"මාලදිවයින" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
75 පේළිය:
දහසය වන සියවසේ සිට පෘතුගීසි, ඕලන්ද සහ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ අවධානයට ලක් වූ මාලදිවයින, බ්‍රිතාන්‍ය යටතේ කටයුතු කල සුල්තාන් වරයෙකුගේ පාලන ක්‍රමයකින් මිදී 1965 දී පූර්ණ නිදහස ලබා ජනරජයක් බවට පත් විය.
 
ඉන්දියන් සාගරයේ ගිලී ඇති විශාල කඳුවැටියක් වන චාගොස්-මාලදිවයින්-ලක්කදිව් කඳු වැටිය මුදුනේ මාලදිවයින පිහිටා ඇත. මාලදිවයින, චාගොස් දූපත් සහ ලක්ෂද්වීප දූපත් එකම පරිසර පද්ධතියකට අයත් වේ. "[[atoll|ඇටෝල්]]" (දිවෙහි - අතොල්හු) ලෙසින් හැඳින්වෙන මාලදිවයිනේ දූපත් පොකුරු වර්ග කිලෝමීටර 90,000 කට අධික සාගර කලාපයක් පුර විසිරී ඇති අතර, එය ලෝකයේ වඩාත්ම විසිරී ඇති රාජ්‍යයන් කිහිපයෙන් එකකි. මාලදිවයින කුඩා දූපත් 1192 කින් සමන්විත වන අතර, ඉන් 200ක් ජනාවාස වී ඇත. එහි සම්පූර්ණ ජනගහනයෙන් තුනෙන් එකක් පමණ වාසය කරන්නේ අගනුවර සහ විශාලතම නගරය වන මාලේ හි ය. මාලේ අතීතයේ සිටම මාලදිවයින් සුල්තාන් වරුන්ගේ සහ ඉස්ලාමය පැමිණීමට පෙර සිටි රජවරුන් ගේ අගනුවර ලෙස පැවතිනි.
 
ජනගහනය අතින් සහ වර්ග ප්‍රමාණය අතින් මාලදිවයින ආසියාවේ කුඩාම රට වේ. මුහුදු මට්ටමේ සිට සාමාන්‍යය උස මීටර 1.5 වන අතර, එය ලෝකයේ පහතින්ම පිහිටි රට ද වේ. ලෝකයේ පහතින්ම පිහිටි ස්වභාවික උසම ස්ථානය සහිත රට ද මාලදිවයින ය. ඒ විලින්ගිලි දූපතේ පිහිටි මීටර 2.4 උස ස්ථානයකි. මුහුදු මට්ටම ඉහල යාම නිසා රට මුහුදට ගොදුරු වීමේ දරුණු තර්ජනයකට මාලදිවයින් වාසීහු මුහුණ පා සිටිති.
"https://si.wikipedia.org/wiki/මාලදිවයින" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි