"මාලදිවයින" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
97 පේළිය:
 
===ඈත අතීතය සහ ජනාවාස වීම ===
මාලදිවයිනේ භාෂාව, ජනකතා සහ සංස්කෘතික සම්ප්‍රදායන් අධ්‍යනය කිරීමේදී පෙනී යන්නේ එහි මුල්ම වැසියන් සංගම් යුගයේදී (ක්‍රි.පූ.300 - ක්‍රි.ව.300) කේරළයෙන් පැමිණි ද්‍රවිඩ ජාතිකයන් බවයි. මෙම කේරල වාසීන්ගෙන් පවත එන්නන් "ගිරාවුරු ජනතාව" ලෙස අදත් මාලදිවයිනේ වෙසෙති. මාලේ රාජධානිය ආරම්භ කිරීම පිලිබඳ මාලදිවයින් ජනකතා සහ පුරාවෘත වල මෙම අතීත ද්‍රවිඩ වාසීන් පිලිබඳ සඳහන් වේ. මාලදිවයින් සමාජයේ අදත් පැහැදිලි ද්‍රවිඩ ජන සම්භවයක සහ සංස්කෘතික සම්භවයක සලකුණු දැකිය හැක. විශේෂයෙන්ම දිවෙහි බසේ මලයාලම් (කේරලයේ භාෂාව) සලකුණු තවමත් දක්නට ලැබෙන අතර එය ස්ථාන නාමයන්හි සහ ඥාති නාමයන්හි පැහැදිලිව පෙනේ. මාලදිවයිනේ ජන කවි වල, ජන නැටුම් වල සහ ආගමික ඇදහිලි වල ද ද්‍රවිඩ බලපෑමක් දකින්නට හැක. අතීත මලයාලම් වරු ලක්කදිව් දූපත් ජනාවාස කල අතර මාලදිවයින ද එම ජනාවාසයන් ගේම දිගුවක් ලෙස ඔවුහු සැලකූහ.
 
මෙම මුල් පදිංචිකරුවන් ගෙන් පසු දකුණු ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ බටහිර වෙරළේ සිට පැමිණි ධීවරයන් ක්‍රමයෙන් මාලදිවයින ජනාවාස කළහ.
 
සමහර ඉතිහාසඥයන්ට අනුව ඉන්දු නිම්නයේ සිට පැමිණි සින්ධි වරු ද අතීතයේ මාලදිවයිනේ ජනාවාස පිහිටවූහ. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය සමයේ පටන් දෙබාල් (වර්තමාන කරච්චි නගරය අසල) හි සිට මුහුදු ගමන් පැවතුනු අතර පැරණි ජාතක කතා සහ පුරාන කතා වල මෙම මුහුදු වෙළඳාම පිලිබඳ සඳහන් වේ. මේ සම්බන්ධ වැඩි දුර සාක්ෂි ලෙස මාලදිවයිනේ සහ වයඹදිග ආසියාවේ බෝට්ටු තැනීමේ තාක්ෂණයේ සමානකම් සහ එකම ආකාරයේ රිදී කාසි භාවිතය දැක්විය හැක.
 
අග්නිදිග ආසියාවේ සිට පැමිණි ජනපදිකයන් ගැන ද සුළු සාක්ෂි හමුවේ. සමහර විට මොවුන් අග්නිදිග ආසියාවේ සිට පන් බෝට්ටු වලින් පැමිණ මැඩගස්කරය ජනාවාස කල ඔස්ට්‍රොනීශියානුවන් පිරිසකගෙන් වෙන්වී ගිය කණ්ඩායමක් විය හැක. අරාබි ජාතික පදිංචිකරුවන් පිළිබඳවද විශේෂයෙන්ම දකුණු දිග දූපත් වලින් සාක්ෂි හමුවන අතර මොවුන් ඉස්ලාම් යුගයේ දී අරාබියෙන් පැමිණි වෙළෙන්දන් විය හැක.
== ආශ්‍රිත ==
{{ආශ්‍රලැයිස්තුව|colwidth=30em}}
"https://si.wikipedia.org/wiki/මාලදිවයින" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි