"උපාදාන" හි සංශෝධන අතර වෙනස්කම්

සුළු
සංස්කරණ සාරාංශයක් නොමැත
සුළු
 
දීඝ නිකායේ මහානිදාන සූත්‍රය බුදුදහමේ වැදගත්ම සූත්‍රයක් ලෙස සැලකෙයි. එම සූත්‍රයෙහි බුදුන් වහන්සේ මෙසේ වදාරා ඇත. ‘ආනන්දය, එහෙයින් යම් මේ උපාදානයක් වේ ද, මෙයම භවයට හේතුව ය. මෙයම නිදානය ය, මෙයම සමුදය ය, මෙයම ප්‍රත්‍යය (තස්මාතිහානන්ද, එසෙව හෙතු, එතං නිදානං එස සමුදයො එස පච්චයො භවස්ස, යදිදං උපාදානං) මේ නිසා උපාදාන නැති කිරීමෙන්ම භව නිරෝධය කළ යුතු වෙයි. උපාදානය නැති කිරීමට නම් රූප තෘෂ්ණාව, ශබ්ද තෘෂ්ණාව, ගන්ධ තෘෂ්ණාව, රස තෘෂ්ණාව, ස්පර්ශ තෘෂ්ණාව හා ධර්ම තෘෂ්ණාව නැති කිරීම අවශ්‍ය ය. මෙසේ හේතුඵල න්‍යාය අනුව කල්පනා කිරීමේදී දුක නැති කිරීමේ ක්‍රමවේදය සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතු වෙයි.
 
මනෝ විද්‍යාත්මක විශ්ලේෂණයකින් ද භව සංකල්පය පිළිබඳ හැදෑරීමක් කළ හැකි ය. එනම් බුද්ධ දේශනාවල බොහෝ තැන්වල දක්නට ලැබෙන ‘එතං මෙ එසො හමස්මි එසො මෙ අත්තා’ යන ප්‍රකාශය අනුව සිතීමෙනි. මෙහි තේරුම වන්නේ මෙය මගේ ය. මේ මම වෙමි, මේ මගේ ආත්මය’ යන්න යි. මෙම පද පිළිවෙළ ත්‍රිපිටකයේ කිසිදු තැනක වෙනස් නොවෙයි. ඒ අනුව සත්වයකුගේ චින්තන රටාව තුළ මුලින්ම ඇතිවන්නේ මගේ යන සංකල්පනාව යි. උපාදානය යනු ද, මගේ් යන හැඟීමයි. තෘෂ්ණාව ඇති කවර කෙනකුට හෝ මගේ යන ආකල්පයෙන් බැහැර විය නො හැකි ය. මගේ අත, මගේ පය, මගේ් මුහුණ, මගේ බිරිය, මගේ පුතා, මගේ රැකියාව, මගේ තත්ත්වය, මගේ ගෞරවය යනාදී මෙම සංකල්ප, තෘෂ්ණාවේ ඵලය. මගේ යන සංකල්පය තහවුරු වූ තරමට ‘මම’ යන හැඟීම තීව්‍ර වේ. තවත් විධියකින් කිවහොත් මගේ යන හැඟීමෙන් දැඩිව අල්ලා ගත් දේ ශක්තිමත් ලෙස පවතින විට ‘මම’ වශයෙන් සමාජය ඉදිරියේ පෙනී සිටීමට උත්තේජනයක් ඇති වෙයි. මෙය තමා විසින්ම කරන ලද්දක් ලෙසයි බාලයා සිතන බවත්, එහෙයින්ම ඔහුගේ [[ඉච්ඡාව]] හා මානය වැඩෙන බවත් ධර්මයෙහි සඳහන් වේ. අනෙක් අතින් කෙනෙකුට මගේ යැයි ගතයුතු යමක් නැති කල්හි මම කුමට ද? යන හැඟීම උපදී. නිදසුනක් ලෙස සුනාමිය වැනි උපද්‍රවයක් හෝ නාය යාමක් සුළි සුළඟක් වැනි ස්වභාවික උපද්‍රවයක් නිසා ගේ දොර දූ දරු ආදී මගේ යැයි ගතයුතු වූ වස්තු අහිමි වූ පුද්ගලයකු ගැන සිතමු. එබඳු අත්දැකීමකට මුහුණ පෑ පුද්ගලයකුට මම යන හැඟීමෙහි සාරවත් බවක් නො පෙනෙයි. මම වශයෙන් ගත හැකි යමක් නැති බව වැටහෙයි. මේ පිළිබඳ ඉතා පැහැදිලි හා වටිනා විස්තරයක් මජ්ක්‍ධිම නිකායේ අලගද්දූපම සූත්‍රයෙහි දක්නා ලැබේ. එම සූත්‍රයෙහි බුදුන් වහන්සේ ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සයන් හා හිස අත් බැඳ හැඬීම් වැළපීම් ආදිය මගේ යැයි ගැනීම නිසා ඇතිවන බව වදාරති. එසේ නො වන උපාදානයක් ලෝකයෙහි ඇත්නම් එය ගැනීමට උපදෙස් දෙන උන්වහන්සේ, එනමුත් එබඳු උපාදානයක් ලෝකයෙහි විද්‍යමාන නොවන බව පෙන්වා දෙති. එබැවින් යමක් මගේ් යැයි ගැනීම උපාදානය ලෙසත් එයින් ශක්තිමත් වන මම යන හැඟීම භවය ලෙසත් අර්ථකථනය කළ හැකි ය. මම යන හැගීම තහවුරු වූ විට ආත්මීය වශයෙන් ගැනීමේ උත්තේජනය ඇති වෙයි. එබඳු තැනැත්තා භවයෙන් නිදහස් නොවෙයි. ‘දීඝරත්තං හෙතෙ භික්ඛවෙ අස්සුතවතො පුථුජ්ජනස්ස අජ්ෙක්‍ධාසිතං මමායිතං පරාමට්ඨං - එතං මම එසො හමස්මි එසො මෙ අත්තාති තස්මා
 
තත්‍රාස්සුතවා පුථුජ්ජනො නාලං නිබ්බින්දිතුං නාලං විරජ්ජිතුං නාලං විමුච්චිතුං’ යනුවෙන් අශ්‍රැතවත් පෘථග්ජනයා මෙය මගේය. මේ මම වෙමි, මේ මගේ ආත්මය යැයි බැසගන්නා ලද මමායනය කරන ලද පරාමර්ශනය කිරීමක් ඇති හෙයින් ඔහු සංස්කාර කෙරේ කළකිරීමට, එහි නො ඇලීමට හා ඉන් නිදහස් වීමට නුසුදුසු බව දක්වා ඇත. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ බුදු බව පසක් කිරීමත් සමගම වයස අවුරුදු තිස් පහේදී තමන් වහන්සේ ජාතිය, ජරාව, මරණය හා පුනර්භවය නැති කළ බව ප්‍රකාශ කළේ, මෙම මගේ් යන සංකල්පයත් මම යන හැඟීමත් දුරුකළ හෙයිනි. එහෙයින්ම උන්වහන්සේ ආත්මීය වශයෙන් ගත හැකි ස්වල්ප මාත්‍ර වූ ද දෙයක් ලෝකය තුළ විද්‍යමාන නො වන බවද වදාළහ. සාමාන්‍ය මිනිසෙක් තමා අවට දේ ආත්මීය වශයෙන් ග්‍රහණය කරන්නේ මම යන සංකල්පය ඔහු තුළ තහවුරු වී ඇති හෙයිනි.

සංස්කරණ

97

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/230370" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි