"ගල් පාළම,පදවිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
4 පේළිය:
වාරිතාක්ෂණයේ විශිෂ්ට නිර්මාණය සොයා යන ගමන් මග වැටී ඇත්තේ පරාක්‍රමපුර නගරය මධයේ සිට කිලෝමීටර 5 කට ආසන්න දුරකිනි. පරාක්‍රමපුර නගර මධයේ සිට කිලෝමීටර 1 1/2 ක දුරට උතුරු දෙසට තාර දැමූ මාර්ගය ඔස්සේ ගොස් එතැන් සිට බටහිර දිශාවට කිලෝමීටරයක දුරක් 11 වෙනි බෙදුම් ඇළට (ඩී 11) යාබද මාර්ගය ඔස්සේ ගොස් එතැන් සිට උතුරු දිශාවට කිලෝමීටර 2 1/2 පමණ දුරක් කටු පඳුරු වන ලැහැබවල් මැදින් වැටී ඇති පුංචි අඩිපාරක් දිගේ යා යුතුය. ඉතා දුෂ්කර වූ ගමනක වෙහෙස සංසිඳුවමින් අපි ලගාවූයේ රෑසියන්ගේ හඩ දෝංකාර දෙන විශාල ජල දහරාවක් ගලායන රූස්ස මහ වනය මැද පිහිටි විශ්මිත
"ගල් පාළම" අභියසටයි.<!-- කටු පඳුරු හා වන ලැහැබවල් අතරින් එන විට කටු පඳුරු වලට සීරී ශරීරයට වේදචනා දැනුන ද ඒ වේදනාව සංසිදුවීමට සමත් වූයේ ඒ පරිසරයේ වූ නිසොල්මන් බව හා සුන්දර භාවයයි.--> උතුරු දිශාවෙන් 223 බලසේනා මූලස්ථානයට ද , දකුණු දෙසින් සමූහ ගොවිපළකට ද , නැගෙනහිරින් යාය 5-6 කෙත් යායට ද , බටහිරින් නිකවැව ගම්මානයට ද මායිම් ව පවතින මෙය අනුරාධපුර දිස්ත්‍රීක්කයත් වන්නි දිස්ත්‍රීක්කයත් වෙන් කරන ඉසව්වේ පිහිටයි.
[[Image:GalpalamaGalpalama_01.jpg|right|250px]]
==ඉතිහාසය==
විශාල රූස්ස වනයක් මැද විශාල ජල දහරාවක් හරස් කරමින් ප්‍රතාපවත් ලෙස නැගී සිටින මෙය දුටු හැම කෙනෙකුගේම සිත් ඇද ගන්නා බව නොරහසකි. අපි එතනට ලගාවන විට මධයහ්න 12 පසුවී තිබුනත් ඒ පරිසරය කියා පෑවේ සන්ධ්‍යාවක බිම් කරුවලට හුරු දසුනක්ය.ඒ රූස්ස ගස්වල අතු හිස් අවකාශයට වියන් බැඳ තිබූ බැවිනි. සතර දිශාවෙන්ම මහ වනයෙන් වටවී විහඟුන්ගේ නාදය දෙසවන් පිනවද්දී විටින් විට ඇසුණු වෙඩි හඩවල් කිහිපයක්අපේ සිත් බ්යට පත් කළෝය.එනමුත් මෙහි සුලමුල සොයා ගැනීමේ පරමාර්ථය මා සිත් දැඩි කොට බැඳ තබා තිබුණි. එබැවින් පරාක්‍රමපුර ගම්මානයේ මුල් පදිංචි කරුවෙකු වූ පේමචන්ද්‍ර මහතාගෙන් අපි මේ පිළිබද විස්තර විමසුවෙමු.ජනප්‍රවාදයේ පවතින ආකාරයට මීට වසර ‍2000 කටත් පෙර සිට මේ පාළම ප්‍රසිද්ධ ගමනාගමන මාර්ගයක් ලෙසද, විශාල වාරිමාර්ග පද්ධතියක් ලෙස ද, යොදාගෙන තිබේ. ක්‍රි:පූ 13 වන සියවසේ දී මහා පරාක්‍රමභාහු රජු විසින් ඉදි කරන ලද "පදවි වැවේ"වැඩි ජලය පහත් බිම් කරා ගෙන යාමේ ජල මාර්ගයක් ලෙස "මොර ඔය" යොදා‍ගෙන තිබේ.එසේම කෙත්වතු වලින් ගලායන වැඩි ජලය ද මෙම මොර ඔය දිගේ පහළට රැගෙන යයි.වැළිඔය ගම්මානයට ජලය සපයන මෙම මොර ඔය ද, ඊට බටහිර දිශාවෙන් පිහිටි කිවුල් ඔය ද,එකට එක්වන ස්ථානය ,එනම් දෙමෝදර හරස් කොට මෙම ගල් පාළම නිර්මාණය කොට තිබේ.පළලින් අඩි 2 ක් ද, දිගින් අඩි 7 ක් ද වන ගල් එකමත එකතබා අඩි 8 කට ආසන්න උසකින් අඩි 6 කට ආසන්න පළලකින්
"https://si.wikipedia.org/wiki/ගල්_පාළම,පදවිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි