"ථේරවාද බුදු දහම" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
173 පේළිය:
ශ්‍රී ලංකාවේ ථේරවාද සම්ප්‍රදාය අට පිරිකර හා දොළොස් පිරිකර ලෙසින් භික්ෂූන්ට දෙන දානයන් හඳුන්වති. මක්ඣිම නිකායේ විභංග වග්ගයේ දක්ඛිණා විභංග සූත්‍රයේ කියැවෙන දාන වර්ග 14 ක් ඔවුන් පෙන්වා දෙති. ඒවා අතරින් වඩාත් ආනිසංස ලැබෙන දානය සේ සැලකෙන්නේ බුදුන් ප්‍රමුණ සංඝයාට පිරිනමන දානය යැයි කියයි. අට පිරිකර ලෙසින් සැලකෙනුයේ තුන් සිවුරැ වෙයි. ඊට දෙපට සිවුරු, තනිපට සිවුර හා අඳන කඩය ඇතුලත්ය. චීවරය හෙවත් සිවුර මැසිය යුතු ආකාරය ද විස්තරයක් ඇත. පිණ්ඩපාතයේ යන ප්‍රාතය ද අට පිරිකරට අයත් වන අනිවාර්ය අංගයකි. දත්තකට්ඨ නම් දත් මදින දැහැට්ට නොහොත් දැහැටි කුරු ගැන ද සඳහන් වුවත් වර්තමානයේ අට පිරිකරට එකතු කරන්නේ දැළි පිහියකි. වර්තමානයේ අට පිරිකරට එකතු කරන දැළි පිහිය පාවිච්චියට ගත නොහැකි සංකේත තලයක් පමණි. එකාසූචි නොහොත් එක ඉඳිකටුවක් ද ඇතුලත් විය යුතු අතර අද එය සමඟ නූල් පන්දුවක් ද ඇතුලත් කරනු ලබයි. කාය බන්ධනං නොහොත් අඳන කඩය හැඳි විට එය ලිහිල් වී ඇද නොහැලෙන සේ ඉනවටා බැඳ තබන රෙදි පටියක් ද ඇතුලත්ය. එය තවමත් සිවුරු පටියකින් ම නිමැවෙන්නකි. පරිස්සාවත යනුවෙන් හැඳින්වෙන්නේ පෙරහන් කඩයයි. පානයට පෙර වතුර පෙරා ගැනීමට එය භාවිතා කරගනියි. දීඝ නිකායට එකතු වන අටුවාවක සඳහන් පරිදි නව පිරිකර සඳහා යහනට දමන ඇතිරිල්ලක් ද ඇතුලත්ය. භාවනානුයෝගී භික්ෂූන් අතර දකින්නට ලැබෙන්නකි. දස පිරිකරය වන්නේ භික්ෂුවට හිඳ ගන්නා පිණිස එළන සම්කඩයයි. එය වර්තමානයේ දී පත්කඩය සේ සැලකේ. වන්දනාමානයේ සහ භාවනාවේ දී බිම එළා ගැනීම සඳහා භාවිතා කරන්නකි. එකළොස් වන පිරිකරය සැරටියක් හෝ තෙල් බෝතලයකි. දොළොස් පිරිකර වන්නේ කුඩය හා පාවහන් යුගලයි.<ref>http://www.lakehouse.lk/budusarana/2009/05/08/tmp.asp?ID=fea06</ref>
ඇවිදින හෝ වාඩි වී කරන භාවනා සඳහා භික්ෂූන් විසින් කාලයක් තීරණය නොකරති. ඉඩක් ලැබුණු වහාම ඒවායේ නියැළීම සාමාන්‍ය සිරිතයි. එසේම කොපමණ කාලයක් පුරා භාවනාවේ යෙදෙනවා ද යන්නත් කළින් තීරණය නොකරන්නකි. සමහර භික්ෂූන් සවස් කාලයේ සිට උදේ පහන් වෙනතුරු ඇවිදින අතර තවත් අවස්ථා වල දී ඔවුන් පැය දෙකක් හා හතක් අතර කාලයක් ඇවිදිති. සමහර භික්ෂූන් ආහාර නොමැතිව කිහිප දිනක් ගෙවනු ඇත. සමහර අවස්ථා වල දී අවදානම් ස්ථාන වල හෝ බියකුරු සත්තු ගැවසෙන ස්ථාන වල ජීවත්වෙමින් භාවනාවේ යෙදෙනු ඇත.
ඉහළ මට්ටමක් කරා යන්නට හැකි වූ භික්ෂූන් විසින් තමන් යටතේ ඉන්නා කනිෂ්ඨ භික්ෂූන්ට මාර්ගෝපදේශනය ලබාදෙන්නට සමත් වෙති. ගිහියන්ට ද අධ්‍යාත්මික වර්ධනයට උදව් වෙති.
=== ගිහි බැතිමතුන් ===
පාලි වචනයකින් පිරිමි බැතිමතා හැඳින්වෙන්නේ උපාසක නමිනි. ගැහැණු බැතිමතා උපාසිකාව යැයි හැඳින්වේ. ගිහියන්ගේ එක් යුතුකමක් නම් බුදුන් කියා දී ඇති පරිදි භික්ෂූන් සහ භික්ෂුනීන්ගේ අවශ්‍යතා සලසා දීමය. ආහාර, වස්ත්‍ර, ආරාම හා බෙහෙත් හේත් නොමැතිව භික්ෂුනි/භික්ෂුනීන්ට දුක් විඳින්නට ඉඩ නොදීම ගිහියන්ගේ කාර්ය භාරයයි. පැවිද්දන්නට වෘත්තියක නියැළෙන්නට අවසර නොමැති නිසා ඔවුන් ජීවිතය රැකගන්නේ ගිහියන් වෙතිනි. මේ දානයට සරිලන සේ ආදර්ශමත් ජීවිත ගෙවනු ඇතැයි පැවිද්දන් වෙතින් අපේක්ෂා වෙයි.
බුරුමයේ සහ තායිලන්තයේ ආශ්‍රමයන් තවමත් අධ්‍යාපනයට වෙන් වූ ස්ථාන සේ සැලකේ. අද තායිලන්තයේ ප්‍රාථමික පාසැල් බාගයක් පමණ පිහිටා ඇත්තේ ආශ්‍රම තුලය. ආගමික වත් පිළිවෙත් හා උත්සව ආශ්‍රමයක පැවැත්වෙන්නේ සමාජ කටයුතු හා අනුගාමීවය. අර්බූදකාරී අවස්ථාවල දී උපදෙස් ලබාගනු පිණිස තායිලන්ත වැසියන් තම ගැටළු රැගෙන එන්නේ භික්ෂුව වෙතය.
සාම්ප්‍රදායික වශයෙන් මාසයකට හතර වතාවක් ඉහළ පදවියක් දරන භික්ෂුවක් විසින් ධර්ම දේශනාවක් පවත්වනු ලබයි. සතර පොහොය සේ සැලකෙන මේ දිනයන් නම් පුර අටවක, අව අටවක, පුර පසලොස්වක හා අව පසලොස්වක හෙවත් අමාවක වෙති. ගිහියන්ට මේ අවස්ථාවන් හි දී භික්ෂූන් වෙතින් භාවනා ඉගෙන ගැනීමට ද අවස්ථාව පෑදේ.
ගිහියෙක්ට ධර්මාවබෝධය ලබත හැකිය. භික්කු බෝධි දක්වන අන්දමට, "ගිහි බැතිමතුන් නිබ්බාන නම් පරම ඉලක්කය සපුරා ගත් අවස්ථා කිහිපයක් සුත්‍ර හා අට්ඨකතා වල සඳහන් වෙයි. එහෙත් එවැනි බැතිමතුන් අර්හත් බව මරණාසන්නයේ දී ලැබීම හෝ ධර්මාවබෝධයෙන් පසු පැවිදි බවට පත්වීම සිද්ධ වෙයි. අර්හත් ලෙසින් ගිහි ජීවිතයක් නිවසක සිට ගත කරන්නේ නැත. සියළු තණ්හා දුරලන ලද අයෙක් නිවසක ජීවත්වීම පරස්පර විරෝධී වූවකි."<ref>Bhikkhu Bodhi,''In the Buddha's Words'', Wisdom Publications 2005; page 376</ref>
==
== ථේරවාද සම්ප්‍රදායේ නිකායන් ==
{{EarlyBuddhism}}
ථේරවාද භික්ෂූන් සාමාන්‍යයෙන් යම් විශේෂ නිකායකයට අයත් වෙති. ඒවා ආශ්‍රම පිළිවෙතක් හෝ සංවිධානයකි. ඒ නිකායන් තුල වෙනස් වූ ධර්මයක් ඇදහෙන්නේ නැත. එහෙත් ආශ්‍රමය තුල පිළිපදින පිළිවෙත් වෙනස් බවකින් යුක්ත වෙන්නකි. යම් භූගෝලීය පෙදෙසක පටන් ගත් සම්පදාවට ඇතුල් වෙන පිළිවෙතක් අනුගමනය වැනි කටයුතු වලින් යුතු වූවකි. ශ්‍රී ලංකාවේ නිකාය බෙදීමට කුලය හේතු පාදක ය. සමහර බෞද්ධ රටවල සංඝරාජ නම් වූ නායක පදවියක් පිහිටා ඇත. සංඝයා තුල ඉහළම පදවිය ලෙසින් දැක්වෙන එයින් පළාතේ ඉහළම පදවිය හෝ නිකායේ ඉහළම පදවිය එහි දී සැලකේ. රජවරුන්ගේ පාලනය අවසන් වීමත් සමඟ මේ පදවි සමහර රටවල අහෝසි වී ඇත. තායිලන්තයේ තවමත් එසේ පත්වීමක් කරනු ලබයි. බුරුමය හා කාම්බෝජය ඒ පදවියට අයෙක් පත් කිරීම කාලාන්තරයක් තිස්සේ නවතා දැමුව ද නැවත එය පටන් ගන්නා ලදි. එහෙත් කාම්බෝජයේ එය නැවතත් නැති වී යන ලදි.
* ''[[Bangladesh]]'':
** [[Sangharaj Nikaya]]
|