"කුවේණි කුමරිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
29 පේළිය:
 
පසුව විජය කුමරු කුවේණියගේ සහයෙන් යක්‍ෂ රජ පවුල ඝාතනය කර හැර ලංකාවේ රජු බවට පත්වී කුවේනිය තම බිසව බවට පත්කර ගත්තේය. කුවේණි බිසව විජය රජුට දාව දරුවන් දෙදෙනෙකු වැදුවාය. කුවේණියගේ යක්ෂ සම්භවය නිසා දරුවන් දෙදෙනා රඳවා තබා ඇයට මාළිගාවෙන් පිටව යන්නැයි විජය රජු කළ ඉල්ලීම නිසා කලකිරුණු කුවේණිය තම දරුවන් දෙදෙනා ද සමග මාලිගාවෙන් පිටව ගියාය. අනතුරුව දරුවන් දෙදෙනා අතරමග තබා උදවු ලබා ගැනීමට තම නෑයන් වෙත පැමිණි කුවේණියව තම යක්ෂ ගෝත්‍රික නෑයන් පාවා දුන් හෙතුවෙන් මරා දැමීය. තම මව නැවත නොපැමිණි නිසා කුවේනියගේ දරුවන් දෙදෙනා වනාන්තරය ඹස්සේ ගොස් [[සබරගමුව|සබරගමුවට]] පැමිණියහ.
[[ගොනුව:යක්දෙස්සාගල.jpg|250px|thumbnail|යක්දෙස්සාගල කඳු වැටිය වැල්ලෑගල මුදුනට පෙනෙන අයුරු.]]
 
මීට වෙනස් කථාවක කුවේණිය ''[[යක්දෙස්සාගල|යක්දෙස්සාගලි]]න්'' පැන දිවි තොර කර ගත් බවත් ඊට පෙර විජයගේ දුෂ්ඨ ක්‍රියාවට ශාප කරන්නැයි දෙවියන් යැද සිටි බවත් කියැවේ. විජයගේ කිසිදු දරුවෙක් රජරට සිහසුනට පත් නොවීමෙන් මෙම ශාපය සඵල වුනැයි කියනු ලැබේ. ශ්‍රී ලංකාවේ දේශපාලනය වියවුල් තත්වයක පවතින්නේ විජයට කළ ශාපය නිසා යැයි යන මතය දරන පිරිස් සිටිති.
[[ගොනුව:යක්දෙස්සාගල.jpg|250px|thumbnail|යක්දෙස්සාගල වැල්ලෑගල මුදුනට පෙනෙන අයුරු]]
 
==කුවේණි මාලිගය==
"https://si.wikipedia.org/wiki/කුවේණි_කුමරිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි