එසවීමේ උත්සව අවස්ථාවලද වාදනය වේ. මේ අකාරයටම දේශමාමක චිත්‍රපටද විකාශනය වූ නමුදු වර්තමානය වන විට එසේ විකාශනය වන චිත්‍රපට ගණන අඩු වී ඇතැයි [http://en.wikipedia.org/wiki/The_Times_of_India ඉන්දියාවේ ටයිම්ස් පුවත්පත] වාර්තාකරයි. මෙයට හේතුව ලෙස ඔවුන් ගෙනහැර දක්වන්නේ දේශමාමක චිත්‍රපට දිගින් දිගටම පෙන්වීමෙන් ප්‍රෙක්ෂකයින් ගේ රුචිය අඩු වී ඇති බවයි. [http://en.wikipedia.org/wiki/Generation_Y Y පරම්පරාවට] අයත් පිරිස් ජාතිමාමකත්වය නවීන සංස්කෘතියට එකාබද්ධ කරමින් සැමරීම් සිදුකරයි. මෙම සමිශ්‍රණයට උදාහරණ වන්නේ ඉන්දියාවේ විවිධ සංස්කෘතික සම්ප්‍රදායන් නිරූපණය කරන ඇඳුම්, ඉන්දීය ධජයේ වර්ණ 3න් පාටගැන්වූ ආහාර සහ සළුපිලියි. වෙළෙඳසැල්වල මෙම කාලය තුළ විවිධ වෙළෙඳ ප්‍රවර්ධන කටයුතු සිදුකෙරෙන අතර පුවත් පත් වාර්ථා කීපයක්ම මෙම වාණිජකරණය හෙළාදැක ඇත.
 
[http://en.wikipedia.org/wiki/Indian_Postal_Service ඉන්දියානු තැපැල් සේවය] අගොස්තු 15 වන දිනට සමගාමීව නිදහස් සටනේ නායකයන්, දේශාභීමනී තේමාවන් සහ රාජ්‍ය ආරක්ෂාව තේමාකරගත් අනුස්මරණ මුද්දර නිකුත් කිරීම සිදු කරයි.නිදහස සහ ඉන්දීය පාකිස්තාන් බෙදීම, [http://en.wikipedia.org/wiki/Artistic_depictions_of_the_partition_of_India සාහිත්‍ය සහ වෙනත් කලාත්මක නිර්මාණ] බිහිවීම දිරිගනවන්නක්දිරිගන්වන්නක් විය. එවැනි බොහොමයක් නිර්මාණ දේශයන්ගේ බෙදීම නිසා අහිමි වූ ජීවිත පිළිබඳව සටහන් කරයි. [http://en.wikipedia.org/wiki/Booker_Prize බුකර්] සහ [http://en.wikipedia.org/wiki/The_Best_of_the_Booker බුකර් ඔෆ් බුකර්ස්] වැනි සම්මානවලින් පිදුම් ලද [http://en.wikipedia.org/wiki/Salman_Rushdie සල්මාන් රුෂ්දීගේ] [http://en.wikipedia.org/wiki/Midnight%27s_Children මිඩ්නයිට් චිල්ඩ්‍රන්(1980)] නම් කෘතිය 1947 අගෝස්තු 14-15 මධ්‍යම රාත්‍රීයේ උපන් ඉන්ද්‍රජාලික හැකියාවන් සහිත ළමුන් වටා ගෙතී ඇත. [http://en.wikipedia.org/wiki/Larry_Collins_(writer) ලැරී කොලින්ස්] සහ [http://en.wikipedia.org/wiki/Dominique_Lapierre ඩොමින්ක් ලේපියර්] විසින් රචිත [http://en.wikipedia.org/wiki/Freedom_at_Midnight ෆ්‍රීඩම් ඇට් මිඩ්නයිට්(1975)]කෘතිය 1947 පළමු නිදහස් දිනය ආශ්‍රිතව සිදු වු සිදුවීම් වාර්තා කරන කෘතියකි. නිදහස පිළිබඳ ගොඩනැගී ඇති චිත්‍රපට වලින් කිහිපයක් පමණක් නිදහස ලබා ගැනීමේ මොහොත මධ්‍යස්ථ කරගත් ඒවා වන අතර බොහොමයක් නිරූපණය කරන්නේ ඉන්දියාවේ දෙකඩවීම සහ ඉන්පසු ඇතිවු විපාක පිළිබඳවයි.ගූගල් සමාගම විසින් එහි ඉන්දීය පිටුවේ, නිදහස අනුස්මරණය කිරීමට 2003 වර්ෂයේ සිට [http://en.wikipedia.org/wiki/Google_Doodle#Google_Doodle ඩූඩ්ල්] එකක් යොදාගෙන ඇත.
 
==යොමුව==
"https://si.wikipedia.org/wiki/ඉන්දීය_නිදහස්_දිනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි