"මාලදිවයින" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
112 පේළිය:
 
මේ සමයේ මාලදිවයිනේ එක් එක් දූපත් පොකුර ස්වාධීන පාලකයකු යටතේ පාලනය විය. මධ්‍යගත පාලකයකු නොවූ අතර මෙම ස්වාධීන පාලකයන් "රදුන්" යන නමින් හැඳින්විණි.
 
[[File:gan L03s1.jpg|thumb|left| මාලදිවයිනේ හද්දුන්මාති දූපත් පොකුරේ, ගැන් දූපතේ, කුරුහින්න හි තිබූ බෞද්ධ ස්ථූපය. මෙය මාලදිවයිනේ තිබූ විශාලම සහ අවසාන බෞද්ධ ස්ථූපය විය. වර්තමාන විශ්වාසයන්ට පටහැනි ලෙස ජන කතාවන් හි සඳහන් වන්නේ ස්ථූපය විනාශ කිරීමේදී එය භාරව සිටි භික්ෂූන් වහන්සේලා ඊට දැඩි විරෝධයක් එල්ල කල බවයි. උන්වහසේලා ස්ථූපය විනාශකිරීමට පැමිණියවුන් සමඟ ආයුධ සන්නද්ධව සටන් කළහ.]]
 
අශෝක අධිරාජ්‍යයා ගේ ධර්ම ප්‍රචාරණ සමයේදී (ක්‍රි.පූ. 300 දී පමණ) බුදු දහම මාලදිවයිනට පැමිණියේය. ඉන්පසු 12 වන සියවස තෙක්ම මාලදිවයිනේ ප්‍රධාන ආගම වූයේ බුදු දහමයි. මාලදිවයිනේ රජවරු බුදු දහමට අනුග්‍රහ දක්වූ අතර, මාලදිවයිනේ පළමු ලේඛන සහ කලාකෘති, පිළිම සහ ගෘහනිර්මාණ හමු වන්නේ මෙම යුගයෙනි.
Line 133 ⟶ 131:
1141 දී කොයිමාල රජු ගේ බෑනා වූ දොවෙමි කලමින්ජා ඔහුගෙන් පසු රජකමට පැමිණියේය. මාලදිවයිනට ඉස්ලාමය පැමිණෙන්නේ මෙම රජු ගේ සමයේදීය.
 
මාලදිවයිනේ පුරාවෘතයකට අනුව මෙකල රන්නමාරි නම් මුහුදු රකුසෙකුගේ බලපෑම මාලේ ජනයා වෙත එල්ලවී තිබිණි. රකුසා සඳහා බිලි පූජාවක් වශයෙන් සෑම මසකම පළමු දින රාත්‍රියේ කන්‍යාවක් මාලේ හි නැගෙනහිර වෙරළේ තිබූ හුදෙකලා පන්සලක රඳවා තබන ලදී. පසුදා උදෑසන එහි යන ඇයගේ දෙමාපියන්ට දක්නට ලැබුනේ ඇගේ මලකඳයි. මෙසේ රකුසාගේ බලපෑමෙන් පීඩා විඳි මාලේ වැසියන්ට පිහිට වීම සඳහා පර්සියානු ජාතික මුස්ලිම් සංචාරකයෙක් වූ අබු අල් බරකත් ඉදිරිපත් විය. එක් මසෙක කන්‍යාවක් වෙනුවට පන්සලේ රැය ගත කිරීමට ඉදිරිපත් වූ පර්සියානුවාඔහු රකුසා පැමිණිවිට කුරාන පාඨයන් කියවා රකුසා පලවා හැරියේය. මින් පැහැදීමට පත් දොවෙමි කලමින්ජා රජු මුහම්මද් ඉබ්න් අබ්දුල්ලා නමින් ඉස්ලාමය වැළඳගත් අතර, මාලදිවයින් වාසීන් ද ක්‍රමයෙන් ඉස්ලාමය වැළඳ ගත්හ. ඉබ්න් බතූතා ගේ සටහන් වල මෙම පුරාවෘතය සඳහන් කර තිබේ. ඉබ්න් බතූතා ට අනුව මෙම මුස්ලිම් වරයා බර්බර් ජාතිකයෙක් වූ අබු අල් බරකත් ය. නමුත් මාලදිවයින් ලේඛනයන්ට අනුව ඔහු තබ්රිස් නගරයෙන් පැමිණි පර්සියානු ජාතිකයෙක් වූ යුසුෆ් තබ්රිසි වේ.
 
[[File:gan L03s1.jpg|thumb|left| මාලදිවයිනේ හද්දුන්මාති දූපත් පොකුරේ, ගැන් දූපතේ, කුරුහින්න හි තිබූ බෞද්ධ ස්ථූපය. මෙය මාලදිවයිනේ තිබූ විශාලම සහ අවසාන බෞද්ධ ස්ථූපය විය. වර්තමාන විශ්වාසයන්ට පටහැනි ලෙස ජන කතාවන් හි සඳහන් වන්නේ ස්ථූපය විනාශ කිරීමේදී එය භාරව සිටි භික්ෂූන් වහන්සේලා ඊට දැඩි විරෝධයක් එල්ල කල බවයි. උන්වහසේලා ස්ථූපය විනාශකිරීමට පැමිණියවුන් සමඟ ආයුධ සන්නද්ධව සටන් කළහ.]]
 
1153 දී සිදු වූ මෙම පෙරලිය මාලදිවයින් ඉතිහාසයේ දෙවැනි ප්‍රධාන සන්දිස්ථානයයි. බෞද්ධ සංස්කෘතිය ක්‍රමයෙන් අභාවයට ගිය අතර මුස්ලිම් සංස්කෘතිය මාලදිවයිනේ මුල්බැස ගත්තේය. මෙතෙක් රදුන් ලෙස හැඳින්වූ පාලකයා මෙතැන් සිට සුල්තාන් ලෙස හැඳින්විණි. ඉස්ලාම් භක්තික අරාබි වෙළඳුන් සමග සිදු වූ වෙළදාමේ වර්ධනය මාලදිවයින් වාසීන් ඉස්ලාමයට නැඹුරු කිරීමට හේතු වන්නට ඇතැයි සිතිය හැක. කෙසේ නමුත් මුස්ලිම් සංස්කෘතිය මාලදිවයිනේ පැලපදියම් වීමට තවත් දිගු කලක් ගත විය. අවුරුදු දෙසීයකට පමණ පසුවත් මාලදිවයිනේ පැරණි සංස්කෘතියේ අංග ඉතිරිව තිබූ බව 1330 දී පමණ මාලදිවයිනට පැමිණි ඉබ්න් බතූතා මාලදිවයිනේ සමහර දූපත් වල කාන්තාවන් උඩු කය නිරුවත්ව සිටි බව සඳහන් කර තිබීමෙන් පැහැදිලි වේ.
"https://si.wikipedia.org/wiki/මාලදිවයින" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි