"රසායනික සූත්‍ර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
misleading image
22 පේළිය:
 
ත්‍රිත්ව බන්ධනයක් රේඛා හෝ තිත් යුගල තුනකින් නිරූපණය වන අතර කිසියම් ව්‍යාකූල බවක් පවතී නම් රේඛා හෝ තිත් යුගල එකක් මඟින් තනි බන්ධනයක් නිරූපණය කළ හැකිය.
 
[[ගොනුව:Chemformula.gif|right|කාබන් දාමය]]
 
කිසියම් අණුවක සමාන ක්‍රියාකාරී කාණ්ඩ එකකට වැඩි සංඛ්‍යාවක් පවතියි නම් එය (CH<sub>3</sub>)<sub>3</sub>CH ආකාරයට නිරූපණය කළ හැකිය. කෙසේ වෙතත් මේ මඟින් ඉහත පරමාණු වර්ග හා සංඛ්‍යාවන් ම යොදා ගනිමින් සෑදිය හැකි වෙනත් ව්‍යුහයන් ගෙන් වෙනස් වන ව්‍යුහයක් දක්වයි. (CH<sub>3</sub>)<sub>3</sub>CH සූත්‍රය මඟින් මාධ්‍ය කාබන් පරමාණුවක් හා එයට සම්බන්ධ වූ තවත් කාබන් පරමාණුවකින් සමන්විත කාබන් පරමාණු 3කින් සමන්විත දාමයන් දක්වයි. එහි ඇති අනෙක් බන්ධනවලට හයිඩ්‍රජන් පරමාණු සම්බන්ධ වී තිබිය යුතුය. කෙසේ නමුත් සමාන පරමාණු සංඛ්‍යාවක් (කාබන් පරමාණු 4 හා හයිඩ්‍රජන් පරමාණු 10ක් C<sub>4</sub>H<sub>10</sub>) යොදා ගනිමින් සෘජු දාමයක් ද සෑදිය හැකිය. CH<sub>3</sub>CH<sub>2</sub>CH<sub>2</sub>CH<sub>3</sub> but-2-ene නැමැති ඇල්කයිනයට CH<sub>3</sub>CH=CHCH<sub>3</sub> සූත්‍රය මඟින් නොදැක්වෙන්න සමාවයවික දෙකක් පවතියි. මෙහි දී මෙතිල් කාණ්ඩ දෙක ද්විත්ව බන්ධනයෙන් එකම පැත්තේ පිහිටන බව (සිස් හෝ ''Z'') හෝ දෙපස පිහිටන බව (ට්‍රාන්ස් හෝ ''E'') වශයෙන් එහි සාපේක්ෂ පිහිටීම අමතරව සඳහන් කළ යුතුය.
"https://si.wikipedia.org/wiki/රසායනික_සූත්‍ර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි