"CMYK වර්ණ ආකෘතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
69 පේළිය:
වර්ණ පිටපත් කිරීමේ තාක්ෂණයන් හා ඒවාය් ගුණයන් එකිනෙකට ඉතා වෙනස් වන බැවින් RGB වර්ණ ආකෘති විලාසිතයන් CMYK වර්ණ මුද්‍රණ හා සැසඳීම පහසු නොවේ. වර්ණ රූප තැනීම සඳහා පරිගණක තිරය රතු, කොළ සහ නිල් මිශ්‍ර වර්ණ ප්‍රභේද භාවිත කරන අතර CMYK මුද්‍රණයේදී ඒ වෙනුවට ආලෝක අවශෝෂක සයන්, මැජෙන්ටා සහ කහ වර්ණ යොදාගෙන අර්ධමාත්‍රණය, [[වර්ණ වෙවිලීම]] හෝ වෙනත් ප්‍රකාශ තාක්ෂණික ක්‍රම භාවිතයෙන් මිශ්‍රණය කිරීම සිදුකෙරේ. එකිනෙකට විශේෂිතවූ පරාසයන්ගෙන් යුක්ත වුවද මෙම වර්ණ ආකෘති ද්විත්වයෙන්ම දෘෂ්‍ය වර්ණාවලි‍යේ උප කුලකයක අඩංගු වර්ණ ඇතුලත් [[වර්ණ සමස්ථ]] නිර්මාණය වේ. මේ හේතුවෙන් පරිගණක තිරයක් මත දර්ශනය වන දෑ එහි ප්‍රතිවිරුද්ධ වර්ණ ආකෘතිය මඟින් මුද්‍රණය කල විට ඒවායේ වර්ණ පූර්ණ වශයෙන් සමාන නොවේ. මුද්‍රණය සඳහා චිත්‍රක සැලසුම්කරණයේදී නිර්මාණකරුවන් විසින් පරිගණකය තුල RGB වර්ණ ආකෘතිය මඟින් වර්ණ තෝරාගත්තද එහි මුද්‍රිත පිටපතෙහි දිස්වන වර්ණ පිළිබඳ අවබෝධයක් ලබාගැනීම මේ නිසා අපහසු වේ.
 
==පරිවර්තනය==
 
RGB වර්ණ ආකෘතිය සහ CMYK වර්ණ ආකෘතිය උපාංග මත පදනම් වූ අවකාශ ද්විත්වයක් බැවින් ඒවා අතර පරිවර්තනයන් සඳහා පොදු හෝ සරල සූත්‍රයන් නොමැත. පරිවර්තනය වන්නාවු වර්ණ අවකාශයන් වර්ණ පැතිකඩයන් විසින් පෙන්වාදෙන අතර මෙම පරිවර්තනයන් සාමාන්‍යයෙන් කරනු ලබන්නේ වර්ණ කළමණාකරණ පද්ධතීන් මඟිනි. එහෙත් මෙම අවකාශයන්හි එකිනෙකට වෙනස් වර්ණ සමස්ථයන් පවතින බැවින් පරිවර්තන පූර්ණ නිරවද්‍යතාවයකින් යුක්ත නොවේ.
 
විවිධ තීන්ත සංකලන මුද්‍රණයෙන් ලැබෙන වර්ණයේ වර්ණමිතික තක්සේරුව ගණනය කිරීමේ ගැටළුව සඳහා නොයෙක් විද්‍යාඥයින් විසින් විසඳුම් ලබාදී තිබේ. අර්ධමාත්‍රණ මුද්‍රණයේදී භාවිතයට ගැනෙන එක් පොදු ක්‍රමයක් වනුයේ වර්ණ තිත් වල එක් එක් කුඩා අතිඡාදනයන් සියල්ලක්ම වර්ණ 8 (CMY හි සංකලන ) ක හෝ 16 (CMYK හි සංකලන ) ක එක් වර්ණයක් සේ සැළකීමය.
 
[[ප්‍රවර්ගය:වර්ණ අවකාශය]]
"https://si.wikipedia.org/wiki/CMYK_වර්ණ_ආකෘතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි