"ජෝන් ඇඩම්ස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'{{Infobox Officeholder |name = John Adams |image = US Navy 031029-N-6236G-001 A painting of Preside...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
53 පේළිය:
|footnotes = *Adams' term as Vice President is sometimes listed as starting on either March 4 or April 6. March 4 is the official start of the first vice presidential term. April 6 is the date on which Congress counted the electoral votes and certified a Vice President. April 21 is the date on which Adams began presiding over the Senate.
}}
 
'''ජෝන් ඇඩම්ස්''' ඇමෙරිකා එක්සත් ජනපදයේ දෙවැනි ජනාධිපතිවරයා විය. ඔහු ඊට ප්‍රථමයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රථම උප ජනාධිපති වශයෙන් සේවය කළේය. ඔහු [[ඇමෙරිකන් නිර්මාතෘවරු පියවරු]] අතරින් අයෙක් සේ සැලකේ. ඔහු දේශපාලනඥයෙකි, රාජ්‍ය තාන්ත්‍රිකයෙකි, එසේම මහා බ්‍රිතාන්‍යයෙන් ඇමෙරිකන් නිදහස දිනාගත් සටනේ නායකයෙකු ද විය. මනා අධ්‍යාපනයක් සතු වූ ඔහු ප්‍රබුද්ධ දේශපාලන න්‍යායවාදියෙක් මෙන්ම ජනරජයවාදයට අනුග්‍රහය දුන් අයෙක් ද විය.
 
ඇමෙරිකන් නිදහස් විප්ලවයේ මුල් අවදියේ දී ම ඇඩම්ස් ප්‍රසිද්ධියක් ලැබීය. බොස්ටන් නගරයේ නීතිඥයෙක් සහ මහජනයා දන්නා හඳුනන අයෙක් වූ ඔහු මහාද්වීප කොංග්‍රසයට සහභාගී වූ මැසචූසෙට්ස් ප්‍රාන්තයේ නියෝජිතයා විය. 1776 නිදහස් ප්‍රකාශනය තෝමස් ජෙෆර්සන් අතින් සැකසෙද්දී ඊට සහාය දුන්නෙකි. එයට කොංග්‍රසයේ අනුමැතිය ලබාගනු පිණිස ප්‍රධාන ලෙසින් දායක වූයෙකි. පසුකාලයේ දී යුරෝපයට පත් වූ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙසින් මහා බ්‍රිතාන්‍ය සමඟ සාම ගිවිසුමකට එළඹෙන්නට සාකච්ඡා වලින් සමත් විය. ඇම්ස්ටර්ඩෑම් බැංකු වලින් අත්‍යවශ්‍ය වූ ආණ්ඩු ණය ලබාගන්නට ද මූලික වූවෙකි. දේශපාලන න්‍යායවාදියෙක් සේ ම, ඉතිහාසඥයෙක් ද වූ ඇඩම්ස් 1780 දී මැසචූසෙට්ස් හි ප්‍රාන්ත ව්‍යවස්ථාව ලියූ මූලික අය ලෙසින් ද සැලකේ. ආණ්ඩුව ගැන සිතුවිලි නමින් ඔහු ලියූ සටහන් සහ මෙම ව්‍යවස්ථාව ඇමෙරිකන් දේශපාලන චින්තය හැඩ ගසන්නට බෙහෙවින් දායක වුණි. ඔහු පුද්ගල චරිතයන් විනිශ්චයට ඉතා දක්ෂ වූවෙකි. 1775 දී [[ජොර්ජ් වොෂින්ටන්|ජොර්ජ් වොෂිංටන්]] ව හමුදාවේ ප්‍රධාන අණ දෙන නායකයා බවට පත් කරන්නට යෝජනා කළේ ඔහු ය. වසර 25 කට පසුව ඔහු ඇමෙරිකන් සුපිරි උසාවියේ අගවිනිසුරු පදවියට ජෝන් මාෂල් නැමැත්තාව යෝජනා කළේය.
 
ඔහු පාලන වාර දෙකක් [[ජොර්ජ් වොෂින්ටන්|ජොර්ජ් වොෂිංටන්]] ජනාධිපතිවරයාගේ උප ජනාධිපති ලෙසින් සේවය කළේය. 1796 දී දෙවැනි ජනාධිපතිවරයා ලෙසින් ද තේරී පත් වූයේය. ඔහු සේවය කළ එකම වාර සීමාවේ දී ඔහුට ජෙෆර්සන්වාදී රිපබ්ලිකන් අය වෙතින් ද, ඔහුගේ ම ෆෙඩරලිස්ට් පක්ෂයේ නායකයෙක් සහ ඔහුගේ දැඩි හතුරෙක් වූ ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් වෙතින් ද රුදුරු විරෝධතාවන් අත්විඳින්නට සිද්ධ විය. ඔහු එකළ දැඩි විවේචනයට ලක් වූ විජාතික හා රාජ්‍යද්‍රෝහී පනත (Alien and Sedition Act) අත්සන් තැබුවේය. ඉන් පසුව 1798-1800 දක්වා ප්‍රංශය හා පැවති "කුවාසි යුද්ධය" නොහොත් ප්‍රකාශ නොකරන ලද නාවුක යුද කටයුතු සඳහා යුද හමුදාව සහ නාවුක හමුදා ඔහු තර කළේය. ඔහුගේ ජනාධිපති තනතුරේ වැදගත් මෙහෙය සේ සැලකෙන්නේ සිය ප්‍රතිවාදියා වූ හැමිල්ටන්ගේ හතුරු උත්සාහයන් මධ්‍යයයේ සාමකාමී විසඳුමක් කරා යන්නට සමත් වීමයි.
 
1800 දී දෙවැනි වාරයක් සඳහා තරඟ කළ ඇඩම්ස් ජනාධිපතිවරණයෙන් පැරදුණි. ඔහු මැසචූසෙට්ස් ප්‍රාන්තයේ විශ්‍රාම ගති. පසුකාලයේ දී ඔහුව පරාජය කළ තෝමස් ජෙෆර්සන් සමඟ මිතුරුකම නැවත ඇතිකර ගත්තේය. ඔහු සහ ඔහුගේ භාර්යාව වූ ඇබිගේල් ඇඩ්ම්ස් යන දෙදෙනා දේශපාලනඥයන්, රාජ්‍ය තාන්ත්‍රිකයන් හා ඉතිහාසඥයන් ලෙසින් මනා දරු පරපුරක් බිහි කරන ලද්දහ. ඔහු ඇමෙරිකාවේ හයවැනි ජනාධිපතිවරයා වන [[ජෝන් කුවින්සි ඇඩම්ස්]]ගේ පියා වෙයි. අනිකුත් නිර්මාතෘවරුන්ගේ මෙහෙයන් සේ ඔහුගේ කටයුතු වලට එවක දී වැඩි සැලකිල්ලක් නොලැබුනත්, නූතනයේ දී ඔහුගේ දක්ෂකම් සඳහා ඉහළ පිළිගැනීමක් ලැබි ඇත.
 
== මූලාශ්‍ර ==
"https://si.wikipedia.org/wiki/ජෝන්_ඇඩම්ස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි