"තාප විකිරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.6.5) (රොබෝ එකතු කරමින්: he:קרינת חום
11 පේළිය:
තාප විකිරණයට ලාක්ෂණික වන මූලික ගුණාංග තුනකි.
 
This makes no sense.
* තනි උෂ්ණත්වයක දි පවා පුළුල් සංඛ්‍යාත පරාසයකින් තාප විකිරණ විමෝචනය සිදුවේ. එක් එක් සංඛ්‍යාතයෙන් විමෝචනය වන ප්‍රමාණය ප්ලාන්ක් විකිරණ නියමය මඟින් ලැබේ. (පරිපූර්ණ වස්තු සඳහා) දකුණු පස රූප සටහනේ වක්‍ර මඟින් මෙය දැක්වේ.
* උෂ්ණත්වය වැඩිවන විට විමෝචනය වන විකිරණයේ මූලික සංඛ්‍යාතය ද (වර්ණය) වැඩි වේ. උදාහරණයක් ලෙස රක්ත තප්ත වස්තුවක් දෘෂ්‍ය වර්ණාවලියට අයත් දිගු තරංග ආයාම කලාපයේ විකිරණ වැඩි වශයෙන් විමෝචනය කරන අතර එබැවින් එවන් වස්තු රතු පැහැයෙන් දිස් වේ. නමුත් වස්තුවේ උෂ්ණත්වය තවදුරටත් ඉහල නැංවූ විට මූලික සංඛ්‍යාතය දෘශ්‍ය කලාපයේ මධ්‍යයට තල්ලු වන බැවින් ඉහත ආකාරයට සංඛ්‍යාත ව්‍යාප්තිය ඇති වී එය සුදු පැහැයෙන් දිස් වේ. එවිට වස්තුව ශ්වේත තප්ත වේ යැයි කියමු. මෙය වීන් විස්ථාපන නියමයයි. රූප සටහනේ එක් එක් වක්‍රය සඳහා උච්ච අගය උෂ්ණත්වය වැඩි වත්ම වම්පසට තල්ලු වේ.
* උෂ්ණත්වය ඉහල යන විට සියළුම සංඛ්‍යාතවලට අයත් විකිරණයන් නිකුත් වන සමස්ථ ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහල යයි. (වස්තුවක උෂ්ණත්වය T විට මෙය T4 ට අනුරූපව වැඩි වේ.) ඒ අනුව සාමාන්‍ය තාප උඳුනක උෂ්ණත්වයේ (නිරපේක්ෂව සැලකූ විට කාමර උෂ්ණත්වයේ ඇති වස්තුවකට සාපේක්ෂව ඒකීය ‍ක්ෂේත්‍රඵලයක් සඳහා 16 ගුණයකින් ඉහල ශක්තියක් තාප විකිරණ ලෙස මුදා හරී. එමෙන්ම තාප දීප්ත විදුලි බුබුලක සූත්‍රිකාවේ උෂ්ණත්වයට (දළ ව‍ශයෙන් 300 K, එනම් කාමර උෂ්ණත්වය මෙන් 10 ගුණයක් පමණ) සමාන උෂ්ණත්වයක් ඇති වස්තුවක් සඳහා මෙම අගය 10000 ගුණයක් පමණ වේ. ගණිතමය වශයෙන් ස්ටෙෆාන් - බෝල්ට්ස්මාන් නියමට අනුව විකිරණ ලෙස විමෝචනය වන මුළු ශක්තිය නිරපෙක්ෂ උෂ්ණත්වයේ 4 වැනි ඉලයට සමානුපාතිකව වැඩි වේ. රූප සටහනේ වක්‍ර තුළ අන්තර්ගත වන ක්ෂේත්‍රඵලය උෂ්ණත්වය වැඩිවත්ම ඉතා සීඝ්‍රයෙන් වැඩි වේ.
 
 
== ශක්ති හුවමාරුව ==
"https://si.wikipedia.org/wiki/තාප_විකිරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි