"බැබිලෝනියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
3 පේළිය:
එහි [[ඇමරයිට්]] ප්‍රාරම්භකයෝ සහ [[කැසයිට්වරු|කැසයිට්]] අනුප්‍රාප්තිකයෝ දේශීය ඇකැඩියානුවන් නොවුනද, බැබිලෝනියාව විසින් එහි නිල භාවිතය සඳහා (එහි ස්වදේශීය මහජනයාගේ භාෂාව ලෙසින්), සෙමිටික් [[ඇකේඩියානු භාෂාව]] නියුක්ත කර ගන්නා ලදි. ආගමික භාවිතය සඳහා [[සුමේරියානු භාෂාව]] නියුක්ත කර ගත් නමුදු, බැබිලන් නගරය පිහිටුවා ගත් කාලය වන විට එය තව දුරටත් වාචික භාෂාවක් නොවීය. මුල් ඇකේඩියානු සහ සුමේරියානු සම්ප්‍රදායයන් බැබිලෝනියානු (සහ [[ඇසිරියාව|ඇසිරියානු]]) සංස්කෘතියෙහි ඉමහත් භූමිකාවක් ඉටු කල අතර, බොහෝ කල් පැවති පිටස්තර පාලනය යටතේදී පවා, ප්‍රදේශය වැදගත් සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් ලෙසින් පැවතිණි.
 
බැබිලන් නගරය පිළිබඳ ආදිතම සටහන හමුවන්නේ ක්‍රිපූ 23වන සියවස දක්වා කාල නිර්ණය වන [[ඇකාඩ්හී සාගෝන් ]] (ක්‍රීපූ 2334- 2279) රාජ්‍ය සමයෙහි [[මැටි පුවරුව |පුවරුව]] කය. මෙම කාල සීමාව වන විට බැබිලන් නගරය හුදෙක් ආගමික සහ සංස්කෘතික කේන්ද්‍රස්ථානයක් පමණක් වූ අතර ස්වාධීන රාජ්‍යයක් නොවීය; මෙසපොටේමියාවේ සෙසු පෙදෙස් මෙන්ම එයද, ඇකේඩියානු සහ සුමේරියානු කථකයන් එක් සේසත් කල [[ඇකේඩියානු අධිරාජ්‍යය]] යටතේ පාලනය විය. ඇකේඩියානු අධිරාජ්‍යය බිඳවැටීමත් හා සමගම දශක කිහිපයක කාල සීමාවක් තුල දකුණු මෙසපොටේමියානු ප්‍රදේශය අභිභවනය කලේ [[ගූටියන්වරු]] විසින් වන අතර ඉන් අනතුරුව බැබිලන් ඇතුළු සමස්ත මෙසපොටේමියාව ආවරණය කල සුමේරියානු [[ඌර්-III|තෙවන ඌර් රාජවංශයෙහි]] නැග සීටීම සිදුවිය.[[ඊළම්|ඊළම්වරුන්]] (ක්‍රිපූ 2002 සාම්ප්‍රදායික, ක්‍රිපූ 1940 කෙටි) හමුවේ this "ඌර්-III" රාජවංශය බිඳවැටීමත් හා සමගම, වෙනත් [[සෙමිටික්]] ජනකොටසක් වූ [[එමොරයිට්වරයා|එමොරයිට්වරු]], කුඩා රාජධානි මාලාවක් පිහිටුවාලීම තුලින් දකුණු මෙසපොටේමියාවේ බොහෝ පෙදෙස් මත ක්‍රමයෙන් සිය අණසක පතුරුවාලූ අතර, ඇසිරියානුවෝ උතුරු පෙදෙස්හී ඔවුන්ගේ ස්වාධීනත්වය යළි තහවුරු කර ගත්හ.
 
[[Image:Babylons_hængende_haver.png|thumb|පුරාණ සංවර්ණන එල්ලෙන උයන, ජල සම්පාදනය සඳහා මිනිසා විසින් බෑවුම් සකසා ඇත]]
"https://si.wikipedia.org/wiki/බැබිලෝනියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි