"මාලදිවයින" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
84 පේළිය:
සමහරු දක්වන ආකාරයට මාලදිවයිනට එම නම ලැබුනේ "මාලද්වීප" යන සංස්කෘත යෙදුමෙනි. එහි අරුත "දූපත් වලින් සැදුනු මාලය" යන්නයි. මෙහි මලයාලම් පරිවර්තනය "මාලද්වීපු" (മാലദ്വീപ്) වන අතර දෙමල පරිවර්තනය "මාලෙයි තීවූ" (மாலைத்தீவு) වේ. නමුත් මෙම නම් කිසිවක් පුරාන ලේඛනයන් ගේ සඳහන් නොවන නමුත්, වේද යුගයට අයත් සංස්කෘත ලිපි වල "දූපත් ලක්ෂයක්" යන අරුත ඇති "ලක්ෂද්වීප" යන නම සඳහන් වේ. ලක්ෂද්වීප යන්න මාලදිවයින, ලක්කදිව්, අමිනිදිව්, මිනිකොයි සහ චාගොස් දූපත් සියල්ලම හඳුන්වන පොදු යෙදුමකි.
 
සිංහල බසින් "මාලදිවයින" යන වදනේ අරුත ද "දූපත් වලින් සැදුනු මාලය" යන්නයි. මෙය මාලදිවයින් දූපත් සමූහයේ හැඩය සමඟ හොඳින් ගැලපේ. මාල දිවයින මුලින් ම ජනාවාස කල කණ්ඩායම් බොහොමයක් පැමිණයේ [[ශ්‍රී ලංකාව|ලංකාවෙන්]] වීමද සැලකිල්ලට ගත යුතු කරුණකි.
 
දෙවන සියවසේ ලියවුනු ශ්‍රී ලංකාවේ වංශකතාවක් වන මහාවංශයේ "මහිලා දිව" ලෙසින් පාලි බසින් හඳුන්වා ඇති දූපතක් ගැන සඳහන් වන අතර එය "කාන්තාවන්ගේ දූපත්" යන අරුත ගෙන දේ. සමහර විට මෙය සංස්කෘත යෙදුමක දූෂ්‍ය වූ ආකාරයක් වීමට ඉඩ ඇත.
"https://si.wikipedia.org/wiki/මාලදිවයින" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි