"ඉන්දීය නිදහස් දිනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය කරමින් පවතී. මුල් පිටුව : Independence Day (India) හි පරිවර්ථනයකි
සංස්කරණය කරමින් පවතී. මුල් පිටුව : Independence Day (India) හි පරිවර්ථනයකි.
65 පේළිය:
ඉස්ලාම් යුදධකාමීන්ගෙන් ත්‍රස්ත ප්‍රහාරවලට පෙර සුදානම් පියවර ලෙස මුම්බාය සහ දිල්ලිය වැනි ප්‍රධාන නගරවලත් කලබල පවතින ජම්මු හා කාශ්මීර් වැනි ප්‍රදේශවලත් ආරක්ෂාව මෙම කාලයේදී තරකරනු දැකිය හැක. මීට අමතරව ගුවනින් සිදුවිය හැකි ප්‍රහාර වළකවා ගැනීමට රතු කොටුව ආශ්‍රත ගුවන් කාලාපය තහනම් පියාසැරි කලාපයක් ලෙස නම් කරන අතර අනෙකුත් නගරවල පොලිස් මුරකාවල් තරකරනු ලබයි.
 
==සංස්කෘතිය==
 
නිදහස් දිනයේදී, ගුවන් විදුලියේ සහ රූපවාහිනී නාලිකා වල දේශමාමක ගීත හින්දි භාෂාවෙන් සහ අනෙකුත් ප්‍රාදේශීය භාෂාවන්ගෙන් විකාශණය වනු ඇසිය හැක. මීට අමතරව මෙම ගීත ධජය එසවීමේ උත්සව අවස්ථාවලද වාදනය වේ. මේ අකාරයටම දේශමාමක චිත්‍රපටද විකාශනය වූ නමුදු වර්තමානය වන විට එසේ විකාශනය වන චිත්‍රපට ගණන අඩු වී ඇතැයි ඉන්දියාවේ ටයිම්ස් පුවත්පත වාර්තාකරයි. මෙයට හේතුව ලෙස ඔවුන් ගෙනහැර දක්වන්නේ දේශමාමක චිත්‍රපට දිගින් දිගටම පෙන්වීමෙන් ප්‍රෙක්ෂකයින් ගේ රුචිය අඩු වී ඇති බවයි. Y පරම්පරාවට අයත් පිරිස් ජාතිමාමකත්වය නවීන සංස්කෘතියට එකාබද්ධ කරමින් සැමරීම් සිදුකරයි. මෙම සමිශ්‍රණයට උදාහරණ වන්නේ ඉන්දියාවේ විවිධ සංස්කෘතික සම්ප්‍රදායන් නිරූපණය කරන ඇඳුම්, ඉන්දීය ධජයේ වර්ණ 3න් පාටගැන්වූ ආහාර සහ සළුපිලියි. වෙළෙඳසැල්වල මෙම කාලය තුළ විවිධ වෙළෙඳ ප්‍රවර්ධන කටයුතු සිදුකෙරෙන අතර පුවත් පත් වාර්ථා කීපයක්ම මෙම වාණිජකරණය හෙළාදැක ඇත.
 
ඉන්දියානු තැපැල් සේවය අගොස්තු 15 වන දිනට සමගාමීව නිදහස් සටනේ නායකයන්, දේශාභීමනී තේමාවන් සහ රාජ්‍ය ආරක්ෂාව තේමාකරගත් අනුස්මරණ මුද්දර නිකුත් කිරීම සිදු කරයි.නිදහස සහ ඉන්දීය පාකිස්තාන් බෙදීම සාහිත්‍ය සහ වෙනත් කලාත්මක නිර්මාණ බිහිවීම දිරිගනවන්නක් විය. එවැනි බොහොමයක් නිර්මාණ දේශයන්ගේ බෙදීම නිසා අහිමි වූ ජීවිත පිළිබඳව සටහන් කරයි. බුකර් සහ බුකර් ඔෆ් බුකර්ස් වැනි සම්මානවලින් පිදුම් ලද සල්මාන් රුෂ්දීගේ මිඩ්නයිට් චිල්ඩ්‍රන්(1980) නම් කෘතිය 1947 අගෝස්තු 14-15 මධ්‍යම රාත්‍රීයේ උපන් ඉන්ද්‍රජාලික හැකියාවන් සහිත ළමුන් වටා ගෙතී ඇත. ලැරී කොලින්ස් සහ ඩොමින්ක් ලේපියර් විසින් රචිත ෆ්‍රීඩම් ඇට් මිඩ්නයිට්(1975)කෘතිය 1947 පළමු නිදහස් දිනය ආශ්‍රිතව සිදු වු සිදුවීම් වාර්තා කරන කෘතියකි. නිදහස පිළිබඳ ගොඩනැගී ඇති චිත්‍රපට වලින් කිහිපයක් පමණක් නිදහස ලබා ගැනීමේ මොහොත මධ්‍යස්ථ කරගත් ඒවා වන අතර බොහොමයක් නිරූපණය කරන්නේ ඉන්දියාවේ දෙකඩවීම සහ ඉන්පසු ඇතිවු විපාක පිළිබඳවයි.ගූගල් සමාගම විසින් එහි ඉන්දීය පිටුවේ, නිදහස අනුස්මරණය කිරීමට 2003 වර්ෂයේ සිට ඩූඩ්ල් එකක් යොදාගෙන ඇත.
 
[[ප්‍රවර්ගය:ඉන්දියාවේ අනුස්මරණ]]
"https://si.wikipedia.org/wiki/ඉන්දීය_නිදහස්_දිනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි