"මාලදිවයින" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
104 පේළිය:
 
අග්නිදිග ආසියාවේ සිට පැමිණි ජනපදිකයන් ගැන ද සුළු සාක්ෂි හමුවේ. සමහර විට මොවුන් අග්නිදිග ආසියාවේ සිට පන් බෝට්ටු වලින් පැමිණ මැඩගස්කරය ජනාවාස කල ඔස්ට්‍රොනීශියානුවන් පිරිසකගෙන් වෙන්වී ගිය කණ්ඩායමක් විය හැක. අරාබි ජාතික පදිංචිකරුවන් පිළිබඳවද විශේෂයෙන්ම දකුණු දිග දූපත් වලින් සාක්ෂි හමුවන අතර මොවුන් ඉස්ලාම් යුගයේ දී අරාබියෙන් පැමිණි වෙළෙන්දන් විය හැක.
 
අතීත මාලදිවයින් වැසියෝ හින්දු ආගමේ පැරණි ආකාරයක් වූ ඇදහීම් වල නිරත වූහ. විශේෂයෙන්ම සුර්ය වන්දනාව ඔවුන් අතර ප්‍රචලිත විය. පැරණි මාලදිවයින් රජවරු සූර්ය වංශිකයෝ වූහ.
 
මාලදිවයිනේ ලිඛිත ඉතිහාසය ආරම්භ වන්නේ ශ්‍රී ලංකාවේ සිට සිංහල ජනතාව ගේ පැමිණීමත් සමඟය. සිංහලයන්ගේ පැරණි වංශකතාවක් වන මහාවංශයට අනුව, සිංහලයන් පැවත එන්නේ ඊශානදිග ඉන්දියාවේ (වර්තමාන බෙංගාලය) සිට පැමිණි (සමහරු විජය පැමිණියේ ඊශානදිග ඉන්දියාවෙන් නොව වයඹදිග ඉන්දියාවේ (වර්තමාන ගුජරාටය) සිට බව පෙන්වාදෙති) රජ කුමරෙක් වූ විජය සහ ඔහුගේ පිරිසෙනි. ඔවුහු ක්‍රි.පූ.543 දී පමණ ලංකාවට ගොඩබටහ. මහාවංශයට අනුව මෙම කණ්ඩායමේ එක නැවක් පිරිසෙන් මග හැරී ගොස් මහිලාදිව නම් දූපතකට පැමිණෙන ලදී. මෙම මහිලදිව දූපත, මාලදිවයින බව සමහරු විශ්වාස කරති. මහාවංශයට අනුව විජය ගේ පැමිණීම සිදුවන විටත් මහිලදිව වැසියෝ ලංකාව සමග ගනු දෙනු කළහ.
 
වංශකතාවන් ගේ සත්‍යතාවය කුමක් වෙතත්, ක්‍රි.පූ.500 දී හෝ ඊට ආසන්න වකවානුවකදී සිංහලයන් මාලදිවයින ජනාවාස කිරීම ඇරඹු බව පෙනේ. සිංහලයන්ගේ පැමිණීමත් සමඟම මාලදිවයිනේ ජන සංයුතියේ සහ සංස්කෘතියේ විශාල වෙනසක් ඇති විය. විශේෂයෙන්ම ඉන්දු-ආර්ය භාෂාවක් වන දිවෙහි බස මාලදිවයිනේ පැතිර යන්නේ සිංහලයන්ගේ පැමිණීමත් සමඟය. දිවෙහි බස සහ සිංහල බස අතර දැඩි සමානකමක් අද ද දැකිය හැක. විශේෂයෙන්ම පාලි ආභාෂය ලබා වෙනස් වීමට පෙර යුගයේ සිංහල බස, දිවෙහි බසට බොහෝ දුරට සමාන විය.
 
මේ සමයේ මාලදිවයිනේ එක් එක් දූපත් පොකුර ස්වාධීන පාලකයකු යටතේ පාලනය විය. මධ්‍යගත පාලකයකු නොවූ අතර මෙම ස්වාධීන පාලකයන් "රදුන්" යන නමින් හැඳින්විණි.
 
[[File:gan L03s1.jpg|thumb|left| මාලදිවයිනේ හද්දුන්මාති දූපත් පොකුරේ, ගැන් දූපතේ, කුරුහින්න හි තිබූ බෞද්ධ ස්ථූපය. මෙය මාලදිවයිනේ තිබූ විශාලම සහ අවසාන බෞද්ධ ස්ථූපය විය. වර්තමාන විශ්වාසයන්ට පටහැනි ලෙස ජන කතාවන් හි සඳහන් වන්නේ ස්ථූපය විනාශ කිරීමේදී එය භාරව සිටි භික්ෂූන් වහන්සේලා ඊට දැඩි විරෝධයක් එල්ල කල බවයි. උන්වහසේලා ස්ථූපය විනාශකිරීමට පැමිණියවුන් සමඟ ආයුධ සන්නද්ධව සටන් කළහ.]]
 
අශෝක අධිරාජ්‍යයා ගේ ධර්ම ප්‍රචාරණ සමයේදී (ක්‍රි.පූ. 300 දී පමණ) බුදු දහම මාලදිවයිනට පැමිණියේය. ඉන්පසු 12 වන සියවස තෙක්ම මාලදිවයිනේ ප්‍රධාන ආගම වූයේ බුදු දහමයි. මාලදිවයිනේ රජවරු බුදු දහමට අනුග්‍රහ දක්වූ අතර, මාලදිවයිනේ පළමු ලේඛන සහ කලාකෘති, පිළිම සහ ගෘහනිර්මාණ හමු වන්නේ මෙම යුගයෙනි.
ග්‍රීක ඉතිහාසඥ ෆිලොස්ටෝගියස් "දිව" නම් දූපතකින් පැමිණ, රෝම වරුන්ගේ අත්අඩංගුවට පත් පුද්ගලයෙක් ගැන සඳහන් කරයි. මෙම "දිව" මාලදිවයින විය හැක. මොහු තියෝෆිලස් ලෙස බෞතීස්ම ලද අතර ක්‍රි.ව.350 දී පමණ හිම්යාර් (වර්තමාන යේමනය) රාජ්‍යයේ ධර්ම ප්‍රචාරය සඳහා පිටත් කර හරින ලදී. තියෝෆිලස් අරාබියේ සිට තම රට බලා ගිය බව සඳහන් ය. ඔහු තම රට සිට නැවත අරාබියට පැමිණි බවත්, ඇක්සම් (වර්තමාන ඉතියෝපියාව) නගරයට පැමිණි බවත්, අවසානයේදී ඇන්ටියොක් (වර්තමාන තුර්කිය) නගරයේ පදිංචි වූ බවත් සඳහන් ය.
 
මාලදිවයිනේ බෞද්ධ ඉතිහාසය ගැන පළමු වරට විධිමත් අධ්‍යනයක් කරන ලද්දේ එවකට ලංකාවේ සේවය කල බ්‍රිතාන්‍ය සිවිල් නිලධාරියකු වූ H.C.P. බෙල් මහතා විසිනි. 1879 දී ඔහු gaman කල නැව මාලදිවයින අවට මුහුදේදී අනතුරට පත් වීමෙන් පසු ඔහු මාලදිවයිනට ගොඩ බැස්සේය. එහිදී බෞද්ධ නටබුන් පිලිබඳ දැනගත් ඔහු කීප වරක්ම ඒ පිලිබඳ අධ්‍යනය කිරීමට මාලදිවයිනට පැමිණියේය. මාලදිවයින් වාසීන් විසින් හවිත්තා සහ උස්තුබු (මෙම වදන් "චෛත්‍යය" සහ "ස්ථූපය" යන වචන වලින් බිඳී ආ වදන් වේ) ලෙස හැඳින්වූ පුරාන බෞද්ධ ස්ථූපයන්හි නටබුන් ඔහුගේ විශේෂ අවධානයට ලක් විය. බෙල් මහතා පුරාන මාලදිවයින් වාසීන් ථෙරවාදී බුදුදහම ඇදහූ බවට නිගමනය කලත්, අද මාලේ කෞතුකාගාරයේ ඇති නටබුන් පිරික්සීමේදී පෙනී යන්නේ ඒවායින් බොහොමයක් මහායාන සහ වජ්‍රායාන සම්ප්‍රදායට අයත් බවයි.
 
ග්‍රීක ඉතිහාසඥ ෆිලොස්ටෝගියස් "දිව" නම් දූපතකින් පැමිණ, රෝම වරුන්ගේ අත්අඩංගුවට පත් පුද්ගලයෙක් ගැන සඳහන් කරයි. මෙම "දිව" මාලදිවයින විය හැක. මොහු තියෝෆිලස් ලෙස බෞතීස්ම ලද අතර ක්‍රි.ව.350 දී පමණ හිම්යාර් (වර්තමාන යේමනය) රාජ්‍යයේ ධර්ම ප්‍රචාරය සඳහා පිටත් කර හරින ලදී. තියෝෆිලස් අරාබියේ සිට තම රට බලා ගිය බව සඳහන් ය. ඔහු තම රට සිට නැවත අරාබියට පැමිණි බවත්, ඇක්සම් (වර්තමාන ඉතියෝපියාව) නගරයට පැමිණි බවත්, අවසානයේදී ඇන්ටියොක් (වර්තමාන තුර්කිය) නගරයේ පදිංචි වූ බවත් සඳහන් ය.
 
11 වන සියවසේ මුල භාගයේදී මිනිකොයි දූපත් සහ තිලදුන්මති දූපත් පොකුර ඇතුළු මාලදිවයිනේ උතුරු දූපත් දකුණු ඉන්දියානු දෙමල රජෙක් වූ පළමුවන රාජරාජ රජු විසින් චෝල අධිරාජ්‍යයට ඈඳා ගන්නා ලදී.
 
මාලේ සහ අවට දූපත් මේ වනවිට පාලනය කරන ලද්දේ ආදීත්ත නමින් හැඳින්වුණු සූර්යවංශික රජ පරපුරකි. අරාබි ජාතිකයන් ද ඇතුළු විදේශික සංචාරකයින් මෙම ආදීත්ත රජුන් පිලිබඳ සඳහන් කර ඇත. මුහම්මද් අල්-ඉද්රිසි ගෙසටහන් වලට අනුව ආදීත්ත වංශික දමහාර් නම් රැජිනක් මාලේ පාලනය කොට තිබේ. 12 වන සියවස මුල වනවිට උතුරු දූපත් වලින් එල්ලවුණු චෝල බලපෑම් හමුවේ ඔවුන්ගේ බලය බිඳී ගොස් අරාජික තත්වයක් උදා වී තිබිණි.
 
මාලදිවයින් වාසීන්ගේ පුරාවෘතයකට අනුව දොළොස්වන සියවසේ මුල දී කොයිමාල නම් හෝම නම් වූ චන්ද්‍රවංශික රජ පෙළපතකට අයත් කුමරෙක් ඔහුගේ කුමරිය සමඟ මාලදිවයිනට පැමිණියේය. ඔහු මුලින්ම ගොඩ බසින ලද්දේ උතුරු මාල්හොස්මදුලු දූපත් පොකුරට අයත් රස්ගතීමු දූපතටය (රස්ගතීමු යන්නෙහි දිවෙහි අරුත "රජතුමාගේ නගරය" යන්නයි). ඔහු ඉන්පසු දකුණට යාත්‍රා කොට මාලේ වෙත පැමිණියේය. මුලින්ම ඔහුගේ නැව දකින ලද්දේ ගිරාවුරු ජනයා විසිනි. ඔවුහු මාලේ දූපතේ කොයිමාල කලොවූ (කොයිමාල උතුමන්) සඳහා වාසස්ථානයක් ඉඳිකොට එය වාසයට සුදුසු වන පරිද්දෙන් ගස් වවා සකස් කළහ. පුරාවෘතයට අනුව එහි මුලින්ම පැලවෙන ලද්දේ පැපොල් ගසකි.
අතීත මාලදිවයින් වැසියෝ හින්දු ආගමේ පැරණි ආකාරයක් වූ ඇදහීම් වල නිරත වූහ. විශේෂයෙන්ම සුර්ය වන්දනාව ඔවුන් අතර ප්‍රචලිත විය. පැරණි මාලදිවයින් රජවරු සූර්ය වංශිකයෝ වූහ.
 
1117 දී කොයිමාල කුමරු කොයිමාල ශ්‍රී මහාබරණ නමින් මාලේ රජ බවට පැමිණියේය. ඔහු චෝල හමුදාවන්ට එරෙහිව සටන් කොට ඔවුන් පලවා හැර මාලදිවයිනේ වැඩි ප්‍රදේශයක (දූපත් පොකුරු 14) තම බලය පිහිටුවා ගත්තේය. මාලදිවයින එක්සේසත් කල මුල්ම රජු ලෙස සැලකෙන්නේ කොයිමාල යි. ඔහුගේ රජ පෙළපත "තීමුගේ" ලෙස හැඳින්වුණු අතර පසු කලෙක ඔවුන් ආදීත්ත පරපුර සමග විවාහ සම්බන්ධකම් පවත්වා පෙළපත් දෙක එකක් බවට පත්කළහ. 1968 වනතුරු මාලදිවයිනේ පාලකයා ගේ ගෞරව නාමයේ "කුල සුධ ඉර" හෙවත් "ඉර හඳ පෙළපතින් පැවත එන" යන යෙදුම ඇතුලත්ව තිබිණි.
අශෝක අධිරාජ්‍යයා ගේ ධර්ම ප්‍රචාරණ සමයේදී බුදු දහම මාලදිවයිනට පැමිණියේය. ඉන්පසු 12 වන සියවස තෙක්ම මාලදිවයිනේ ප්‍රධාන ආගම වූයේ බුදු දහමයි. මාලදිවයිනේ රජවරු බුදු දහමට අනුග්‍රහ දක්වූ අතර, මාලදිවයිනේ පළමු ලේඛන සහ කලාකෘති, පිළිම සහ ගෘහනිර්මාණ හමු වන්නේ මෙම යුගයෙනි.
 
බොහෝ දෙනා පිලි ගන්නේ කොයිමාල කුමරු ලංකාවෙන් පැමිණි සිංහල කුමරෙක් බවට නමුත්, සමහරු ඔහු දකුණු ඉන්දියාවෙන් හෝ කාලිංග රටෙන් පැමිණියෙකු බවට අදහස් පල කරති. ඔහුගේ රාජකීය අසුන හඳුන්වන "සින්ගාසන" යන පදය සිංහල රජුන්ගේ රාජකීය ආසනය හඳුන්වන "සිංහාසන" යන්නට සමාන වීම ඔහු ලංකාවෙන් පැමිණි බවට ප්‍රභල සාක්ෂියකි.
 
== ආශ්‍රිත ==
"https://si.wikipedia.org/wiki/මාලදිවයින" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි