"ඉන්දීය නිදහස් දිනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
12 පේළිය:
1947 අගෝස්තු 15 වන දින [http://en.wikipedia.org/wiki/British_Raj| බ්‍රිතාන්‍ය පාලනයෙන්] ජාතික නිදහස දිනා ගැනීම අනුස්මරණය කිරීම පිණිස සමරන, '''නිදහස් දිනය''' ඉන්දියාවේ [http://en.wikipedia.org/wiki/Public_holidays_in_India| ජාතික නිවාඩු] දිනයකි. [http://en.wikipedia.org/wiki/Indian_National_Congress| ඉන්දීය ජාතික කොන්ග්‍රසය] මගින් ගෙන ගිය [http://en.wikipedia.org/wiki/Nonviolent_resistance| අවිහින්සාවාදී විරෝධතා] සහ [http://en.wikipedia.org/wiki/Nonviolent_resistance| මහජන කෝලහාල] ඉන්දියාව නිදහස දිනා ගැනීමට ප්‍රධාන වශයෙන් මූලික විය.නිදහසට සමගාමීව බ්‍රිතන්‍ය - ඉන්දීය අධිරජ්‍ය ආගමික විශමතා හේතුකොට ගෙන [http://en.wikipedia.org/wiki/Dominion_of_India| ඉන්දියාව] සහ [http://en.wikipedia.org/wiki/Dominion_of_Pakistan| පාකිස්තානය] වශයෙන් [http://en.wikipedia.org/wiki/Partition_of_India| බෙදීමකට] ලක්විය. මෙහිදී අති වු උග්‍ර කලකෝලහාල හේතුකොට ගෙන විශාල පිරිසක් විපතට පත් විය.
 
ජාතික කොඩිය එසවීමේ උත්සවය දිල්ලි නගරයේ [http://en.wikipedia.org/wiki/Red_Fort| රතු කොටුවේ] සිදුවන අතර මෙහිදී [http://en.wikipedia.org/wiki/Prime_Minister_of_India| ඉන්දීය අග්‍රාමාත්‍යවරයා] [http://en.wikipedia.org/wiki/Flag_of_India| ජාතික කොඩිය] ඔසවා ජාතිය ඇමතීම සිදු කරනු ලබයි. මෙදින රට පුරා කොඩි එසවීමේ උත්සව, පෙලපාලී සහ විවිධ සංස්කෘතික උත්සව දැකගත හැක. ඉන්දියානු ජනතාව තම නිදහස සමරන්නේ සිය ඇඳුම් ආයිත්තම්, වාහන සහ නිවෙස් වල ජාතික කොඩිය දර්ශනය කිරීමෙන්, ජාත්‍යාලය දනවන චිත්‍රපට සහ ගීත අසීමෙන් සහ තම නෑදෑ හිත මිත්‍ර ආදීන් සමඟ සම්බන්ධතා වැඩි දියුණු කිරීම ආදී කටයුතු වල නිරත වීමෙනි. නිදහස් දිනය වර්ජනය කිරීමට සහ ඊට විරෝධය පෑමට බෙදුම්වාදීන් සහ යුධ කාමීන් විසින් නිරන්තරයෙන් අගෝස්තු 15 සහ ඒ ආශ්‍රිත දින වල ත්‍රස්ත ප්‍රහාර එල්ල කරනු ලබන අතර අනෙකුත් පිරිස් හර්තාල් සහ කලු කොඩි ව්‍යාපාර මගින් නිදහස් දින උත්සව සැමරීම් පිටු දැකීමට කටයුතු කර ඇත.
 
 
"https://si.wikipedia.org/wiki/ඉන්දීය_නිදහස්_දිනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි