"මාලදිවයින" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
104 පේළිය:
අග්නිදිග ආසියාවේ සිට පැමිණි ජනපදිකයන් ගැන ද සුළු සාක්ෂි හමුවේ. සමහර විට මොවුන් අග්නිදිග ආසියාවේ සිට පන් බෝට්ටු වලින් පැමිණ මැඩගස්කරය ජනාවාස කල ඔස්ට්‍රොනීශියානුවන් පිරිසකගෙන් වෙන්වී ගිය කණ්ඩායමක් විය හැක. අරාබි ජාතික පදිංචිකරුවන් පිළිබඳවද විශේෂයෙන්ම දකුණු දිග දූපත් වලින් සාක්ෂි හමුවන අතර මොවුන් ඉස්ලාම් යුගයේ දී අරාබියෙන් පැමිණි වෙළෙන්දන් විය හැක.
මාලදිවයිනේ ලිඛිත ඉතිහාසය ආරම්භ වන්නේ ශ්‍රී ලංකාවේ සිට සිංහල ජනතාව ගේ පැමිණීමත් සමඟය. සිංහලයන්ගේ පැරණි වංශකතාවක් වන මහාවංශයට අනුව, සිංහලයන් පැවත එන්නේ ඊශානදිග ඉන්දියාවේ (වර්තමාන බෙංගාලය) සිට පැමිණි (සමහරු විජය පැමිණියේ ඊශානදිග ඉන්දියාවෙන් නොව වයඹදිග ඉන්දියාවේ (වර්තමාන ගුජරාටය) සිට බව පෙන්වාදෙති) රජ කුමරෙක් වූ විජය සහ ඔහුගේ පිරිසෙනි. ඔවුහු ක්‍රි.පූ.543 දී පමණ ලංකාවට ගොඩබටහ. මහාවංශයට අනුව මෙම කණ්ඩායමේ එක නැවක් පිරිසෙන් මග හැරී ගොස් මහිලාදිව නම් දූපතකට පැමිණෙන ලදී. මෙම මහිලදිව දූපත, මාලදිවයින බව සමහරු විශ්වාස කරති. මහාවංශයට අනුව විජය ගේ පැමිණීම සිදුවන විටත් මහිලදිව වැසියෝ ලංකාව සමග ගනු දෙනු කළහ.
වංශකතාවන් ගේ සත්‍යතාවය කුමක් වෙතත්, ක්‍රි.පූ.500 දී හෝ ඊට ආසන්න වකවානුවකදී සිංහලයන් මාලදිවයින ජනාවාස කිරීම ඇරඹු බව පෙනේ. සිංහලයන්ගේ පැමිණීමත් සමඟම මාලදිවයිනේ ජන සංයුතියේ සහ සංස්කෘතියේ විශාල වෙනසක් ඇති විය. විශේෂයෙන්ම ඉන්දු-ආර්ය භාෂාවක් වන දිවෙහි බස මාලදිවයිනේ පැතිර යන්නේ සිංහලයන්ගේ පැමිණීමත් සමඟය. දිවෙහි බස සහ සිංහල බස අතර දැඩි සමානකමක් අද ද දැකිය හැක. විශේෂයෙන්ම පාලි ආභාෂය ලබා වෙනස් වීමට පෙර යුගයේ සිංහල බස, දිවෙහි බසට බොහෝ දුරට සමාන විය.
[[File:gan L03s1.jpg|thumb|left| මාලදිවයිනේ හද්දුන්මාති දූපත් පොකුරේ, ගැන් දූපතේ, කුරුහින්න හි තිබූ බෞද්ධ ස්ථූපය. මෙය මාලදිවයිනේ තිබූ විශාලම සහ අවසාන බෞද්ධ ස්ථූපය විය. වර්තමාන විශ්වාසයන්ට පටහැනි ලෙස ජන කතාවන් හි සඳහන් වන්නේ ස්ථූපය විනාශ කිරීමේදී එය භාරව සිටි භික්ෂූන් වහන්සේලා ඊට දැඩි විරෝධයක් එල්ල කල බවයි. උන්වහසේලා ස්ථූපය විනාශකිරීමට පැමිණියවුන් සමඟ ආයුධ සන්නද්ධව සටන් කළහ.]]
== ආශ්රිත ==
{{ආශ්‍රලැයිස්තුව|colwidth=30em}}
|