"මාලදිවයින" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
147 පේළිය:
====පෘතුගීසි====
 
1550 දී පමණ මාලදිවයින පෘතුගීසීන් ගේ බලපෑමට ලක්වීම ආරම්භවිය. පෘතුගීසි මිෂනාරි වරු මාලදිවයින් වැසියන් ක්රිස්තියානික්‍රිස්තියානි ආගමට හැරවීම ආරම්භ කල අතර 1552 දී මාලදිවයිනේ සුල්තාන් වරයා වූ නව වන හසන්, දොම් මැනුවෙල් නමින් ක්රිස්තියානික්‍රිස්තියානි ආගම වැළඳ ගත්තේය. මේ සමඟම දොම් මැනුවෙල් බලයෙන් නෙරපා හරින ලද අතර ඔහු ගෝව ට පලා ගියේය. ඔහුගේ ඇමතිවරු වසර දෙකක් සාමූහිකව පාලනය ගෙන ගිය අතර 1554 දී ප්රධානප්‍රධාන ඇමති වරයා දෙවන අබුබකුරු නමින් සුල්තාන් පදවියට පත් කරන ලදී. ඔහුගෙන් පසු 1557 දී දොම් මැනුවෙල් ගේ නැන්දා කෙනෙකු ගේ සැමියා වූ හතරවන අලී සුල්තාන් පදවියට පත් වන ලදී.
 
1558 දී පෘතුගීසි හමුදාවක් පැමිණ සුල්තාන් වරයා ගේ බලය මැඩ පවත්වා දොම් මැනුවෙල්ට නැවත පාලනය ලබා දෙන ලදී. මෙම සටනේදී සුල්තාන් අලී මිය ගියේය. පෘතුගීසීන් මාලේ නගරයේ වෙළඳ මධ්යස්ථානයක්මධ්‍යස්ථානයක් ඉඳි කල අතර කුඩා පෘතුගීසි හමුදා ඛණ්ඩයක් එහි නවතා තබන ලදී. දොම් මැනුවෙල් මාලදිවයිනට නොපැමිණි අතර ගෝවේ නැවතී සිටියේය. මාලදිවයිනේ ඔහු වෙනුවෙන් පාලන කටයුතු කලේ ක්රිස්තියානියක්‍රිස්තියානිය වැළඳ ගත් මාලදිවයින් ජාතිකයෙක් වූ අන්දිරි අන්දිරින් විසිනි.
 
අන්දිරි අන්දිරින් සහ ඔහුගේ පෘතුගීසි සෙබළු මාලදිවයින් වැසියන් බලහත්කාරයෙන් ක්රිස්තියානියටක්‍රිස්තියානියට හරවා ගැනීමට තැත් කල අතර ඊට විරුද්ධ වූවන් මරා දමන ලදී. ඔහුගේ දරුණු පාලනය පුරා වසර පහළොවක් තිස්සේ මාලදිවයින් වැසියන් පීඩාවට පත් කරන ලදී.
 
තිලදුම්මති දූපත් පොකුරේ උතීමු දූපතේ දූපත් ප්රධානියාප්‍රධානියා ගේ පුතුන් තිදෙනා වූ මුහම්මද් තකුරුෆානු, අලි තකුරුෆානු සහ හසන් තකුරුෆානු පෘතුගීසි වරුන්ට එරෙහිව සටන් වැදීමට සැරසුණහ. 1573 දී ඔවුහු පිරිසක් සමඟ මිනිකොයි දූපත් වලට ගොස් "කල්හුවොෆ්ෆුම්මි" ලෙස ඔවුන් නම් කල රුවල් ඔරුවක් තැනූහ. ඔවුහු මෙම ඔරුවෙන් රාත්රීරාත්‍රී කාලයේ මාලදිවයිනේ එක් එක් දූපත් වලට ගොඩ බසිමින් පෘතුගීසි සෙබළුන් සහ මිෂනාරීන්ට එරෙහිව ගරිල්ලා ආකාරයේ සටන් මෙහෙයවූහ. දිවා කාලයේ ඔවුහු තම ඔරුවෙන් මුහුදට හෝ මිතුරු දිවයිනකට පලා ගියහ. ක්රමයෙන්ක්‍රමයෙන් මාලේ වෙත ලඟා වූ ඔවුහු එක් රාත්රියකදීරාත්‍රීයකදී මාලේ වැසියන්ගේ උපකාරයද ඇතිව පෘතුගීසි හමුදාව සම්පූර්ණයෙන්ම විනාශ කොට මාලදිවයින පෘතුගීසි ග්රහණයෙන්ග්‍රහණයෙන් මුදා ගත්හ. අන්දිරි අන්දිරින් මේ සටනේදී මිය ගිය අතර මෙම දිනය අද මාලදිවයිනේ ජාතික දිනය ලෙස සැලකේ.
 
== ආශ්‍රිත ==
"https://si.wikipedia.org/wiki/මාලදිවයින" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි