"මාලදිවයින" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
139 පේළිය:
සමහර දූපත් වල ඉස්ලාමයට හැරවීම සාමකාමීව සිදු වූ නමුත් සමහර දූපත් වලදී එය ප්‍රචණ්ඩ ස්වරූපයක් ගන්නා ලදී. විශේෂයෙන්ම මාලදිවයින් බුදුදහමේ කේන්ද්‍රස්ථානය වූ හද්දුන්මති දූපත් පොකුරේදී මෙය වඩාත් දරුණු ස්වරූපයක් ඉසිලීය. මාලදිවයිනේ විශාලම ස්ථූපය පැවතියේ මෙම දූපත් පොකුරේ ගැන් දූපතේ වන අතර, සුල්තාන් වරයා ගේ අනින් එය විනාශ කිරීමට පැමිණි මුස්ලිම් වරුන්ට එරෙහිව භික්ෂූන් වහන්සේලා (සඟුමනුන්) ආයුධ සන්නද්ධව සටන් වැදුනහ. සටනින් පැරදුනු උන්වහන්සේලා, සහ එම දූපත් පොකුරේම ඉස්දූ සහ දබිඳු දූපත් වල පිහිටි පන්සල් වල වැඩ හුන් භික්ෂූන් වහන්සේලා මාලේ කරා ගෙන ගොස් හිස් ගසා දමන ලදී. ස්තූපයන්ගේ චත්‍රාවලි (සතිහිරුතළු) කඩා දැමුණු අතර, බුදු පිළිම සහ ධර්මය අඩංගු පුස්කොල පොත් සම්පූර්ණයෙන්ම විනාශ කර දමන ලදී. දබිඳු දූපතින් හමුවූ "ලොමාෆානු" ලෙස දිවෙහි බසින් හැඳින්වෙන තඹ පත්ඉරු වල ලියවුනු ලියවිල්ලක මෙම විස්තර සඳහන් වේ.
 
මාලදිවයින් ඉතිහාසය පුරාවටම අරාබි මුහුදේ, බෙන්ගාල බොක්කේ, දකුණු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සිට පැමිණි වෙළඳුන් මාලදිවයින් වාසීන් සමඟ වෙළඳ ගනු දෙනු කළහ. මාලදිවයින් සංස්කෘතියට මොවුන්ගෙන් විශාල බලපෑමක් ඇති වෙන ලදී. පුරාන මාලදිවයින් වැසියන්ගේ ප්‍රධාන වෙළඳ භාණ්ඩය වූයේ "කව්රි" (චොව්ර්ය්) ලෙස හැඳින්වුණු මුහුදු බෙල්ලන් විශේෂයකි. මෙම බෙල්ලන් අප්‍රිකාවේ, අරාබියේ සහ ඉන්දියාවේ මුදල් වශයෙන් භාවිතා කරන ලදී. මාලදිවයින් වාසීහු මෙම බෙල්ලන් මුහුදේ පාවෙන ලෙස සකස් කල පොල් අතු මත වගා කළහ. බස්රා නගරයේ සිට ශ්‍රී ලංකාවට සහ අග්නිදිග ආසියාවට යාත්‍රා කල අරාබි වෙළඳුන් ගේ පළමු නැවතුම වූයේ මාලදිවයිනයි. මාලදිවයිනේ නැංගුරම් ලෑ නැව් වතුර සහ අලුත් පලතුරු ලබා ගත්හ. ඊට අමතරව කළු බෝනිටෝ නම් බල වර්ගයට අයත් මාළුවන්ගේ දුම් ගසන ලද රත් පැහැ මස ද මෙම වෙළඳුන්ගේ ප්‍රධාන වෙළඳ භාණ්ඩයක් විය. මෙය විශේෂයෙන් සින්ද්, චීනය සහ යේමනයට අපනයනය කරන ලදී. මාලදිවයින් වාසීහු කර්මාන්ත ලෙස පිත්තල භාණ්ඩ සහ අනගි කපු රෙදි වලින් කල සරම් සහ ජටා නිපදවූහ. මෙම කර්මාන්තයන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්වන ලද්දේ පිටරටිනි. මාලදිවයිනේ තවත් ප්‍රධාන වෙළඳ භාණ්ඩයක් වූයේ පොල්කෙඳි යි. වලවල් වල දමා පල් කොට, තලා ගත් පොල් ලෙලි වලින් ගන්නා කෙඳි අඹරා සකස් කල කඹ මුහුදු වතුරට ඔරොත්තු දීමේ ගුණය අතින් ඉහල තත්වයක් ඉසිලීය. ඉන්දියානු සාගරයේ යාත්‍රා කල කුඩා රුවල් ඔරු සෑදීම සඳහා මෙම පොල් කෙඳි කඹ සින්ද්, චීනය, යේමනය සහ පර්සියානු බොක්ක අවට රටවල් වලට අපනයනය කරන ලදී.ඉබ්න් ibn බතූතබතූතා සටහන් කොට ඇති ආකාරයට මෙම කඹ යොදා සකස් කල ඔරු ගල්පර වල ගැටීම් වලට ඉතා හොඳින් ඔරොත්තු දෙන ලදී. කොරල් පර ගහන ඉන්දියානු සාගරයේ යාත්‍රා කල ඔරු වලට මෙය මහගු වාසියක් විය.
 
මාලදිවයින් වැසියන් කාරුණික, ශීලාචාර සහ ආගන්තුක සත්කාරයේ ලැදි මිනිසුන් ලෙස විස්තර කර තිබේ.
"https://si.wikipedia.org/wiki/මාලදිවයින" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි