"මහාවංශය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: el:Μαχαβάμσα
No edit summary
1 පේළිය:
{{ඇලකුරු ශීර්ෂකය}}
'''මහාවංශය''' යනු [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවෙහි]] රජරට රාජධානියේ රජවරුන් පිළිබඳව, [[පාලි භාෂාව|පාලි භාෂාවෙන්]] ලියැවුනු, ඓතිහාසික කාව්‍යයකි. එය ආවරණය කරන කාල පරිච්ඡේදය වනුයේ, ක්‍රිපූයු 543 දී කාලිංගයේ (පුරාතන [[ඔරිස්සාව]]) [[විජය රජතුමා]] ගේ ආගමනයෙහි සිට, [[මහාසේන රජතුමා]] (334–361) ගේ රාජ්‍ය කාලය දක්වා කාලයයි.
== පරිවර්ථන ==
මහාවංශයෙහි පළමු මුද්‍රිත සංස්කරණය හා ඉංග්‍රීසි පරිවර්තනය, 1837 දී, ''The Mahavamsa'' නමින් [[ලංකා සිවිල් සේවය|ලංකා සිවිල් සේවයෙහි]] නිලධාරියෙකු සහ ඉතිහාසඥයෙකු වූ [[ජෝර්ජ් ටර්න්අවර්]] විසින් ප්‍රකාශයට පත්කෙරිණි . 1912 දී [[විල්හෙල්ම් ගෙයිගර්]] විසින්, මහාවංශයෙහි [[ජර්මන් භාෂාව|ජර්මන්]] පරිවර්තනයක් සම්පූර්ණ කරන ලදි. මේබල් හෙයින්ස් බෝඩ් විසින්, මෙය [[ඉංග්‍රීසි භාෂාව|ඉංග්‍රීසියට]] පරිවර්තනය කරන ලද අතර, ගෙයිගර් විසින්, ඉංග්‍රීසි පරිවර්තනය සංශෝධනය කරන ලදි.<ref>{{උපන්‍යාස පොත|title=මහාවංශ|year=1912 |publisher=ලංකාණ්ඩුව |url=http://lakdiva.org/mahavamsa/ }}</ref>
16 පේළිය:
 
 
වැදගත් ඓතිහාසික මූලාශ්‍රයක් වීම හැරුණු විට එය [[පාලි භාෂාව|පාලි භාෂාවෙන්]] ලියැවුණු වීර කාව්‍යයකි. කදිම ගීතවත් භාෂාවකින් ලියැවුණු මතක තබා ගත හැකි කථා, එනම් යුද්ධ, ආක්‍රමණ රජ පවුලේ කුමණ්ත්‍රන, මහා ථූප සහ ජලාශ ගොඩනැංවීම පිළිබඳ කථා, කාලීන බෞද්ධ ලෝකයේ අවධානය දිනා ගත්තේය. එකල රුවන්වැලි සෑය මුළු ලෝකයේම උසම ගොඩනැගිල්ල විය.{{citation needed}} [[මහා පරාක්‍රමබාහු රජතුමා|පරාක්‍රමබාහු රජතුමාගේ]] [[ඉංජිනේරු විද්‍යාව​|ඉංජිනේරු ක්‍රම]] එකල ලෝකයේ තිබුණු මහා වාරි ව්‍යාපාර විය. පුරාණ කාලයේ ලියැවුණු අනෙකුත් ලේඛණ මෙන් නොව එය සාමාන්‍ය ජන ජීවිතයේ බොහෝ පාර්ශවයන් ගැන සාකච්ඡා කර ඇත. රජුගේ හමුදාවට බැඳුණේ කෙසේද නැතහොත් ගොවිතැන් කළේ කෙසේද යනාදී වශයෙනි. (පරිච්ඡේද xxii – xxviii බලන්න)
මහාවංශය [[සේද මාවත]] දිගේ බොහෝ බෞද්ධ රටවල්වලට ගෙන යන ලදී. එහි කොටස් වෙනත් භාෂාවලට එක්කෝ පරිවර්තනය කර නැතහොත් එහි අඩංගු කාරණා වෙනත් භාෂාවලින් නැවත කියා ඇත. [[බුරුමය|බුරුමයේ]] හා [[තායිලන්තය|තායිලන්තයේ]] එහි අගනා පිටපත් තිබේ. වෙනත් වංශ කථා වර්ගයේ පාලි කෘතීන්වල දියුණුව කෙරෙහි මහාවංශය බොහෝ සේ බලපෑවේය. එහි ප්‍රථිපලයක් වශයෙන් එකල පාලි කාව්‍යය පිළිබඳ ලෝකයේ ප්‍රධාන මධ්‍යස්ථානය බවට සමහර විට ලංකාව පත් වන්නට ඇත.
 
"https://si.wikipedia.org/wiki/මහාවංශය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි