"ජීවීයා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
→‎ව්‍යුහය: සංස්කරණය
9 පේළිය:
සියළු ජීවින් [[සෛලය (ජීව විද්‍යාව)|සෛල]] නමින් හැඳින්වෙන ඒකාංක ඒකක වලින් සමන්විත වෙයි; සමහරක් එක් සෛලයක් සහිත (ඒකසෛලීය) වන අතර අනෙකුන් බොහෝ ඒකක සහිත (බහුසෛලීය) වෙති. විශේෂිත කාර්යයන් ඉටු කිරීමට සෛල විශේෂිකරණය කිරීමට බහුසෛලීය ජීවින්ට හැකියාව ඇත. එවැනි සෛල කාණ්ඩයක් [[ජීව විද්‍යාත්මක පටකය|පටකයක්]] ලෙසින් හැඳින්වෙන අතර, සත්ත්වයන් තුල ඒවා නාමික වශයෙන්, [[අපිච්ඡදය]], [[ස්නායු පටකය]], [[පේශිය|පේශි පටකය]], සහ [[සම්බන්ධක පටකය]] ලෙසින් වන, මූලික වර්ග සතරකින් යුතු වෙයි. විවිධ වර්ගයේ පටක එක්ව ක්‍රියා කරමින් [[ඉන්ද්‍රියය (ව්‍යුහ විද්‍යාව)|ඉන්ද්‍රියයක්]] තනන්නේ කිසියම් විශේෂිත කාර්යයක් සිදු කිරීම සඳහාය ([[හෘදය]] වෙතින් රුධිරය පොම්ප කිරීම සඳහා හෝ, [[සම]] වැන්නකින් පරිසරයට බාධකයක් සැපයීම සඳහා). මෙම රටාව ඉහළ තලයන් දක්වා පවත්වාගෙන යමින් ඉන්ද්‍රියයන් කිහිපයක් [[ඉන්ද්‍රියය පද්ධතිය|ඉන්ද්‍රියය පද්ධතියක්]] ලෙසින් ක්‍රියාත්මක වන්නේ [[ප්‍රජනන පද්ධතිය|ප්‍රජනන]], [[ජීරණ පද්ධතිය|ජීරණ]], ආදි කටයුතු සඳහාය. බොහෝ බහුසෛලීය ජීවින් ඉන්ද්‍රියය පද්ධතින් කිහිපයක් වෙතින් සමන්විත වෙමින් ජීවිය පවත්වාගෙන යෑමට සහයෝගී ලෙසින් ක්‍රියා කරති.
 
===සෛලය===
[[මතියස් යකොබ් ෂ්ලයිඩ්න්|ෂ්ලයිඩ්න්]] සහ [[තියොඩෝර් ෂ්වාන්|ෂ්වාන්]] විසින් 1839දී [[සෛල වාදය]] පළමුවෙන් එළිදක්වමින් කරමින් කියා සිටියේ, සියළු ජීවින් සමන්විත වන්නේ එක් සෛලයක් හෝ කිහිපයකින් බවයි; සියළු සෛල ඇතිවන්නේ දැනට පවතින සෛල වලිනි; ජීවියෙකුගේ සියළු වැදගත් කෘත්‍යයන් සිදුවන්නේ සෛල තුල වන අතර සෛල කාර්යයන් නියාමනය කිරීම සඳහා මෙන්ම සෛල වල තොරතුරු ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීම සඳහාද අවශ්‍ය වන [[ප්‍රවේණි විද්‍යාව|ප්‍රවේණිගත තොරතුරු]] සෛල සතු වෙයි.
 
 
"https://si.wikipedia.org/wiki/ජීවීයා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි