"බැබිලෝනියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
'''බැබිලෝනියාව''' යනු මධ්‍යම-දක්ෂිණ [[මෙසපොටේමියාව]] (වර්තමාන [[ඉරාකය]]) පදනම්ව පැවැති පුරාතන [[සෙමිටික්]] ජාතික රාජ්‍යයක් සහ සංස්කෘතික ප්‍රදේශයක් වෙයි. ක්‍රිපූ 1894 පමණ වන විට එය ස්වාධීන රාජ්‍යයක් ලෙසින් නැගී ආ අතර, [[බැබිලන්]] නගරය එහි අගනුවර විය. [[හමුරාබි]] ([[රාජ්‍ය කාලය|රාජ්‍ය.]] මධ්‍ය කාලානුක්‍රමය පරිදී ක්‍රිපූ 1792- 1752 පමණ, හෝ [[කෙටි කාලානුක්‍රමය කාලානුරූපය|කෙටි කාලානුක්‍රමය]] පරිදී ක්‍රිපූ 1696 – 1654 පමණ) විසින් පූර්ව [[ඇකැඩියානු අධිරාජ්‍යය|ඇකැඩියානු අධිරාජ්‍යයේ]] බල ප්‍රදේශයන් භාවිතා කරමින් අධිරාජ්‍යයක් නිර්මාණය කිරීමෙන් අනතුරුව ප්‍රදේශයෙහි ප්‍රමුඛ බලවේගයක් බවට බැබිලෝනියාව පත් විය.
 
එහි [[ඇමරයිට්]] ප්‍රාරම්භකයෝ සහ [[කැසයිට්වරු|කැසයිට්]] අනුප්‍රාප්තිකයෝ දේශීය ඇකැඩියානුවන් නොවුනද, බැබිලෝනියාව විසින් එහි නිල භාවිතය සඳහා (එහි ස්වදේශීය මහජනයාගේ භාෂාව ලෙසින්), සෙමිටික් [[ඇකේඩියානු භාෂාව]] නියුක්ත කර ගන්නා ලදි. ආගමික භාවිතය සඳහා [[සුමේරියානු භාෂාව]] නියුක්ත කර ගත් නමුදු, බැබිලන් නගරය පිහිටුවා ගත් කාලය වන විට එය තව දුරටත් වාචික භාෂාවක් නොවීය.
 
[[Image:Babylons_hængende_haver.png|thumb|පුරාණ සංවර්ණන එල්ලෙන උයන, ජල සම්පාදනය සඳහා මිනිසා විසින් බෑවුම් සකසා ඇත]]
"https://si.wikipedia.org/wiki/බැබිලෝනියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි