"මාලදිවයින" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
115 පේළිය:
අශෝක අධිරාජ්‍යයා ගේ ධර්ම ප්‍රචාරණ සමයේදී (ක්‍රි.පූ. 300 දී පමණ) බුදු දහම මාලදිවයිනට පැමිණියේය. ඉන්පසු 12 වන සියවස තෙක්ම මාලදිවයිනේ ප්‍රධාන ආගම වූයේ බුදු දහමයි. මාලදිවයිනේ රජවරු බුදු දහමට අනුග්‍රහ දක්වූ අතර, මාලදිවයිනේ පළමු ලේඛන සහ කලාකෘති, පිළිම සහ ගෘහනිර්මාණ හමු වන්නේ මෙම යුගයෙනි.
 
මාලදිවයිනේ බෞද්ධ ඉතිහාසය ගැන පළමු වරට විධිමත් අධ්‍යනයක් කරන ලද්දේ එවකට ලංකාවේ සේවය කල බ්‍රිතාන්‍ය සිවිල් නිලධාරියකු වූ H.C.P. බෙල් මහතා විසිනි. 1879 දී ඔහු gamanගමන් කල නැව මාලදිවයින අවට මුහුදේදී අනතුරට පත් වීමෙන් පසු ඔහු මාලදිවයිනට ගොඩ බැස්සේය. එහිදී බෞද්ධ නටබුන් පිලිබඳ දැනගත් ඔහු කීප වරක්ම ඒ පිලිබඳ අධ්‍යනය කිරීමට මාලදිවයිනට පැමිණියේය. මාලදිවයින් වාසීන් විසින් හවිත්තා සහ උස්තුබු (මෙම වදන් "චෛත්‍යය" සහ "ස්ථූපය" යන වචන වලින් බිඳී ආ වදන් වේ) ලෙස හැඳින්වූ පුරාන බෞද්ධ ස්ථූපයන්හි නටබුන් ඔහුගේ විශේෂ අවධානයට ලක් විය. බෙල් මහතා පුරාන මාලදිවයින් වාසීන් ථෙරවාදී බුදුදහම ඇදහූ බවට නිගමනය කලත්, අද මාලේ කෞතුකාගාරයේ ඇති නටබුන් පිරික්සීමේදී පෙනී යන්නේ ඒවායින් බොහොමයක් මහායාන සහ වජ්‍රායාන සම්ප්‍රදායට අයත් බවයි.
 
ග්‍රීක ඉතිහාසඥ ෆිලොස්ටෝගියස් "දිව" නම් දූපතකින් පැමිණ, රෝම වරුන්ගේ අත්අඩංගුවට පත් පුද්ගලයෙක් ගැන සඳහන් කරයි. මෙම "දිව" මාලදිවයින විය හැක. මොහු තියෝෆිලස් ලෙස බෞතීස්ම ලද අතර ක්‍රි.ව.350 දී පමණ හිම්යාර් (වර්තමාන යේමනය) රාජ්‍යයේ ධර්ම ප්‍රචාරය සඳහා පිටත් කර හරින ලදී. තියෝෆිලස් අරාබියේ සිට තම රට බලා ගිය බව සඳහන් ය. ඔහු තම රට සිට නැවත අරාබියට පැමිණි බවත්, ඇක්සම් (වර්තමාන ඉතියෝපියාව) නගරයට පැමිණි බවත්, අවසානයේදී ඇන්ටියොක් (වර්තමාන තුර්කිය) නගරයේ පදිංචි වූ බවත් සඳහන් ය.
"https://si.wikipedia.org/wiki/මාලදිවයින" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි