"CMYK වර්ණ ආකෘතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
14 පේළිය:
 
CMYK මුද්‍රණ කර්මාන්තයේදී අර්ධමාත්‍රණය යනු මූලික වර්ණවල සංතෘප්තතාවය විචලනය කිරීම තුලින් වර්ණ නිර්මාණය කිරීමේ ක්‍රමවේදයකි. මෙහිදී මූලික වර්ණ මිනිස් ඇසට හඳුනා ගත නොහැකි තරම් වූ කුඩා තිත් රටාවන් වශයෙන් මුද්‍රණය කරන අතර එය මිනිස් ඇස හඳුනාගනු ලබන්නේ ඒකකාරි වර්ණයක් ලෙසින් වේ. උදාහරණයක් වශයෙන් මැජෙන්ටා වර්ණය සුදු පැහැති පසුබිමක 20% අර්ධමාත්‍රණයකින් මුද්‍රණය කල විට එය රෝස පැහැයෙන් මිනිස් ඇස හඳුනාගනු ලබන්නේ පසුබිමෙහි වූ සුදු වර්ණය මඟින් පිරිසිදු මැජෙන්ටා වර්ණයෙහි සංතෘප්ත භාවය අඩු කිරීම තුලින් වේ.
 
අර්ධමාත්‍රණය කිරීමෙන් තොරව මූලික වර්ණ මුද්‍රණය කල හැකිවන්නේ එකකාර තලයන් වශයෙන් පමණක් බැවින් එලෙස මුද්‍රණය කලහැකිවන්නේ වර්ණ හතක් පමණි. ඒ එම මූලික වර්ණ ත්‍රිත්වය, මුලික වර්ණ ද්විත්වය බැගින් සංයෝනය කිරීමෙන් සෑදෙන ද්විතියික වර්ණ ත්‍රිත්වය සහ මුලික වර්ණ ත්‍රිත්වය සංයෝජනයෙන් සෑදෙන කළු වර්ණයයි. මූලික වර්ණ ද්විත්වය බැගින් සංයෝජනයේ දී, සයන් සමඟ කහ සංයෝජනයෙන් කොල වර්ණයද, සයන් සමඟ මැජෙන්ටා සංයෝජනයෙන් නිල් වර්ණයද, මැජෙන්ටා සමඟ කහ සංයෝජනයෙන් රතු වර්ණයද සෑදේ. එහෙත් අර්ධමාත්‍රණ ක්‍රමවේදය භාවිත කිරීම තුලින් සන්තතික පරාසයක වූ වර්ණ ලබාගත හැකිවේ.
 
[[ප්‍රවර්ගය:වර්ණ අවකාශය]]
"https://si.wikipedia.org/wiki/CMYK_වර්ණ_ආකෘතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි